යුක්රේනයේ නව හමුදා ප්‍රධානියාගේ දෙමාපියන් තවමත් ජීවත් වන්නේ රුසියාවේ - රුසියානු ජන මාධ්‍ය
යුක්රේනයේ නව ප්‍රධාන අණ දෙන නිලධාරියා වන ඇලෙක්සැන්ඩර් සිරස්කිගේ දෙමාපියන් සහ සහෝදරයා රුසියාවේ ජීවත් වන බව රුසියානු පුවත් සේවා කිහිපයක්ම ඊයේ(09) වාර්තා කළේය.
පසුගිය 08 වනදා, ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ඔහුගේ ඉහළම හමුදා නිළධාරියා වන ජෙනරාල් වැලරි සලුෂ්නි වෙනුවට කර්නල් ජෙනරල් ඇලෙක්සැන්ඩර් සිරස්කි තෝරා ගත් බවයි.
රුසියාවට එරෙහිව යුක්‍රේනය දියත් කළ අසාර්ථක ප්‍රතිප්‍රහාරයෙන් මාස කිහිපයකට පසුව යුක්‍රේන යුධ පිටියේ පිරිහෙන තත්ත්වය මධ්‍යයේ යුක්‍රේන හමුදාවේ මෙම ප්‍රතිව්‍යුහයන් සිදු වීම විශේෂත්වයකි.
කර්නල් ජෙනරල් ඇලෙක්සැන්ඩර් සිරස්කි උපත ලබා ඇත්තේ රුසියාව සහ යුක්රේනය සෝවියට් සංගමයේ කොටස් ලෙස පැවැති සමයේ රුසියාවේ බටහිර ව්ලැඩිමීර් කළාපයේදී ය. ඔහුගේ සොහොයුරු ඔලෙග් තවමත් ප්‍රාන්ත අගනුවර පදිංචිව සිටින බව රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය අනාවරණය කළේය.
ඔලෙග් පුවත්පත් වාර්තාකරුවන්ට පැවසුවේ වසර ගණනාවක් තිස්සේ ඔහු තම සොහොයුරා සමඟ කතා කර නොමැති බවයි. "මම ඔහු සමඟ කතා කරන්නේ නැහැ. ඔහු කොහේ සිටින්නේදැයි මම දන්නෙත් නැහැ. ”ඔලෙග් ටාස් පුවත් සේවය වෙත පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් "මම මගේ සොහොදරයා ගැන කිසිවක් දන්නේ නැහැ. ඔහු යුක්රේනයට පදිංචියට ගොස් බොහෝ කාලයක් ගත වී තිබෙනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ඇලෙක්සැන්ඩර් සිරස්කිගේ සොහොයුරාගේ සහ දෙමාපියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනුව, ඔවුන් දෙවන ලෝක යුද්ධයේ රුසියාවේ ජයග්‍රහණය සැමරීමට නිතිපතා සහභාගී වන අතර අන්තර්ජාලයේ පලවන සමහර මොස්කව් ගැති ලිපි ලේඛන ඡායාරූප ආදියට සිය කැමත්ත පවා ප්‍රකාශ කර ඇත. සිරස්කිගේ මව විසින් ඇගේ කැමැත්ත ප්‍රකාශ කර ඇති සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වන පණිවිඩ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට නිරෝගී සුවය ලැබේවායැයි ප්‍රාර්ථනා කරන පණිවිඩ පවා ඇතුළත් වේ.
ඇලෙක්සැන්ඩර් සිරස්කි මොස්කව්හි හමුදා ඇකඩමියකින් උපාධිය ලබා 1991 දී යුක්රේනය නිදහස ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටියේය. ඔහු 2010 දශකයේ ඩොන්බාස් ප්‍රදේශයේ ඇතිවූ යුද්ධයට ක්‍රියාකාරීව සහභාගී විය. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට ට අනුව, ඇලෙක්සැන්ඩර් සිරස්කි 2022 වර්ෂයේදි රුසියාවට එරෙහිව කියෙව් හමුදා මෙහෙයවීම සඳහා මෙන්ම එම වසරේ අගභාගයේදී Kharkov හි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුක්‍රේන නිළධාරියෙකි.
ඇලෙක්සැන්ඩර් සිරස්කි ඔහුගේ පූර්වගාමියා වූ සලුෂ්නි හා සසඳන විට සාපේක්ෂ වශයෙන් පහල මට්ටමින් සමාජයට නිරාවරණය වී සිටීමට කටයුතු කර ඇත. නමුත් ජෙනරාල් වැලරි සලුෂ්නි නිරන්තරයෙන් දේශීය හා විදේශීය පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කළ අතර ගැටුම සම්බන්ධයෙන් පුවත් වලට ලිපි කිහිපයක්ම ලියනු ලැබීය.
https://www.rt.com/russia/592140-ukraines-top-general-brother/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..