රුසියාවේ ඊශ්‍රායල තානාපතිගේ 'ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි' ප්‍රකාශවලට එරෙහිව රුසියානු විදෙස් අමාත්‍යාංශය දෝස් මුරයක්
මොස්කව්හි ඊශ්‍රායල තානාපතිවරිය සමූලඝාතනය සහ ගාසා ගැටුම ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් හෙළා දකිමින් ඒවා “ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි” ප්‍රකාශ ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ(05) හඳුන්වනු ලැබීය.
පසුගිය 4 වනදා රුසියානු දිනපතා පුවත්පතක් වන කොමර්සන්ට් පුවත් පතෙහි ප්‍රකාශයට පත් කරන ලද රුසියාවේ ඊශ්‍රායල තානපති සිමෝනා හැල්පෙරින් මහත්මිය සමඟ කළ දැඩි මතභේදයට තුඩුදෙන සම්මුඛ සාකච්ඡාව “අපේ රටේ ඓතිහාසික යථාර්ථයන් සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයන්” විකෘති කිරීමක් ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් දෝෂදර්ශනයට ලක් කරන ලැබුවේය.
ජාත්‍යන්තර සමූලඝාතන අනුස්මරණ දිනය රුසියාවේ නිල රාජ්‍ය දින ලැයිස්තුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් හැල්පෙරින් රුසියාව විවේචනය කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇත්ත වශයෙන්ම, 2005 දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අනුස්මරණ දිනයක් පිහිටුවීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළ රටවල් අතර රුසියාව ද සිටින බව අමාත්‍යාංශය අවධාරණය කළේය. මීට අමතරව, සමූලඝාතන වින්දිතයන් අනුස්මරණය කිරීම සඳහා කැප වූ සමස්ත අනුස්මරණ සතියක් රට තුළ ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සමූල ඝාතනය "යුදෙව් ජනතාව පමණක්" ඉලක්ක කරගත් පෙර නොවූ විරූ සමූලඝාතන සිදුවීමක් ලෙස වර නැංවීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය හැල්පෙරින්ගේ අදහස් නිවේදනය මගින් විවේචනයට ලක් කරනු ලැබුවේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රඥප්ති කිහිපයක් ඇතුළුව මූලික ජාත්‍යන්තර ලේඛනවලට අනුව, සමූලඝාතනය සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීම නිවැරදි නොවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.
“සමූල ඝාතනය යනු නාසීන් විසින් විවිධ ජනවාර්ගික හා සමාජ කණ්ඩායම්වල නියෝජිතයින්ට හිංසා පීඩා කිරීම සහ සමූල ඝාතනය කිරීම බව නැවත වරක් අවධානය යොමු කිරීම වැදගත් වේ. සමූළ ඝාතනය සම්බන්ධයෙන් විග්‍රහ කරනු ලබන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවිධ ප්‍රඥාප්ති ඇතුළුව වෙනත් ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් ලිපි ලේඛන ලේඛනවල නිවැරදිව සටහන් වී ඇත්තේ එලෙසයි,” රුසියානු විදේශ අමාත්‍යාංශය සිය නිවේදනය මගින් අවධාරණය කළේය.
මේ අතර, මැද පෙරදිග කළාපයේ එනම් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම ලිහිල් කිරීමට මොස්කව් දරන ප්‍රයත්නයන් හැල්පෙරින් විසින් විවේචනයට ලක් කිරීම "ප්‍රහේලිකාවක්" ලෙස සලකන බව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ද පවසා සිටියෝය. රුසියාවේ ඊශ්‍රායල තානපතිවරිය පවසන ආකාරයට "මොස්කව් පරිපාලනය හමාස් සාමාජිකයින්ව, රතු පලස් එලා උනුසුම් ලෙස පිළිගෙන " හමාස් සාමාජිකයින්ට රුසියාව සත්කාරකත්වය ලබා දී ඇත.
“අපිට මේ තත්වය තේරුම් ගන්න බෑ. රුසියාව පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන බවයි. නමුත් මිනිසුන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන මාස හතරක් මේ වන විටත් ඉක්ම ගොසින් තිබෙනවා." ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයා පුවත් පතට ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන්, මොස්කව් පලස්තීන සටන්කාමි කණ්ඩායමේ දේශපාලන අංශය සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින්නේ මන්දැයි වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා හිටපු ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් වෙත ළඟා වන ලෙස රුසියානු අමාත්‍යාංශය හැල්පෙරින්ට උපදෙස් දුන්නේය.
“ඊශ්‍රායල් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මාස දෙකකට ආසන්න කාලයක් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහල්භාවයේ තබා ගැනීම කෙබඳුද යන්න සහ ඔවුන් නිදහස් කිරීම හමාස් සමඟ අපගේ සම්බන්ධතා වටී ද යන්න පිළිබඳව පළමුවෙන් ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. තවමත් ගාසා තීරයේ රඳවා සිටින රුසියානු පුරවැසියන්ගේ ඥාතීන් සමඟ සබඳතා පැවැත්වීම නරක ක්‍රියාවක් නොවේ." යනුවෙන් පවසන රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් , හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් ජාතිකයන් තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින්නේ මන්දැයි හැල්පෙරින් ඇගේම රජය ප්‍රශ්න කළ යුතු බව ය.
https://www.rt.com/russia/591922-israeli-envoy-interview-response/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..