රුසියාවේ ඊශ්‍රායල තානාපතිගේ 'ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි' ප්‍රකාශවලට එරෙහිව රුසියානු විදෙස් අමාත්‍යාංශය දෝස් මුරයක්
මොස්කව්හි ඊශ්‍රායල තානාපතිවරිය සමූලඝාතනය සහ ගාසා ගැටුම ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් හෙළා දකිමින් ඒවා “ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි” ප්‍රකාශ ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ(05) හඳුන්වනු ලැබීය.
පසුගිය 4 වනදා රුසියානු දිනපතා පුවත්පතක් වන කොමර්සන්ට් පුවත් පතෙහි ප්‍රකාශයට පත් කරන ලද රුසියාවේ ඊශ්‍රායල තානපති සිමෝනා හැල්පෙරින් මහත්මිය සමඟ කළ දැඩි මතභේදයට තුඩුදෙන සම්මුඛ සාකච්ඡාව “අපේ රටේ ඓතිහාසික යථාර්ථයන් සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයන්” විකෘති කිරීමක් ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් දෝෂදර්ශනයට ලක් කරන ලැබුවේය.
ජාත්‍යන්තර සමූලඝාතන අනුස්මරණ දිනය රුසියාවේ නිල රාජ්‍ය දින ලැයිස්තුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් හැල්පෙරින් රුසියාව විවේචනය කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇත්ත වශයෙන්ම, 2005 දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අනුස්මරණ දිනයක් පිහිටුවීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළ රටවල් අතර රුසියාව ද සිටින බව අමාත්‍යාංශය අවධාරණය කළේය. මීට අමතරව, සමූලඝාතන වින්දිතයන් අනුස්මරණය කිරීම සඳහා කැප වූ සමස්ත අනුස්මරණ සතියක් රට තුළ ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සමූල ඝාතනය "යුදෙව් ජනතාව පමණක්" ඉලක්ක කරගත් පෙර නොවූ විරූ සමූලඝාතන සිදුවීමක් ලෙස වර නැංවීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය හැල්පෙරින්ගේ අදහස් නිවේදනය මගින් විවේචනයට ලක් කරනු ලැබුවේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රඥප්ති කිහිපයක් ඇතුළුව මූලික ජාත්‍යන්තර ලේඛනවලට අනුව, සමූලඝාතනය සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීම නිවැරදි නොවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.
“සමූල ඝාතනය යනු නාසීන් විසින් විවිධ ජනවාර්ගික හා සමාජ කණ්ඩායම්වල නියෝජිතයින්ට හිංසා පීඩා කිරීම සහ සමූල ඝාතනය කිරීම බව නැවත වරක් අවධානය යොමු කිරීම වැදගත් වේ. සමූළ ඝාතනය සම්බන්ධයෙන් විග්‍රහ කරනු ලබන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවිධ ප්‍රඥාප්ති ඇතුළුව වෙනත් ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් ලිපි ලේඛන ලේඛනවල නිවැරදිව සටහන් වී ඇත්තේ එලෙසයි,” රුසියානු විදේශ අමාත්‍යාංශය සිය නිවේදනය මගින් අවධාරණය කළේය.
මේ අතර, මැද පෙරදිග කළාපයේ එනම් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම ලිහිල් කිරීමට මොස්කව් දරන ප්‍රයත්නයන් හැල්පෙරින් විසින් විවේචනයට ලක් කිරීම "ප්‍රහේලිකාවක්" ලෙස සලකන බව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ද පවසා සිටියෝය. රුසියාවේ ඊශ්‍රායල තානපතිවරිය පවසන ආකාරයට "මොස්කව් පරිපාලනය හමාස් සාමාජිකයින්ව, රතු පලස් එලා උනුසුම් ලෙස පිළිගෙන " හමාස් සාමාජිකයින්ට රුසියාව සත්කාරකත්වය ලබා දී ඇත.
“අපිට මේ තත්වය තේරුම් ගන්න බෑ. රුසියාව පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන බවයි. නමුත් මිනිසුන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන මාස හතරක් මේ වන විටත් ඉක්ම ගොසින් තිබෙනවා." ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයා පුවත් පතට ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන්, මොස්කව් පලස්තීන සටන්කාමි කණ්ඩායමේ දේශපාලන අංශය සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින්නේ මන්දැයි වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා හිටපු ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් වෙත ළඟා වන ලෙස රුසියානු අමාත්‍යාංශය හැල්පෙරින්ට උපදෙස් දුන්නේය.
“ඊශ්‍රායල් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මාස දෙකකට ආසන්න කාලයක් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහල්භාවයේ තබා ගැනීම කෙබඳුද යන්න සහ ඔවුන් නිදහස් කිරීම හමාස් සමඟ අපගේ සම්බන්ධතා වටී ද යන්න පිළිබඳව පළමුවෙන් ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. තවමත් ගාසා තීරයේ රඳවා සිටින රුසියානු පුරවැසියන්ගේ ඥාතීන් සමඟ සබඳතා පැවැත්වීම නරක ක්‍රියාවක් නොවේ." යනුවෙන් පවසන රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් , හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් ජාතිකයන් තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින්නේ මන්දැයි හැල්පෙරින් ඇගේම රජය ප්‍රශ්න කළ යුතු බව ය.
https://www.rt.com/russia/591922-israeli-envoy-interview-response/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්