රුසියාවේ ලිසිචන්ස්ක් නගරයේ බේකරියකට යුක්රේනය එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 28ක් මරුට
රුසියාවේ ලුගන්ස්ක් මහජන ජනරජයේ (LPR) ලිසිචන්ස්ක් නගරයට එල්ල වූ යුක්රේන මිසයිල ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව කළාපයේ වැඩබලන ප්‍රධානියා සහ හදිසි සේවා අංශ ප්‍රකාශ කරයි.
පසුගිය 03 වනදා කාර්යබහුල වේලාවකාදී බේකරියකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ගොඩනැගිල්ල අර්ධ වශයෙන් විනාශ විය. රුසියාවේ විමර්ශන කමිටුවේ මූලාශ්‍ර මාධ්‍ය වෙත පැවසුවේ, බටහිර රටවල් විසින් කියෙව් වෙත සැපයූ ප්‍රතිපාදන මගින් මිළදී ගෙන තිබූ එක්සත් ජනපදයේ නිෂ්පාදිත HIMARS නැමැති බහු රොකට් දියත් කිරීමේ පද්ධතියක් භාවිතයෙන් බෝම්බ හෙලීම සිදු කර ඇති බවයි.
සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් දස දෙනෙකු බේරාගෙන ඇති අතර තුවාල ලබූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ලිසිචන්ස්ක් නගරයට එල්ල කළ "ම්ලේච්ඡ" යුක්රේන ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ලුගන්ස්ක් මහජන ජනරජය ඊයේ (4) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද වාර්තා වේ.
මේ අතර රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා මහත්මිය බෝම්බ ප්‍රහාරය සිදුවී සුළු මොහොතකට පසු ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ යුක්රේන හමුදා හිතාමතාම බේකරිය ප්‍රහාරක ඉලක්කයක් කර ගත් බවයි. “සෙනසුරාදා දිනවල ප්‍රදේශවාසීන් සාම්ප්‍රදායිකව පේස්ට්‍රි සහ සිල්ලර බඩු මිළදී ගැනීම සඳහා වැඩිහිටි පුද්ගලයින් දරුවන්ද සමඟ එහි පැමිණෙන බව හොඳින් දන්නා” බව අනාවරණය කළ අතර බෝම්බ හෙලීම යුක්රේනයේ තවත් "ත්‍රස්තවාදී ක්‍රියාවක්" බව අවධාරණය කළාය.
2022 සැප්තැම්බර් මාසය වන විට පුද්ගලයින් 93,000ක් පමණ වාසය කළ ලිසිචන්ස්ක් නගරය 2022 ජූලි මස මුලදී රුසියානු හමුදාව විසින් නිදහස් කරගන්න ලද නගරයකි. යුක්‍රේන රුසියා දේශසීමාව අසලම පිහිටි ලුගන්ස්ක් මහජන ජනරජයට අයත් ලිසිචන්ස්ක් නගරය යුක්රේන ෂෙල් වෙඩි සහ මිසයිලවල නිරන්තර ඉලක්කයක් වී ඇත. පසුගිය 03 වනදා එල්ල වූ ප්‍රහාරය මෙම නගරයට මෙතෙක් යුක්‍රේනය එල්ල කළ දරුණුම ප්‍රහාරය වන්නේය.
https://www.rt.com/russia/591815-lisichansk-lugansk-bakery-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්