News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේන යුද හමුදා සෙබළුන් 65 දෙනා මිය ගිය සිද්ධියේ සංක්ෂිප්ත විවරණය

Jan 25, 2024 at 10:53 AM
|

රුසියානු හමුදාවට අයත් IL-76 ප්‍රවාහන ගුවන් යානය යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 90ක් (සැතපුම් 55ක්) පමණ දුරින් පිහිටි බෙල්ගොරොඩ් ප්‍රදේශයට කඩා වැටුණේ රුසියානු හමුදා විසින් අත් අඩංගුවට ගත් යුක්රේන හමුදා නිලධාරීන් 65 දෙනෙකු රැගෙන යමින් සිටියදීය. කියෙව් හමුදා විසින් යානය වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශ කර ඇත.

සිදු වූ දේ සම්බන්ධයෙන් වන සංක්ෂිප්තය.

ගුවන් අනතුර

ඊයේ (2) මොස්කව් වේලාවෙන් 11:15 ට වාර්තා වූයේ, යුක්රේන යුද හමුදාවෙන් අත් අඩංගුවට ගත් භටයන් රැගත් IL-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේනයට යාබද බෙල්ගොරොඩ් කලාපයේ කොරොචාන්ස්කි දිස්ත්‍රික්කයේ යබ්ලොනොවෝ ගම්මානය අසල කෙතකට කඩා වැටී පුපුරා ගොස් ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ජංගම දුරකතන වලින් ලබාගත් වීඩියෝ  දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට සමහරු කටයුතු කර තිබුනහ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යානය චකලොව්ස්කි ගුවන් තොටුපලේ සිට බෙල්ගොරොඩ් දක්වා පියාසර කරමින් සිටි අතර කියෙව් පාලනය සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනකට අනුව යුක්‍රේන හමුදා නිළධාරින්  ප්‍රවාහනය කරමින් සිටියේය. යුද සිරකරුවන් හැරුණු විට කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ තවාත් පුද්ගලයින් තිදෙනෙකු ද විය.

බෙල්ගොරොඩ් කලාපයේ ආණ්ඩුකාර වියචෙස්ලාව් ග්ලැඩ්කොව් පවසන පරිදි අනතුරින් යානයේ සිටි සියලුම දෙනා මිය ගොස් තිබේ. කෙසේ වෙතත්, යානය කඩාවැටීමෙන් ගොඩනැගිලිවලට හෝ පුද්ගලයින්ට කිසිදු හානියක් සිදු නොවූ අතර,යානයට වෙඩි වැදුණු ස්ථානයේ සිට ළඟම ඇති ගම්මානයට කිලෝමීටර් පහක් හෝ හයක් පමණ ඈතින් යානය ගොඩ බැස්සවීමට ගුවන් නියමුවා කටයුතු කර ඇත.

රුසියානු නිලධාරීන්ට අනුව, සිද්ධිය වන විට අතිරේක යුක්රේන යුද හමුදා භටයින් 80 දෙනෙකු රැගත් තවත් ගුවන් යානයක් ද රුසියානු ගුවනේ තිබී  ඇත.රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩ්‍රෙය් ඛර්ටපොලොව් පවසන පරිදි පළමු ගුවන් යානය කඩා වැටීමෙන් පසු දෙවන ගුවන් යානය හරවා යැවීමට බලධාරින් කටයුතු කරන ලදී.

හේතුව කුමක්ද?

මෙම සිද්ධියෙන් පසුව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියෙව් හමුදාවන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් භාවිතා කරමින් යානය වෙඩි තබා බිම හෙළූ බවට චෝදනා කළේය. යුක්‍රේනයේ කාර්කොව් කලාපයේ ලිප්ට්සි ගම්මානයේ සිට යුක්රේන මිසයිල දෙකක් දියත් කිරීම රුසියාවේ අභ්‍යවකාශ බලකායේ රේඩාර් පද්ධතිය වාර්තා කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

යුක්රේන පාර්ශවයට ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට පෙර ගුවන් යානය පිළිබඳව දැනුම් දුන් බවත්, එය යුද සිරකරුවන් රැගෙන යන බව දැන සිටි බවත්, සිරකරුවන් හුවමාරුව කොලොටිලොව්කා මුරපොලේදී සවස් වරුවේ සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

යානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ යුක්රේන මාධ්‍ය වාර්තා 

කඩා වැටීමෙන් සුළු මොහොතකට පසු, යුක්රේන මාධ්‍ය ආයතනයක් වන Ukrainskaya Pravda පුවත් සේවය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, කියෙව් හමුදාව  විසින් යානය වෙඩි තබා බිම හෙළූ බවට තහවුරු කර ඇති බවත්, යානය S-300 මිසයිල රැගෙන යන බවට විශ්වාස කරන බවත් පවසා ඇති බවයි.

කෙසේ වෙතත්,එම වාර්තාව ප්‍රචාරය කිරීමෙන් සුළු මොහොතකට පසු, පුවත් සේවය වාර්තාව සංස්කරණය කරමින්, කියෙව් පාලනය විසින් ගුවන් අනතුර ගැන දැන සිටි බව තහවුරු කළ නමුත් එය යුක්‍රේන යුද හමුදා සිරකරුවන් බව තහවුරු කළ නොහැකි වූ බව පමණක් ප්‍රකාශ කළේය.

මේ අතර, රුසියාව සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ඇත්ත වශයෙන්ම ඊයේ(24) දිනට නියමිතව තිබූ බව කියෙව් ආන්ඩුවේ  මූලාශ්‍ර උපුටා දක්වන එක්සත් ජනපද රාජ්‍ය අරමුදල් සපයන රේඩියෝ ලිබර්ටි වැනි අනෙකුත් බටහිර මාධ්‍ය ආයතන තහවුරු කර ඇතත්, වැඩිදුර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලඛී ඇත.

කියෙව් හමුදාවේ බුද්ධි අංශ

යුක්රේන බුද්ධි සේවයේ නියෝජිතයෙකු වන Andrey Yusov ද  සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන්ක් 24 වනදාට යෙදී තිබූ බව තහවුරු කළේය.

මේ අතර, යුක්‍රේන යුද සිරකරුවන් සම්බන්ධ කරුණු සඳහා වන යුක්‍රේන සම්බන්ධීකරණ මූලස්ථානය සැලසුම් කර තිබූ සිර කරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහන තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් විග්‍රහ කිරීමෙන් වළකින ලෙස මාධ්‍ය සහ එහි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර, “අවශ්‍ය සියලු තොරතුරු රැස්කර විශ්ලේෂණය කරන” බව පමණක් ප්‍රකාශ කළේය. යුක්රේන සමාජය අස්ථාවර කිරීමේ අරමුණින් රුසියාව "ක්‍රියාකාරීව විශේෂ තොරතුරු මෙහෙයුම් ක්‍රියාත්මක කරන" බව ද එම ආයතනය අවධාරණය කරනු ලැබීය.

රුසියාවේ ප්‍රතිචාර

රුසියාවේ රාජ්‍ය ඩූමා ආරක්ෂක කමිටුවේ ප්‍රධානී ඇන්ඩ්‍රේ කාර්ටපොලොව් ප්‍රකාශ කළේ බටහිර රටවල නිෂ්පාදිත පේට්‍රියට් හෝ අයිරිස්-ටී ගුවන් ආරක්ෂක මිසයිල භාවිතයෙන් IL-76 වෙඩි තබා ඇති බවයි. කියෙව් සමඟ තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා නතර කිරීමට යෝජනා කර ඇති අතර යුක්රේනය නිල වශයෙන් ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙසත් එහි ආණ්ඩුව ත්‍රස්තවාදී ගුබ්බෑයක් ලෙස හංවඩු ගැසිය යුතු බව අවධාරණය කළේය.

රාජ්‍ය ඩූමා සභාපති වියචෙස්ලාව් වොලොඩින් රුසියානු නීති සම්පාදකයින්ගෙන් එක්සත් ජනපදයට හා ජර්මනියට විධිමත් ලෙස කරුණු දක්වාන ලෙස ඉල්ලා ඇති අතර, කියෙව්හි “නාසි පාලන තන්ත‍්‍රයට” සක්‍රීයව සහාය දීම නතර කරන ලෙසද ඉල්ලා ඇත.

මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මොස්කව් හමුදාවන්ට මඩ ගැසීමට උත්සාහ කරමින්, කියෙව් තම පුරවැසියන්ට එරෙහිව මෙම “ත්‍රස්තවාදී ක්‍රියාව” සිදු කිරීමෙන් නැවත වරක් “එහි සැබෑ ස්වරූපය” පෙන්වා ඇති බවයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, මෙම “නොසැලකිලිමත් ම්ලේච්ඡ” ක්‍රියාව කියෙව් සමඟ අනාගත ගිවිසුම්වලට එළඹීමේ හැකියාව ප්‍රශ්න කරන බවත්, යුක්රේන බලධාරීන් අවසානයේ ඔවුන් ලබා දෙන ඕනෑම සහතිකයක් කඩ කරන බවට “සැකයක් නැති” බවද අවධාරණය කර ඇත.

හිටපු රුසියානු ජනාධිපති සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ වත්මන් උප සභාපති දිමිත්‍රි මෙද්වදෙව් යෝජනා කර ඇත්තේ ඓළ්-76 බිම හෙලීම “කියෙව්හි නව-නාසි ප්‍රභූන්” අතර හට ගෙන ඇති අභ්‍යන්තර දේශපාලන කැලඹීමේ ප්‍රතිඵලයක් විය හැකි බවයි. යුක්රේන ආණ්ඩුව තම බලය සහ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම හමුදා සහ යුද හමුදා භටයින් ඝාතනය කිරීම සහ තමන්ගේම නගරවලට බෝම්බ හෙලීම දිගටම කරගෙන යන බැවින් "අනාගතයේදී එය වඩාත් නරක වනු ඇත" යනුවෙන් ඔහු අවධාරණය කළේය.

පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස

https://www.rt.com/russia/591220-russia-il76-crash-recap/

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.