යුක්රේන සිරකරුවන් රැගෙන ගිය රුසියානු යානයක් කඩා වැටෙයි... යානයේ සිටි සියලුදෙනා මියගිහින්
යුක්රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු ඊයේ(24) ප්‍රකාශ කළහ.
එම සිරකරුවන් රැගෙන ගිය ගුවන් යානයේ සිටි නව දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සහ සිරකරුවන් සියලු දෙනා අනතුරින් මිය ගිය බවයි රුසියානු බලධාරීහු පවසා ඇත්තේ.
යුක්රේනය සමග යුද සිරකරුවන් හුවමාරු කිරීම සඳහා මෙම සිරකරුවන් රැගෙන යමින් සිටි බවත් ගුවන් යානය පියාසර කරන මාර්ගය යුක්රේනය දැන සිටි බවත් ඇතැම් රුසියානු බලධාරීහු චෝදනා කරන අතර, යුක්රේන දේශසීමාවට ආසන්න වන විට ගුවන් යානා නාශක මිසයිල පද්ධතියකින් හෝ පේට්‍රියට් මිසයිල පද්ධතියකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මෙම ගුවන් යානය යුක්රේනය බිම හෙලූ බව ඇතැම් රුසියානු දේශපාලනඥයන් චෝදනා කර තිබිණි.
කෙසේ වෙතත් මෙම අනතුරට හේතු වූ සැබෑ කරුණු සොයා බැලීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇති බව ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්