නිවාස උණුසුම් කරගත නොහැකිව පසුගිය වසරේ බ්‍රිතාන්‍යයන් 5,000 කට ආසන්න ප්‍රමාණයක් සීතලෙන් මිය ගිහින්
පසුගිය ශීත සෘතුවේ දී එක්සත් රාජධානියේ 5,000 කට ආසන්න පිරිසක් ඉහළ යන බලශක්ති පිරිවැය දරාගත නොහැකිව සීත කාලගුඅණය නිස මිය ගොස් ඇති බව "End Fuel Poverty Coalition" හි නවතම වාර්තාව ප්‍රකාශ කරයි.
මෙම අතිරික්ත මරණ වැඩිවීම එක්සත් රාජධානියේ නිවාස වල තත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සහ බලශක්ති බිල්පත් පහත හෙලීමේ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය "End Fuel Poverty Coalition" අවධාරණය කරයි.
"End Fuel Poverty Coalition" සන්ධානයට ග්‍රීන්පීස්, ඩබ්ලිව්ඩබ්ලිව්එෆ්, ග්‍රීන් එලායන්ස්, සේව් ද චිල්ඩ්රන් සහ ඒජ් යූකේ යන සංවිධාන ඇතුළත් වේ.
මේ අතර, Warm This Winter ව්‍යාපාරය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ එක්සත් රාජධානියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරකට වඩා අඩු වූ විට ශීත කාලගුණය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යන බවයි.
"End Fuel Poverty Coalition" හි සම්බන්ධීකාරක සයිමන් ෆ්‍රැන්සිස්ට අනුව, එක්සත් රාජධානියේ වැඩිහිටියන් මිලියන 8.3ක් පමණ දුර්වල ලෙස පරිවරණය කළ, සීතල, තෙත් නිවාසවල ජීවත් වන අතර, උෂ්ණත්වය පහත වැටෙන විට, තත්වයන් අපහසුතාවයේ සිට “අන්ත භයානක තත්වය” දක්වා ගමන් කරයි.
“මහජනයා ජීවන අරගලය තුළ යෙදෙන අතර තුර ඇමතිවරු ඔවුන්ගේ දෑතේ එල්ලිලා ඉඳගෙන ජීවිතය සහ මරණය අහම්බයක් බවට පතකර දා තිබෙනවා. බලශක්ති බිල්පත් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට, නිවාස වලට පෙරගෙවුම් මීටර සවිකිරිමට බල කිරීම සඳහා උසාවි භාවිතා කිරීම නැවත ආරම්භ කිරීමට බලශක්ති සමාගම්වලට ඉඩ දී තිබෙනවා. මේ වන විට වඩාත්ම අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා බලශක්ති ගාස්තු ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.” ඔහු පසුගිය 18 වනදා යුරෝනිව්ස් වෙත අදහස් දක්වමින් පැවසීය.
මේ අතර, බලශක්ති බිල්පත් මේ වසරේ සහ ඉන් ඔබ්බට පූර්ව වසංගත කාලයේ තිබූ මට්ටම්වලට වඩා බොහෝ සෙයින් ඉහළ මට්ටමක පවතිනු ඇති අතර, ඒ හේතුවෙන් සීතල නිසා ඇතිවන සෞඛ්‍ය අන්තරායන් මාලාවක් මෙම ශීත ඍතුවේ පවතිනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවයි.
ඉහළ බලශක්ති ගාස්තු සමඟ පොරබදමින් සිටින කුටුම්භයන්ට උපකාර කිරීම සඳහා "අර්ථවත්" ක්‍රියාමාර්ගයක් නොමැතිකම සම්බන්ධයෙන් සන්ධානය බ්‍රිතාන්‍ය රජය විවේචනය කළේය.මෙම තත්වය සම්බන්ධ ප්‍රවීණයන් සඳහන් කළේ නිලධාරීන් “බලශක්ති සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට හෝ බිල්පත් අඩු කිරීමට කිසිවක් නොකර හාස්‍යජනක තෙල් සහ ගෑස් බලපත්‍ර පනතක් සමඟ දේශපාලනය කිරීමට කැමැත්තක් දක්වන” බවයි.
"උෂ්ණත්වය ජලය මිදෙන උෂ්නත්වයට වඩා බෙහෙවින් අඩු වන මොහොතක වැඩිහිටි පුද්ගලයින්ගේ සුබසාධනය සඳහා රජය දක්වන නොසැලකිලිමත්කම ගැන අපි ඉතා සැලකිලිමත් වෙමු." ජාතික විශ්‍රාමිකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් Jan Shortt පැවසීය.
බලශක්ති ණය ඇති පුද්ගලයන් සඳහා "ආපසු ගෙවීමට උපකාර" යෝජනා ක්‍රමයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීම සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා බලශක්ති බිල්පත් පහත හෙලීමේ අරමුණින් යෝජිත හදිසි බලශක්ති ගාස්තු ක්‍රියාත්මක කිරීමට ඇති අකමැත්ත සම්බන්ධයෙන් ද සභාග වාර්තාව එක්සත් රාජධානියේ ආණ්ඩුවට දොස් පවරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..