අපි ඉරානයට පහර දෙනවා - ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
ඊශ්‍රායලය දැනටමත් ඉරානයට සෘජු ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, ටෙහෙරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බවත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය සෘජුවම ඉරානයට පහර දෙනවාට වඩා ඉරාන හිතවාදී සංවිධාන වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ මන්දැයි ඊයේ(18) ටෙල් අවිව්හිදී වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නෙතන්යාහු මෙසේ පිළිතුරු දුන්නේය: “කවුද කියන්නේ අපි ඉරානයට පහර දෙන්නේ නැහැ කියලා? අපි ඉරානයට පහර දෙනවා.”
ගාසා තීරය අසල ඊශ්‍රායල ජාතිකයන් 1200ක් පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7 හමාස් ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීමට ඉරානය සම්බන්ධ වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට අනුව පලස්තීන ප්‍රදේශයට දැඩි හමුදා බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමෙන් ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර මේ වන විට ගාසා තිරයේ ජීවත්වූ 24,000 ක් පමණ මිය ගොස් ඇත. සටන්කාමී කණ්ඩායම තුරන් කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව බටහිර ජෙරුසලම පවසයි.
හමාස් සංවිධානයට “මුදල්, පුහුණුව සහ ආයුධ සහ තාක්‍ෂණික දැනුම” සහ බුද්ධි තොරතුරු ලබා දීමෙන් ආධාර කරන බවට ඊශ්‍රායලය මීට පෙර ඉරානයට විවෘතව චෝදනා කළේය.
“ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර පිටුපස සිටගෙන සිටිනවා. අපි ඉරානය සමඟ ගැටුමක ඉන්නේ. අපව විනාශ කිරීමට ඉරානයට කළ හැකි කිසිවක් නැහැ. ඒ සම්බන්ධයෙන් වද වෙන්න එපා.” යැයි පැවසූ නෙතන්යාහු අවධාරණය කළේ ගාසා තීරයේ බටහිර ජෙරුසලමට ආරක්ෂක පාලනය ලබා දෙන ගනුදෙනුවකට පමණක් ඊශ්‍රායලය එකඟ වන බවයි.
ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයේදී කිසිදු සහයෝගයක් ලබා දී නැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි , එවැනි චෝදනා “දේශපාලන හේතූන් මත පදනම් වූ” චෝදනා බව අවධාරණය කළේය.
නෙතන්යාහු තවදුරටත් පැවසුවේ “ඉරානය බූවල්ලාගේ ප්‍රධානියා වන අතර හවුතිවරුන්ගේ සිට හිස්බුල්ලා සිට හමාස් දක්වා එහි අඬු දඬු විහිදී තිබෙන බව ඔබට පෙනෙනවා.” යනුවෙනි.
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය , මැද පෙරදිග ප්‍රධාන අස්ථාවර බලවතා ලෙස ඉරානය සලකනු ලබන අතර, ගාසාවේ හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති කැරලිකරුවන්ට ආයුධ, හමුදා විශේෂ බුද්ධි දැනුම සහ පුහුණුව ලබා දෙන රට බවට චෝදනා කරයි.
කැරලිකරුවන්ට ඩ්‍රෝන යානා, මිසයිල සහ බුද්ධි තොරතුරු ලබා දී ඇති බව පවසමින් රතු මුහුදේ වාණිජ නැව්වලට හූති ප්‍රහාර එල්ල කිරීමට ඉරානය “ගැඹුරු ලෙස සම්බන්ධ” බවට එක්සත් ජනපදය මීට පෙර චෝදනා කළේය. ටෙහෙරානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, “ප්‍රතිරෝධී කණ්ඩායම්” ස්වාධීනව ක්‍රියා කරන බවත්, “ඊශ්‍රායලය විසින් සිදු කරන ලද යුද අපරාධ සහ ජන සංහාරයට මුහුණ දීමට ඔවුන් ටෙහෙරානයෙන් උපදෙස් නොගන්නා” බවත් අවධාරණය කර ඇත.
ඊශ්‍රායලය ඉරානයට සෘජුවම පහර දෙන බව ප්‍රසිද්ධියේ පිළිගනු ලබන්නේ කලාතුරකිනි. නමුත් බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ බලයේ සිටි වාර කිහිපය තුළ ඉරාන ඉස්ලාමීය ජනරජය ඔහුගේ ඉලක්කයක් වී ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායලයේ හිටපු අගමැති නෆ්තාලි බෙනට් හෙළි කළේ ඊශ්‍රායලය ඉරානයේ මිනිසුන් රහිත ගුවන් යානා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියෙකු ඝාතනය කළ බවයි. 2021 ජූනි සිට 2022 ජූනි දක්වා කාලය තුළ ඊශ්‍රායල අගමැති ලෙස කටයුතු කළ බෙනට්, "ද වෝල් ස්ට්‍රීට් ජර්නල් " පුවත් පතේ පලවූ විශේෂාංගයකට අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..