අපි ඉරානයට පහර දෙනවා - ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
ඊශ්‍රායලය දැනටමත් ඉරානයට සෘජු ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, ටෙහෙරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බවත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය සෘජුවම ඉරානයට පහර දෙනවාට වඩා ඉරාන හිතවාදී සංවිධාන වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ මන්දැයි ඊයේ(18) ටෙල් අවිව්හිදී වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නෙතන්යාහු මෙසේ පිළිතුරු දුන්නේය: “කවුද කියන්නේ අපි ඉරානයට පහර දෙන්නේ නැහැ කියලා? අපි ඉරානයට පහර දෙනවා.”
ගාසා තීරය අසල ඊශ්‍රායල ජාතිකයන් 1200ක් පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7 හමාස් ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීමට ඉරානය සම්බන්ධ වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට අනුව පලස්තීන ප්‍රදේශයට දැඩි හමුදා බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමෙන් ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර මේ වන විට ගාසා තිරයේ ජීවත්වූ 24,000 ක් පමණ මිය ගොස් ඇත. සටන්කාමී කණ්ඩායම තුරන් කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව බටහිර ජෙරුසලම පවසයි.
හමාස් සංවිධානයට “මුදල්, පුහුණුව සහ ආයුධ සහ තාක්‍ෂණික දැනුම” සහ බුද්ධි තොරතුරු ලබා දීමෙන් ආධාර කරන බවට ඊශ්‍රායලය මීට පෙර ඉරානයට විවෘතව චෝදනා කළේය.
“ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර පිටුපස සිටගෙන සිටිනවා. අපි ඉරානය සමඟ ගැටුමක ඉන්නේ. අපව විනාශ කිරීමට ඉරානයට කළ හැකි කිසිවක් නැහැ. ඒ සම්බන්ධයෙන් වද වෙන්න එපා.” යැයි පැවසූ නෙතන්යාහු අවධාරණය කළේ ගාසා තීරයේ බටහිර ජෙරුසලමට ආරක්ෂක පාලනය ලබා දෙන ගනුදෙනුවකට පමණක් ඊශ්‍රායලය එකඟ වන බවයි.
ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයේදී කිසිදු සහයෝගයක් ලබා දී නැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි , එවැනි චෝදනා “දේශපාලන හේතූන් මත පදනම් වූ” චෝදනා බව අවධාරණය කළේය.
නෙතන්යාහු තවදුරටත් පැවසුවේ “ඉරානය බූවල්ලාගේ ප්‍රධානියා වන අතර හවුතිවරුන්ගේ සිට හිස්බුල්ලා සිට හමාස් දක්වා එහි අඬු දඬු විහිදී තිබෙන බව ඔබට පෙනෙනවා.” යනුවෙනි.
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය , මැද පෙරදිග ප්‍රධාන අස්ථාවර බලවතා ලෙස ඉරානය සලකනු ලබන අතර, ගාසාවේ හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති කැරලිකරුවන්ට ආයුධ, හමුදා විශේෂ බුද්ධි දැනුම සහ පුහුණුව ලබා දෙන රට බවට චෝදනා කරයි.
කැරලිකරුවන්ට ඩ්‍රෝන යානා, මිසයිල සහ බුද්ධි තොරතුරු ලබා දී ඇති බව පවසමින් රතු මුහුදේ වාණිජ නැව්වලට හූති ප්‍රහාර එල්ල කිරීමට ඉරානය “ගැඹුරු ලෙස සම්බන්ධ” බවට එක්සත් ජනපදය මීට පෙර චෝදනා කළේය. ටෙහෙරානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, “ප්‍රතිරෝධී කණ්ඩායම්” ස්වාධීනව ක්‍රියා කරන බවත්, “ඊශ්‍රායලය විසින් සිදු කරන ලද යුද අපරාධ සහ ජන සංහාරයට මුහුණ දීමට ඔවුන් ටෙහෙරානයෙන් උපදෙස් නොගන්නා” බවත් අවධාරණය කර ඇත.
ඊශ්‍රායලය ඉරානයට සෘජුවම පහර දෙන බව ප්‍රසිද්ධියේ පිළිගනු ලබන්නේ කලාතුරකිනි. නමුත් බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ බලයේ සිටි වාර කිහිපය තුළ ඉරාන ඉස්ලාමීය ජනරජය ඔහුගේ ඉලක්කයක් වී ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායලයේ හිටපු අගමැති නෆ්තාලි බෙනට් හෙළි කළේ ඊශ්‍රායලය ඉරානයේ මිනිසුන් රහිත ගුවන් යානා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියෙකු ඝාතනය කළ බවයි. 2021 ජූනි සිට 2022 ජූනි දක්වා කාලය තුළ ඊශ්‍රායල අගමැති ලෙස කටයුතු කළ බෙනට්, "ද වෝල් ස්ට්‍රීට් ජර්නල් " පුවත් පතේ පලවූ විශේෂාංගයකට අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..