News Category
From Date
To Date
Maximum Number of Result

උතුරු පළාත් සිංහල සාහිත්‍ය මංගල්‍යය 2026 දෙසැම්බර් 05 වැනිදා වව්නියාවේදී

Nov 27, 2026 at 06:59 AM
|

සිසු සෙවණ සංවිධානය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘උතුරු පළාත් සිංහල සාහිත්‍ය මංගල්‍යය - 2026’ එළැඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වව්නියාව, ගාමිණී ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.   

එදින පෙරවරු 8.30 ට මෙම සාහිත්‍ය මංගල්‍යය ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා සහභාගී වන ලෙස සංවිධායකයින් විසින් සැමට සාදරයෙන් ආරාධනා කර සිටියි.   

වැඩසටහනේ ප්‍රධාන තොරතුරු:

වැඩසටහන: 

උතුරු පළාත් සිංහල සාහිත්‍ය මංගල්‍යය 2026 (02 වැනි වරට)

සංවිධානය: සිසු සෙවණ සංවිධානය

දිනය: 2026 දෙසැම්බර් 05 වැනිදා

වේලාව: පෙ. ව. 8.30 ට

ස්ථානය: වව්නියාව, ගාමිණී ජාතික පාසල් පරිශ්‍රය   

මෙම අවස්ථාව සමඟ එක්වීමට හෝ වැඩිදුර විස්තර ලබා ගැනීමට 071 38 37 276 (WhatsApp) හෝ 071 987 21 13 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.


සම්බන්ධිත පුවත් | Related News

විප්ලවයෙන් පසු උපත ලැබූ කියුබාවේ පළමු නායකයා වන ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Díaz-Canel) සමඟ පැවැත්වූ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය, විප්ලවීය කියුබාව පිළිබඳ ඉන් පිටතදී කලාතුරකින් දැකිය හැකි චිත්‍රයක් ඉදිරිපත් කරයි:
ආදරය, අහිමි වීම, අහිමි වීමෙන් මිදීම සහ ගැඹුරු මනුෂ්‍ය සංවේදනා පිරුණු 1987 වසරේ තිරගත වූ ‘විරාගය’ සිනමා කෘතිය නැවතත් රිදී තිරයෙන් නැරඹීමේ අවස්ථාව සිනමා ලෝලීන්ට උදා වී තිබේ.
මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ ගීත නිර්මාණ හතරකින් ඔපවත් වූ විශේෂ සංගීත ප්‍රසංගයක් 2026 නොවැම්බර් 06 වන සිකුරාදා සවස 6.30 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
සසුන රැකීමට ගෝලීය සිංහල එකමුුව විසින් සංවිධානය කරනු ලබන “මහජන කතිකාවක්” හෙට (2026 නොවැම්බර් 03 වන දින) පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වර්ෂ 1817-1818 ලාංකීය නිදහස් අරගලයේ 208 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇත.
රූ රහ (Ruu Raha) කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයෙන්, රසික හපුආරච්චි මහතාගේ රූප රචනයෙන් හා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළිදක්වන සිනමාත්මක ගීතමය රූප කාව්‍ය දැක්ම 2026 නොවැම්බර් මස 06 වන සිකුරාදා පස්වරු 6.30 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
පියසිරි අමරකොන් මහතා විසින් රචිත "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?" පර්යේෂණ කෘතිය නැවත ජනගත කිරීම සහ ඒ පිළිබඳ කතිකාවත ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 30 වන දා පස්වරු 2.45 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රධාන පුවත්

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

ඓතිහාසික මාතලේ අළු විහාර පූජා භූමියේ යාර 400ක ප්‍රේරණ කලාපය තුළ පවතින පුරාවිද්‍යා රෙගුලාසි සහ ගැසට් නිවේදන උල්ලංඝනය කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..

Divaina Online ඔස්සේ පළ වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා, මහවිරු සතිය නිමිති කරගෙන සිදු කෙරෙන සැමරුම්, ජාතික කොඩිය සම්බන්ධයෙන් පළ වූ මතභේදාත්මක ප්‍රකාශය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සිය අදහස් දැක්වීය.

රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු 22 ගෙන් යුත් දූත පිරිසක් ඊයේ (25) මෙරටට පැමිණ තිබේ.

මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..

පුවත්පත් හරහා කුලය ඉස්මතු කරමින් පළකරන විවාහ දැන්වීම් මෙන්ම සමාජය නොමඟ යවන සුළු මිථ්‍යා විශ්වාස, හදි හූනියම් සහ වශී ගුරුකම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා නව මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ නීතිමය රාමුවක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?

ශ්‍රී ලංකාව තුළ රාමායණ මාර්ගය, හින්දු කෝවිල් සහ හින්දු ආගමික සංචාරක ව්‍යාපාරය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කිරීම අද අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. ඉන්දියාව සැබැවින්ම බුද්ධාගමටත් හින්දු ආගමටත් එක හා සමානව සහාය දෙනවාද? නැතිනම් බුද්ධාගම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පෙන්වන අතරතුර, ඊට වඩා විශාල හින්දු සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවාද?

බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ රදවා තබා ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය

එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සමාගම වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO), සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජෙන්සන් හුවාං (Jensen Huang) වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.