News Category
From Date
To Date
Maximum Number of Result

"රූ රහ" සිනමාත්මක ගීතමය රූප කාව්‍ය දැක්ම නොවැම්බර් 06 වනදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී.. මහාචාර්ය අතුල සුමතිපාලගේ ගීත නිර්මාණ හතරක්..

Oct 17, 2026 at 01:22 PM
|

රූ රහ (Ruu Raha) කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයෙන්, රසික හපුආරච්චි මහතාගේ රූප රචනයෙන් හා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළිදක්වන සිනමාත්මක ගීතමය රූප කාව්‍ය දැක්ම 2026 නොවැම්බර් මස 06 වන සිකුරාදා පස්වරු 6.30 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  

ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ගේය පද රචකයින්, තනු නිර්මාණ ශිල්පීන් සහ ගායක ගායිකාවන් රැසකගේ එකතුවෙන් මෙම සොඳුරු නිර්මාණ එකතුව එළිදැක්වේ.   

මෙම ප්‍රසංගයේදී මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ රචනයෙන් දායක වූ ගීත නිර්මාණ හතරක් ද ඉදිරිපත් කිරීමට නියමිත අතර, මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන "කැළෑ හොරුන් කඳු වන ලැබ උලන් ගියා", ගුණදාස කපුගේ මහතා ගායනා කරන "නිල ඇඳුමට තරු පටි දෙක තුනකට", රෝහණ බැද්දගේ මහතා ගායනා කරන "මරණෙට මඟුලට අත මාරුවකට" සහ හේෂානි එරන්දති මහත්මිය ගායනා කරන "අපේ ලෝකෙට හිරු වඩිද්දී පුංචි පුතු මා අත රැඳෙද්දී" යන ප්‍රකට ගීත ඒ අතර වේ.   

මෙම විශේෂිත ගීතමය හා සිනමාත්මක රූප කාව්‍ය රාත්‍රිය සඳහා සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය සහ මහාචාර්ය අතුල සුමතිපාල මහතා සියලු කලාකාමී රසිකයින්ට විවෘතව හා ගෞරවයෙන් ආරාධනා කර සිටියි. 

සම්බන්ධිත පුවත් | Related News

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
පියසිරි අමරකොන් මහතා විසින් රචිත "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?" පර්යේෂණ කෘතිය නැවත ජනගත කිරීම සහ ඒ පිළිබඳ කතිකාවත ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 30 වන දා පස්වරු 2.45 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජ්‍ය සම්මානනීය නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ අඛිල සපුමල්ගේ විශිෂ්ට නිර්මාණයක් වන "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය සැප්තැම්බර් 18 වන සිකුරාදා දින බොරැල්ල YMBA ශාලාවේදී වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත. එදින පස්වරු 3.30 සහ පස්වරු 6.30 යන වේලාවන්හිදී දර්ශන වාර දෙකක් පැවැත්වේ.
අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ 07 "පාරාදීසය" බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන "බිනර නාට්‍ය උළෙල 2026" ආරම්භ කරමින් "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය හෙට (සැප්තැම්බර් 11) පස්වරු 7.00 ට වේදිකාගත වේ.
ප්‍රකට නාට්‍ය නිර්මාණ කිහිපයක් වේදිකාගත වන "බිනර නාට්‍ය උළෙල 2026" සැප්තැම්බර් 11, 12 සහ 13 යන දිනයන්හිදී පස්වරු 7.00 ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ("පාරාදීසය") දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
"බිනර Drama Festival" නාට්‍ය උළෙලට සමගාමීව, අඛිල සපුමල්ගේ 'රතු මඟුල් කපුවා', සැප්තැම්බර් 12 දා ඇමරිකානු ප්‍රකට නාට්‍ය රචක නීල් සයිමන්ගේ (Neil Simon) "Barefoot in the Park" නාට්‍යය ඇසුරෙන් බුද්ධික දමයන්ත විසින් නිෂ්පාදනය කරන ලද "උඩ ජෝඩුව" සහ සැප්තැම්බර් 13 දා ලක්ෂ්මන් නිපුනආරච්චිගේ 'ස්ටීවන්ගේ ළමයි' යන වේදිකා නාට්‍යය පස්වරු 7.00 ට පාරාදීසය Open Theatre (NADA බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය) හිදී වේදිකාගත වීමට නියමිතයි.
ජපානයේ ජනප්‍රිය නාට්‍ය කලාවේ අසිරිය, නිර්මාණශීලීත්වය සහ සැබෑ රංග ශෛලිය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට සමීප කරවන "සකුරා Japan නාට්‍ය සංධ්‍යාව" එළඹෙන අගෝස්තු මස 28 වන සිකුරාදා දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.