ප්රභාකරන්ගේ 72 වන උපන්දිනයට ඔහුගේ ගෙදර කේක් කපයි.. වල්වැටිතුරේ නගර සභාවේ උප සභාපතිත් එක්වෙයි..
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ 72 වන උපන්දිනය (26) යෙදීම නිමිත්තෙන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසෙන ඔහුගේ නිවසේදී උපන්දින කේක් කපා ප්රභාකරන්ගේ උපන්දිනය සැමරූ බවට ප්‍රදේශවාසීන් පවසති.
TNPF (දෙමළ ජාතික ජනතා පෙරමුණ) පක්ෂය නියෝජනය කරන වල්වැටිතුරේ නගර සභාවේ උප සභාපති නාගතම්බී පදමනාදන් යන අයගෙ ප්‍රධානත්වයෙන් ඔහුගේ ඥාතීන් ඇතුලු ප්‍රදේශවාසීන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අද දින ප්රභාකරන්ගේ උපන්දින කේක් කැපීමේ සැමරුම සිදු විය.
ප්රභාකරන්ගේ නිවස වටා ඇති තාප්පයේද පෝසටරයක් මගින් ප්‍රදර්ශනය කරමින් සඳහන් කොට ඇත්තේ දෙමළ ඊලාම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්රභාකරන් ජීවත් වූ නිවස ලෙසටය.
එමෙන්ම පසුගිය 2024 වසරේදී පලාත් සභා මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් ප්රභාකරන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් ප්රභාකරන්ගේ නිවසේ උපන්දින කේක් කැපීම හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමටද වැල්වැටිතුරෙයි පොලීසිය පියවර ගනු ලැබීය.
- රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..