"අරුණි රණරාජා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිතයි" - අමාත්‍ය විජිත හේරත්
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පැවති විවාදය අතරතුරදීය.
1996 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ රණරාජා මහත්මිය වසර 30කට ආසන්න රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සතු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි.
2024 නොවැම්බර් මාසයේ සිට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන ඇය, ඊට පෙර එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක සහ සන්ධාන ප්‍රධානී (Chief of Protocol) ලෙස ද සේවය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්