නාමල්ගේ නඩුව කොටුව අධිකරණය අවසන් කරයි..
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ‘එයාර්බස්’ ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද (18) දිනෙන් අවසන් කිරීමට අධිකරණය නියෝග කළේය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේ, අදාළ සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සැකකරුවන්ට එරෙහිව ඍජුවම අධිචෝදනා ගොනුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව, මෙම නඩුවට අදාළ මුල් නඩු ගොනුව, විමර්ශන වාර්තා සහ නඩු භාණ්ඩ සියල්ල මේ වන විටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත භාරදී අවසන් බව මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.
එම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කරන ලෙස විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේය.
මෙහිදී අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රගතිය වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධියේ පළමු සැකකරු වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත්ය.
එසේම මෙම සිද්ධියට අදාළව අධිකරණය මඟහැර සිටින ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද නිලධාරීන් පැවසීය.
මෙම නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය මීට පෙර නියෝග කර තිබූ අතර, අද දින ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
ඉදිරිපත් වූ සියලු කරුණු විමර්ශනය කළ මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණ නඩු කටයුතු ආරම්භ වී ඇති බැවින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ මෙම නඩුව අවසන් කිරීමට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..