පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් ලබන 20 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්..
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන 20දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වන දින කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීමට අදාල පිටපත් අද අධිකරණයේ දී අල්ලස් කොමිසමට ලබා දෙනු ලැබීය.
සිද්ධියට අදාල පලමු වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් වෙනුවෙන් පෙර නඩු දිනයේ දී කර තිබු ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අදාල නියෝගය කියවා දෙමිනි.
තුන්වැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස පවසා සිටියේ අයවැය කියවීම ලබන 12 වැනිදා පවතින බැවින් තම සේවාදායකට පාර්ලිමේන්තුවට ගෙන යන ලෙස නියෝගයක් කරන ලෙසයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අද දිනත් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මගින් දන්වා ඇති බවත් බෝවන රෝගී තත්ත්වය නිසා අධිකරණයට පවා සැකකරුවන් ඉදිරිපත් නොකළ බවයි.
තවද ඉල්ලීම් කරන දිනට කල් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියේය.
තවද මෙම සිද්ධියට අදාල සිව්වැනි සැකකරු වන ගමගේ චන්දනාත් දිනේෂ් පෙරේරා නමැත්තාට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..