"තද වැසි.. අපිට නවත්තන්න බෑ.. සුරක්ෂිත තැනකට ගිහින් ආරක්ෂා වෙන්න" - කාළගුණ ප්‍රධානී
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින අස්ථාවර ස්වභාවය සහ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන්, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ස්වභාවිකව ඇතිවන මෙවැනි තද වැසි කිසිවෙකුටත් පාලනය කළ නොහැකි බැවින්, ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව වහාම සුරක්ෂිත ස්ථාන වෙත යොමුවිය යුතු බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.
දැනට පවතින වායුගෝලීය තත්ත්වයන් සහ එල්-නිනෝ දේශගුණික බලපෑම මත නොවැම්බර් මාසය පුරාම අඩු වැඩි වශයෙන් වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව පෙන්වා දුන් අධ්යක්ෂ ජනරාල්වරයා, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කළේය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට නිර්මාණය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී අඩු පීඩන කලාපයක් දක්වාත්, අනතුරුව පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ. මෙම පද්ධතියේ බලපෑමෙන් නොවැම්බර් 15, 16 සහ 17 යන දිනවලදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි අතර, අදාළ මුහුදු කලාපවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දන්වා ඇත.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඊසාන දෙසින් සුළං හමන අතර එහි වේගය පැයට කිලෝමීටර් 20-30ක් පමණ වුවද, පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවෙමින් මුහුද තරමක් රළු විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින් ඉන් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අධ්යක්ෂ ජනරාල්වරයා, වැසි ජලයෙන් යටවිය හැකි අවදානම් ස්ථානවල වාහන ගාල් කිරීමෙන් වළකින ලෙසත්, අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යොමුවන ලෙසත් වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..