විහාරමහාදේවි උද්‍යාන විරෝධතාව: නීති කැඩූ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අය වහාම අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසියට නියෝග..
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති විරෝධතාවයේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කළැයි කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
එමෙන්ම එම විරෝධතාවයේදී විහාරමහා දේවි උද්‍යානයේ එල්ලා තිබූ බැනර් සහ පෝස්ටර් ගලවා ඉවත් කිරීම සඳහා එම ස්ථානයට ගිය කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ උද්‍යාන භාර නිලධාරීගේ රාජකාරියට බාධා කර අවහිර කළ පුද්ගලයින් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසියට තවත් නියෝගයක් නිකුත් කෙරුණි.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිලි දෙකක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මෙම පැමිණිලි දෙක අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින ස්වාමීන්වහන්සේ සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග නොතකමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූ අතර එම විරෝධතාව අතරතුර කිසිදු නීත්‍යානුකූල අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කර ඇති බවයි.
එමෙන්ම අනෙක් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් එම නිලධාරීන් කියා සිටියේ අදාල දිනයේදී නීතිවිරෝධීව විහාරමහාදේවී උද්‍යානයේ එල්ලා තිබූ බැනර් සහ පෝස්ටර් මෙන්ම කටවුට් ගලවා ඉවත් කිරීම සදහා එම ස්ථානයට ගිය කොළඹ නගර සභාවේ නිලධාරීන්ට සහ උද්‍යාන භාර නිලධාරීන්ට උද්ඝෝෂණයේ යෙදී සිටි අයවලුන් අවහිර කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.
ඒ අනුව අදාල සිද්ධියේ සී සී ටී වී දර්ශන සහ වීඩියෝ දර්ශන පරීක්ෂා කර බලා රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයවලුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කරන ලෙසයි මෙහිදී අධිකරණය කුරුදුවත්ත පොලිසියට නියෝග නිකුත් කළේ.
ඒ අනුව පැමිණිලි දෙක සම්බන්ධයෙන්ම වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගවලින් දක්වා තිබුණේ.
එමෙන්ම එම විරෝධතාව සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය අධිකරණයෙන් ලබාගත් අතුරු ආඥාව සම්බන්ධ පැමිණිල්ල අද (04) අවසන් කිරීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විය.
ඒ, එම විරෝධතාව මේ වන විට අවසන් වී ඇති බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..