කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
යාපනය, කෙම්මනි ප්රදේශයේ සිදු කරන ලද අධිකරණ වෛද්ය පුරාවිද්යාත්මක කැනීම්වලට අදාළව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ මහතා විසින් සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව සඳහන් කරයි.
ඊයේ (25) සිය කාර්යාලයේ පැවති මාධ්ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ලෙස තවදුරටත් කෙම්මනි සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති 'නිරීක්ෂණ සාරාංශය' දැඩි අධ්යයනයකට ලක් කර මෙම තීරණයට එළඹුණු බවයි.
පුළුල් ලෙස 'කෙම්මනි සමූහ මිනී වළක්' ලෙස ප්රචාරය වී ඇති ආරියාලයි සිතූපති ප්රදේශය සැබවින්ම හින්දු සුසාන භූමියක් බවත්, එහි ඇති පුරාවිද්යාත්මක සාක්ෂි සහ කෞතුක වස්තු ලෝකයේ වෙනත් ප්රදේශවල දක්නට ලැබෙන රහසිගත මිනී වළකට වඩා විධිමත් භූමදාන පිළිවෙත්වලට සමාන බවත් වාර්තාව පෙන්වා දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, හමු වූ අස්ථි අතරින් 41%ක් දරුවන්ට සහ 22%ක් ළදරුවන්ට අයත් වන බවත්, යුධ සමයේ යාපනය දිස්ත්රික්කයේ දරුවන් හෝ ළදරුවන් බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කිසිදු ලේඛනයක් හෝ පැමිණිල්ලක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
හින්දු චාරිත්රවලට අනුව වයස අවුරුදු 12ට අඩු දරුවන් භූමදාන කිරීම සාමාන්ය දෙයක් වීම මෙන්ම, 1707 තේවලවමයි නීතිය යටතේ පහළ කුලවල අයට මළ සිරුරු ආදාහනය කිරීම තහනම් කර තිබූ බැවින් ඉතිහාසයේ එම ප්රදේශවල භූමදානයන් සිදුවී තිබිය හැකි බව ඔහු ඓතිහාසික මූලාශ්ර උපුටා දක්වමින් ප්රකාශ කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..