දිවුලපතානේ අක්කර 3,000ක් තෘණ භූමි ලෙස ගැසට් කරන්න නියෝග දුන්නා.. - ඇමති බිමල් රත්නායක කියයි
මඩකලපුව, දිවුලපතාන (මයිලත්තමඩු) ප්රදේශයේ පාරම්පරික සිංහල ගොවීන් වගා කටයුතු සිදු කරන අක්කර 3,000ක බිම් ප්රමාණයක් තෘණ භූමි ලෙස ගැසට් කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වන අතර, පසුගිය 2026 මැයි 20 වැනි දින පැවති මඩකලපුව දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳව අමාත්ය බිමල් රත්නායක මහතා 2026 ඔක්තෝබර් 22 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අනාවරණ කර ඇති අතර එම තීරණය ක්රියාත්මක කිරීමට අපොහොසත් වූ රාජ්ය නිලධාරීන් සම්බන්ධයෙන්ද අමාත්යවරයා මෙහිදී දැඩි විවේචන එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් විධිමත් වාර්තාවක් ඉල්ලා ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබීම සහ විෂය භාර අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මීට පෙර මෙරට තෘණ භූමි හා නිදැල්ලේ ගවයන් හැසිරවීම පාලනය කිරීම සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය සමඟ මෙය ගැළපෙන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වී තිබේ.
මෙම ගැටලුවේදී, එම ප්රදේශයේ පාරම්පරික සිංහල ගොවීන්ගේ ජීවනෝපාය, වගා බිම්වල අනාගතය සහ නීතියේ සාධාරණත්වය සුරක්ෂිත කිරීම පිළිබඳව විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ යුතු බව ප්රදේශවාසීන් සහ අදාළ පාර්ශ්ව පෙන්වා දෙති.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..