වාණිජ මහාධිකරණයේ බලය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්..
වාණිජ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ අධිකරණ බලයට අදාළව ශ්රේෂ්ඨාධිකරණය විසින් තීරණාත්මක තීන්දුවක් ලබා දී තිබේ.
පූර්ව නඩු විභාග අවස්ථාවේදී (Pre-trial stage) ප්රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් වාණිජ මහාධිකරණයේ විසින් නිෂ්ප්රභ කරන ලද නඩුවක් බලරහිත කරමින් ශ්රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගිහාන් කුලතුංගගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා තිබුණි.
'කිෂ් ඉන්ටර්නැෂනල්' (Kish Inteational Pvt Ltd) සමාගම විසින් ගොනු කරන ලද මෙම නඩුවේදී, පැමිණිලිකරුගේ ඉල්ලීම වාණිජ මහා අධිකරණයේ නඩු පැවරීමට අවශ්ය අවම මූල්ය සීමාව සපිරීම සඳහා කෘතිමව ඉහළ නංවා ඇති බවට විත්ති පාර්ශවය මුලින් චෝදනා කළේය.
එසේම, මුල් විත්තිවාචකයේ සඳහන් නොකළ කරුණක් පූර්ව නඩු විභාග අවස්ථාවේදී වෙනස් කරමින් විත්ති පාර්ශවය මූල්ය සීමාව පිළිබඳ තර්ක කළ අතර, ඒ අනුව 2024 වසරේදී වාණිජ මහා අධිකරණය විසින් පැමිණිල්ල නිෂ්ප්රභ කොට තිබුණි.
ඊට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ පැමිණිලිකාර සමාගම පෙන්වා දුන්නේ, පූර්ව නඩු විභාග අවස්ථාව යනු සාක්ෂි මෙහෙයවන හෝ ඇගයීමට ලක්කරන අවස්ථාවක් නොවන බැවින් එම අවස්ථාවේදී සාක්ෂි නොමැති බව පවසමින් නඩුව නිෂ්ප්රභ කිරීමට වාණිජ මහා අධිකරණයට නීතිමය හැකියාවක් නොමැති බවයි.
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවතීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන සඳහන් කළේ පූර්ව නඩු විභාග සාකච්ඡාවක (Pre-trial conference) ප්රධාන අරමුණ වන්නේ නඩුවේ විෂය පථයෙන් පිටතට ගොස් අලුත් කරුණු එකතු කිරීම හෝ නඩුවේ පරාසය පළල් කිරීම නොවන බවයි.
තවද, නඩුවක් ගොනුකරන අවස්ථාවේදී අධිකරණ බලය නිසි ලෙස තහවුරු වී ඇත්නම්, පසුව නඩු විභාගයේදී ඔප්පු වන මුදල ඉල්ලූ මුදලට වඩා අඩු වුවද එයින් අධිකරණයේ බලධූරය අහෝසි නොවන බව ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන ලදී.
එමෙන්ම, පූර්ව නඩු විභාග අවස්ථාවේදීම සාක්ෂි ඔප්පු කරන ලෙස පැමිණිලිකරුගෙන් ඉල්ලා සිටීමට වාණිජ මහා අධිකරණ විනිසුරුවරයාට හැකියාවක් නොමැති බවද අවධාරණය කෙරිණි.
අධිකරණ නියෝගය අනුව, වාණිජ මහා අධිකරණයේ නියෝගය ඉවත දැමූ ශ්රේෂ්ඨාධිකරණය, විත්තිකාර පාර්ශවයට නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කළේය.
තවද, මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වහාම ආරම්භ කර හැකි ඉක්මනින් නඩු විභාගය අවසන් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් වාණිජ මහා අධිකරණයට නියෝග කර තිබේ.
පැමිණිලිකාර 'කිෂ් ඉන්ටර්නැෂනල්' සමාගම වෙනුවෙන් ගාමින්ද කරුණාසේනගේ උපදෙස් මත ජ්යෙෂ්ඨ නීතිඥ නිෂාන් ප්රේමතිරත්න සමඟ විකුම් ජයසිංහ සහ මනිත් දසනායක යන නීතිඥවරු පෙනී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..