අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව යේමනයේ හූතිවරුන්ට ගුවනින් පහර දෙයි
රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි නාවික මාර්ග වල ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන හූති සටන්කාමීන්ගේ ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඊයේ(12) අලුයම් කාලයේදී යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කිසිදු අවසරයකින් තොරව වොෂින්ටනය සහ ලන්ඩනය මෙම ප්‍රහාර දියත් කර ඇති බවද කියවේ. මේ අතර මෙම ගුවන් මෙහෙයුම සඳහා කොංග්‍රසයෙන් අවසර නොගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව ඇමරිකානු නීති සම්පාදකයින් ඔහු වෙත දැඩි ලෙස චෝදනා එල්ල කරන බව අමෙරිකානු මාධ්‍ය ආයතන වාර්තා කර සිටී.
අමෙරිකානු බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර වලට එරෙහිව යේමන ජනතාවගේ විරෝධතා
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය අතර ඇති වූ සටන් මධ්‍යයේ ගාසා තීරයට සහාය දීමට ප්‍රතිඥා දී ඇති හවුතිවරු, පසුගිය ඔක්තෝබර් මාසයේ මැද සිට නාවික ක්ෂේත්‍රයේ වැදගත් කලාපයක් වන රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි යාත්‍රා කරන වෙළඳ නැව් මෙන්ම මුර සංචාරයේ යෙදෙන යුද නැව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කරනු ලැබීය.
හූතිවරු යනු 2010 දශකයේ මුල් භාගයේ මැද පෙරදිග පුරා පැතිර ගිය අරාබි වසන්තය නමින් හැඳින්වෙන විරෝධතා රැල්ලකින් පසුව බලයට පත් වූ ෂියා ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයකි.
කළාපයේ දුප්පත්ම රටවලින් එකක් වන යේමනය දශකයකට ආසන්න කාලයක් විටින් විට ඇතිවූ සිවිල් යුද්ධ තවයන්ගෙන් පීඩා විඳිති. හවුතිවරුන් පලවා හැරීමේ අරමුණින් 2015 දී ආරම්භ වූ සෞදි අරාබිය විසින් මෙහෙයවන ලද හමුදාමය මැදිහත්වීම හේතුවෙන් යේමනය තවදුරටත් විනාශ විය.
යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායමට එරෙහිව එල්ල කළ අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සත්‍ය සමාජ මාධ්‍ය ගිනුමෙහි, ජෝ බයිඩන් යනු “එක්සත් ජනපද ඉතිහාසයේ නරකම ජනාධිපති” ලෙස සටහන් තබා තිබේ.
"දැන් අපට යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ යේමනයේ යුද්ධ තියෙන්වා, නමුත් අපගේ දකුණු දේශසීමාවේ සිදුවන දේ සම්බන්ධෑය්න් 'යුද්ධයක්' නැහැ," ට්‍රම්ප් පැවසීය. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ටෘම්ප් මීට පෙර එක්සත් ජනපද දේශසීමාවේ ඉහළ යන සංක්‍රමණික ප්‍රශ්නය “යුද්ධයක්” ලෙස නම් කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.
පිළිකා රෝග විනිශ්චය කිරීම සඳහා රෝහල්ගතව සිටින එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් වෙත දැඩි විවේචන එල්ල කරන ඩොනල්ඩ් ට්‍රම්ප් , “එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලැප්ටොප් පරිගණකය පරිහරණය කරමින් රෝහල් කාමරයක සිට යුද්ධය මෙහෙයවනවා.” යනුවෙන් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ජර්මානු විදේශ අමාත්‍යාංශය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යේමනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල” වූ බවත් එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත පැමිණෙන නැව්වලට එරෙහිව හූතිවරුන් විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම වැලැක්වීම ඉලක්ක කරගත් බවත් පැවසීය.
“අපගේ අරමුන පවතින්නේ ආතතීන් තුරන් කිරීම සහ රතු මුහුදේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමයි. නමුත් අපගේ පණිවිඩය පැහැදිලි වීමට ඉඩ දෙන්න. ලෝකයේ වඩාත්ම තීරණාත්මක නාවික කළාපයක් තුළ ජීවිත ආරක්ෂා කිරීමට සහ වෙළෙඳාමේ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීමට අපි පසුබට වන්නේ නැහැ.” ජර්මානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර යේමනයට එල්ල කරන ප්‍රහාර මගින් රතු මුහුද "ලේ මුහුදක්" බවට පත් කිරීමට උත්සාහ කරන බවට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් චෝදනා කරයි. හවුති සටන්කාමීන් එම ප්‍රහාරවලට එරෙහිව “සාර්ථක ආරක්‍ෂාවක්, ප්‍රතිචාරයක්” දියත් කරමින් සිටින බව එර්ඩෝගන් ද පැවසූ බව ඩේලි සබා පුවත්පත වාර්තා කළේය.
මේ අතර,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යේමනයට එල්ල කරන ලද “නීත්‍යානුකූල නොවන” ගුවන් ප්‍රහාර රුසියාව හෙළා දකින බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් පවසයි. පසුගිය 11 වනදා සම්මත කර ගත් රතු මුහුදේ ගමන් කරන ඊශ්‍රායලයට අයත් නාවික යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙස හූතිවරුන්ගෙන් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව, ප්‍රහාරය සිදු කිරීමට වොෂින්ටනයට සහ ලන්ඩනයට අයිතිය ලබා නොදුන් බව ඔහු අවධාරණය කළේය.එකසත් ජාතීන්ගේ සංවිධානයේදී අදාළ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බවද පෙස්කොව් පුවත් පත් වාර්තාකරුවන් වෙත සිහිපත් කළේය.
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය "ඔවුන්ගේ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීති රාමුවක් යටතට ගෙන ඒමට උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක වුනා. ජාත්‍යන්තර නීතිය පැත්තෙන් සැලකූ විට මෙම ප්‍රහාර නීත්‍යානුකූල නැහැ.” දිමිත්‍රි පෙස්කොව් අවධාරණය කළේය.
වාණිජ යාත්‍රාවලට එල්ලවන හූති ප්‍රහාරය සම්බන්ධයෙන්, මොස්කව් පරිපාලන “මෙම ක්‍රියාමාර්ග අත් හැර දමා ඒවා නීති විරෝධී යැයි සලකන ලෙස නැවත නැවතත් හූතිවරුන්ගෙන් ඉල්ලා සිටියා,” පෙස්කොව් පැවසීය.
https://www.rt.com/news/590482-yemen-strikes-live-updates/
.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..