News Category
From Date
To Date
Maximum Number of Result

මානසික වහලුන් සහ ජාතිය ගොඩනැඟීම

Oct 7, 2026 at 03:55 PM
|

මීට අවුරුදු 300කට පෙර කාර්මික විප්ලවයේ ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව වැනි රටවල් වනල් ක්‍රමය යොදාගත් ආකාරය වි在තුන් මෙන්ම හද කම්පාකරවන ඓතිහාසික කතාන්තරයකි. අප්‍රිකානු රටවලට කඩා වැදුණු පෞද්ගලික ඇමරිකානු හමුදා කැලෑ පිරිමින් ගම් බිම් ගිනි තබමින් තරුණ අප්‍රිකානුවන් අල්ලාගෙන බෙල්ලට දම්වැල් දමා ඇදගෙන යන ආකාරය රූට්ස් (Roots) වැනි බටහිර ටෙලි චිත්‍රපටවලින් අපි දැක ඇත්තෙමු. එම ක්‍රೂರ බලහත්කාරයට එරෙහි වූවන් ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අතර එම දුෂ්කර ක්‍රියාවලියේදී ලෙසෙඩ වූවන් සහ පැනීමට උත්සාහ කළවුන් වෙඩි තබා ඝාතනය කිරීමට වනල් වෙළෙඳුන් මොහොතක් හෝ පසුබට වූයේ නැත. වනල් වෙළෙදාම වනල් වෙළෙඳුන්ට ඉතා දුෂ්කර අත්දැකීම් ලබාදුන්නද වනල් සඳහා තිබූ අධික ඉල්ලුම නිසා එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් විය.

වනල් ක්‍රමයේ අතිරික්තය විසින් වනල් හිමියා ක්‍රමයෙන් විශාල ප්‍රාග්ධන හිමියකු බවට පත්කරමින් ඇමරිකානු නිෂ්පාදන ධනபதி පන්තිය බිහි කළද එම ක්‍රියාවලිය ලෙහෙසි පහසු නොවූ බව පැහැදිලිය.

වනලුන ප්‍රනයාව සහ කරුළ ගැසීම

වැළැක්වීමට දිවා රෑ ආරක්ෂක පියවර ගැනීමට වනල් හිමියාට සිදුවිය. අනෙක් අතට වනලුන් මිලදී ගැනීමට මෙමෙන්ම නඩත්තු කිරීමට යම් ප්‍රාග්ධනයක් වැය කළයුතු වූ අතර ක්‍රමයේ සූරාකෑමට අවශ්‍ය අනෙකුත් නිෂ්පාදන සාධක ඇමරිකාවේ භූමිය සහ ස්වාභාවික සම්පත් යොදා ගනිමින් ලබාදීමට සිදු විය. මේ ආකාරයට යම් රටක වැසියන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ක්‍රමයේ සූරාකෑමෙන් ඔබබට ගොස් එම රටවල් වල යුදමය වශයෙන් යටත් කරගනිමින් සිදු කළ ස්වාභාවික සම්පත් සූරාකෑමේ ක්‍රියාවලියේදී ප්‍රාග්ධන හිමියාට ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නමුත් අද නූතන තාක්ෂණික අධිරාජ්‍යවාදය හෝවත් ගෝලීයකරණය තුළ එවැනි සංකීර්ණ ක්‍රියාවලියක අවශ්‍යතාවක් නැත. එදා එකතු කරගත් ප්‍රාග්ධනය අද ලේකය පුරා භාණ්ඩ හා නිෂ්පාදන සාධක (විශේෂයෙන්ම මූල්‍ය) වෙළෙඳපළ ආක්‍රමණය කරමින් නිදහසේ සැරි සැරීමට හැකියාව ලැබ ඇත. සූරාකෑමෙන් උපයා ගන්නා අතිරික්ත ප්‍රාග්ධනය ජනීභා තොරතුරු තාක්ෂණ අඩිවෙහි මාර්ගය දිගේ ආපසු ගමන් කිරීම බොත්තමක් එබ්බේ වැනි. අපගේ පාලකයින් අප රට සංවර්ධනය කිරීමේ ප්‍රධාන කර්මාන්තකරණ උපාය මාර්ග ලෙස හඳුනාගන්නා ඇඟලුම් කර්මාන්තය වහල් ශ්‍රමය සූරාකෑම නගනුව දැকීම සඳහා ඉතා සුදුසු දර්ශීය උදාහරණයකි.

සරල ක්‍රියාවකි. එම ක්‍රියාවලිය යටින් දිවෙන අධිරාජ්‍යවාදී ප්‍රවණතාව වසා ගැනීම සඳහා "ගෝලීයකරණය" නම් නව සැරසිල්ලක් ප්‍රාග්ධන හිමියන් නිර්මාණය කොට ඇත.

මේ සියලු වාසීදායක තත්වයන් යටතේ නැවත වහල් වෙළෙඳම වෙත යොමුවීමවත් නඟන ලෙස රටවල් ආක්‍රමණය කිරීමටවත් ප්‍රාග්ධන හිමියාට අවශ්‍යතාවක් නැත. ප්‍රාග්ධනය ගලායාමට ඉතා ප්‍රබල බාධක ඇති විටක හෝ ද්‍රව්‍යන්ත ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් සූරාකෑමේ විභවය ඇති විටක යුදමය වශයෙන් රටවල් ආක්‍රමණය කිරීම සිදුවන බව සත්‍යයකි. තාක්ෂණික අධිරාජ්‍යවාදයේ සීමාවන් ඉක්මවා යාම එහි අවශ්‍යතාවයි. ඇමරිකාව දහසක් ව්‍යාපාර නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ඉරාකය ආක්‍රමණය කිරීම මේ සඳහා හොඳම උදාහරණයකි. නමුත් එහිදී ව්‍යාපාර ලෙස හෝ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට ආක්‍රමණයට සිදුවූ බව අප අමතක නොකළ යුතුය. එසේ කිරීමට සිදු වන්නේ රීතිය නූතනයක් කුමක් සිදුවුවත් සහු ආක්‍රමභයයක් හාර ගැනීමට සූදානම් නොවීමයි.

ඔවුන් එසේ මහත්වරුන්ට අදින්නේ දුප්පතුන් ඉතා කැමැත්තෙන් තම රටවල් තුළදීම වහල් සේවය ලබාදීමට ඉදිරිපත් වීම නිසාය. පහසු ක්‍රම තිබියදී ඉතා සංකීර්ණ සහ දීර්ඝකාලිනව අනතුරුදායක ක්‍රියාවලීන්ට යොමුවීමට නූතනය කැමැති නොවීම පුදුමයක්ද? ඉතා සතුටින් සහ කැමැත්තෙන් යටත්වූ මිනිසෙකුට පහරදී යටත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඉතා පැහැදිලිය.

වහල් ශ්‍රමය

අපගේ පාලකයින් අප රට සංවර්ධනය කිරීමේ ප්‍රධාන කර්මාන්තකරණ උපාය මාර්ග ලෙස හඳුනාගන්නා ඇඟලුම් කර්මාන්තය වහල් ශ්‍රමය සූරාකෑම නගනුව දැකීම සඳහා ඉතා සුදුසු දර්ශීය උදාහරණයකි. ඇමරිකාවේ ඩොලර් 75කට විකුණන ඇඳුමකින් අප රටට ලැබෙන්නේ ඩොලර් 3-4ක් වැනි සොච්චමකි. එයින් 80% පමණ විදේශීය වෙළෙඳපළෙන් අමුද්‍රව්‍ය ලබාගැනීමට සඳහා වැයවේ. ශ්‍රමිකයාට ලැබෙන්නේ ඉතිරි 20% ත් ඉතාම සුළු ප්‍රතිශතයකි. ශ්‍රමය මත පදනම්වන කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තයේ යෙදී සිටින ශ්‍රමිකයන්ගේ අතිරික්ත ශ්‍රමයේ අතිවිශාල පංගුව එකතු වන්නේ විදේශීය ඇඟලුම් වෙළෙඳපළ හසුරුවන ප්‍රාග්ධන හිමියා අතය. බොහෝවිට දේශීයව කර්මාන්තයේ නීත්‍යානුකූල අයිතිය ලබාගෙන සිටින දේශීය සුළු ප්‍රාග්ධන හිමියාට සූත්‍රුව හෝ වක්‍රව මූල්‍ය ප්‍රාග්ධනය සපයන්නේද් ඉහත කී අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන හිමියාය. මෙම ක්‍රියාවලිය පහසුකරවන යටිතල පහසුකම්, බදු ක්‍රම සහ නීතිමය ව්‍යුහයන් ආදිය සකස් කිරීම අවසාන වශයෙන් තීන්දු කරන්නේද එම ප්‍රාග්ධන හිමියාය. ඒ සඳහා ඔහු තම අතිරික්ත ප්‍රාග්ධනය ණය වශයෙන් දුප්පත් රටවලට ලබාදෙන ජාත්‍යන්තර ණය දෙන ආයතන යොදා ගනී.

ඉතින්, පාලකයින්ගේ ආඩම්බර ප්‍රචාරේරු කථා මැද ඉතා සතුටින් සහ කැමැත්තෙන් වහල් සේවයේ යෙදෙන අපගේ නංගිලා මල්ලීලාගේ බෙල්ලට දම්වැල් දමා රට රටවලට ඇදගෙන යამის අවශ්‍යතාවක් තිබේද? එහෙමත්ම හමුදාවක් රැගෙනවිත් අප රට ආක්‍රමණය කොට නුවක්කුරුවක් මානාගෙන බලෙන් ඇඳුම් මැසවීමේ අවශ්‍යතාවක් නැත. යම්කිසිවකු තමා ජීවත්වන රට තුළදී කැමැත්තෙන්ම වහලකු වීමට සූදානම් නම් බෙල්ලට දම්වැල් දමා වහල් සේවය සඳහා තවත් රටකට ඇදගෙන යාමේ අවශ්‍යතාවක් නැති බව ඉතා පැහැදිලිය. ගෝලීය ප්‍රාග්ධනය විසින් අප වැනි දුප්පත් රටවල ජනතාව ආර්ථික වහලුන් බවට පත්කොට ඇති බැවින් ඊට යටත්වීම මිස අන් විකල්පයක් නොමැති බවට තර්කයක් ගොඩනැගිය හැකිය. නමුත් කැමැත්තෙන් සහ සතුටින් ආර්ථික වහල්භාවයේ හිඳීම යනු මානසික වහල්භාවය මිස අන් කිසිவක් නොවේ. ආර්ථික වහල්භාවය පවත්වාගෙන යාම සඳහාඅවශ්‍ය දේශපාලන වහල්භාවය තහවුරු කරන්නේද මෙම මානසික වහල්භාවය විසින්මය. මානසික වහල්භාවය අප සිත තුළ අන්‍යන්තරව පහළ වන්නක් නොවන බව පැහැදිලිය. යටත්විජිත පාලන සමයේ සිට ක්‍රමයෙන් වර්ධනය කරුණු සංස්කෘතික ආක්‍රමණය හරහා සමස්ත සමාජය තුළ ඉතා සියුම් ලෙස මානසික වහල්භාවයක් ගොඩ නැගුණු බව අපට පිළිගැනීමට සිදුවේ. කෙසේ වෙතත් අද වන විට ඉතා ප්‍රකටව සමාජය තුළ තහවුරු වී ඇති මානසික වහල්භාවය විසින් ආර්ථික වහල්භාවය දීර්ඝ කාලිනව පවත්වා ගැනීමට අවශ්‍ය තත්වය අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන හිමියාට ලබාදී ඇත.

මානසික වහල්භාවය

මානසික වහල්භාවය විසින් පුද්ගලයා සහ සමාජය මෙහෙයවෙන ආකාරය විටෙක ඉතා හාස්‍යජනක වන අතර බොහෝ විට ඉතා කණගාටුදායකය. ජනාධිපති පුටුවක වාඩි වී සිටියද විදේශීය ඡන්දය නොලැබේ නම් රට වැසියාට බඩගින්නේ සිටින්නට සිදුවෙයි යැයි පවසමින් ඡන්දය ඉල්ලන්නේ මේ වහලමය. රාජ්‍යතාන්ත්‍රික සම්මතයන්ට පවා පිටුපාමින් රටට කඩාවැදින ඕනෑම සුදුහම ඇත්තකුට රාජ්‍ය නායකයාගේ විශේෂ සැලකිලි ලැබෙන්නේ ඔහු හෝ ඇය තුළ සිටින මේ වහලා නිසාය. තම මව් භාෂාව කරා කිරීම مەදිමක් සේ සැලකන්නේ මේ වහලමය. කිරි ලීටරයකට රු. 20ක් ගෙවන්නට අදි මදි කරන ජාතියක් "ඇමරිකන් වෝටර්" ලීටරයකට රු. 35ක් ගෙවන්නේද මානසික වහල්භාවය විසින් ඇති කරන හීනමානය නිසාය. ඕනෑම දෙයක් ආනයනය කළ දෙයක් නම් ගුණාත්මක වශයෙන් උසස් යැයි පොදුජව සලකන සමාජයක් බිහිවන්නේ එම වහල්භාවය නිසාමය. මේ ආදී වශයෙන් මානසික වහල්භාවයේ හැඩතල දීර්ඝ වශයෙන් විස්තර කළ හැකිය. ඒ අතරින් පිටට රටකියාක් කිරීමට හෝ පදිංචි වීමට ඇති නැඹුරුවද විශේෂිතව හඳුනාගත හැකිය. අද අප රටේ ජනගහනයෙන් 5% පමණ ප්‍රමාණයක් පිටරටවල රැකියාව යෙදෙයි. මේ අය අතුරින් 95% ක්ම අඩු වැටුප් ලබන ශ්‍රමිකයන් ලෙස සේවය කරයි. මැදපෙරදිග රටක ගහ සේවිකාවක් හෝ වෙනත් නොපුහුණු සේවකයින්ට ගෙවනු ලබන්නේ ඇමරිකානු ඩෝලර් 100-200 ක් අතර ප්‍රමාණයකි. එම මුදල ඒ රටවල ඉහළ ආදායම් ලබන්නන් ආහාර වේලකට වියදම් කරන ප්‍රමාණයටත් අඩුවම පැවතීම අතිශයෝක්තියක් නොවේ. (අප රටේ ජීවන තත්වය සහ විනිමය අනුපාතය අනුව එම සොවච්චම් වැටුපටත් යම් වටිනාකමක් ඇති බව සැබෑය) අප රට තුළ වුවත් පවතින ආර්ථික ඉඩ ප්‍රස්ථා යටතේ එම මුදලට ආසන්න මුදලක් උපයාගත හැකි බවට යමෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. දැනට කරන ලද සමීක්ෂණ බොහෝමකින් හෙළිවී ඇත්තේ ඒ ආකාරයට කෙටි කාලයකට පිටරටවලට ගොස් සුළු මුදලක් ඉතිරි කරගෙන පැමිණියත් ඔවුන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් සිදුවී නොමැති බවයි. (බටහිර දියුණු රටවලට නීතිවිරෝධී අයු튜වින් විවිධ රැකියා කරන පිරිස් මේ ගණයට අයත් නොවන අතර ඔවුන් සාපේක්ෂව ඉතා සුළු පිරිසකි) සමහර විට පිටරට සිටින කාලය තුළ පවුල් සංස්ථාව තුළ සිදුවන අවුල් නිසා ඔවුන් සිටි තැනිනුත් පහළට ඇද වැටුණු අවස්ථා බහුලය. මෙසිල්ල තුළ අප රටේ ශ්‍රමිකයන් ඉතා අනතුරුදායක පරිසරයක් තුළදී වහල් සේවයන් කිරීමට ඉදිරිපත් වන්නේ බොහෝවිට පිටරටක රැකියාවක් කිරීම උසස් තත්වයක් ලෙස සැලකන මානසික වහල්භාවය නිසා බව පැවසීම අසාමාන්‍යයක් නොවේ. තත්වය එසේ නම් අරාබි කාරයින්ට තුවක්කු මානාගෙන අපේ රටට කඩාවැදී අපේ ශ්‍රමිකයින් දම්වැල් දමා රැගෙන යෑමට අවශ්‍යතාවක් නැත.

අනෙක් පැත්තෙන් ගත් විට අප රටේ උගත් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් දියුණු රටවලට ස්ථිර පදිංචිය සඳහා යෑමද ඉතා හොඳ ආකාරයටම දැකීමේ වරදක් නැත. එසේ පදිංචි වීමට සඳහා යන පිරිස්වලින් ඉතා අගෝලස්සක් ඔවුන්ගේ.වෘත්තීය මට්ටමේ සිටින එම රටවල ජනතාවගේ තත්වයන් සමාන වෘත්තීය සහ ජීවන මට්ටමින් පවත්වාගෙන යන බව සත්‍යයකි. නමුත් බහුතරය සාපේක්ෂව ඉතා අවම ජීවන මට්ටමක පවත්වාගෙන යති. (එම රටවල අවම ජීවන මට්ටම අප රටේ සාමාන්‍ය ජීවන මට්ටමට වඩා උසස් වීම වෙනම කාරණයකි) බොහෝ විට ඔවුන් තමා තුළ ඇතිවන ආත්ම අනුකම්ಪාව saman කරනෝනේ ඒ සියල්ල දරුවෝගේ අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන කැපකිරීම් ලෙස හැඳින්වීමෙනි. නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල විරකියාට සාර්ව ආර්ථික උපාංගයක් (Macro Economic tool) ලෙස භාවිත කරති. එම රටවලට වැටුප් මට්ටම පහළ තලයක පවත්වාගෙන යාම සඳහා අනිවාර්යයෙන්ම විරකියාව සහ අර්ධ රැකියාව යම් ප්‍රමාණයකට අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම පාහේ ඉටுகරගන්නේ අප වැනි රටවලින් පදිංචියට යන උගතුන් සහ එම රටවලට දේශපාලන (සහ ආර්ථික) රැකවරණය පතා යන අයගෙනි.

ඉංගල්ට්‌ස්‌යේ ලන්ඩන් නුවර විදේශික සේවකයන් නොමැති වුවහොත් වසා දැමීමට සිදුවන තරමට නාගරික සේවාවන් සපයන්නේ විදේශික රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විසිනි. මෙම විදේශිකයෝ සාපේක්ෂව අඩු වැටුප් ලබමින් ඉතා අවම ජීවන මට්ටමක් පවත්වාගෙන යමින් නගරයට සහ පරිසරයට බරක් නොවී ජීවත් වෙති. මෙම වැසියන්ට නගරයේ ඕනෑම තැනක ජීවත් වීමට නීතියෙන් බාධාවක් නැති වුවද ආර්ථික සහ වෙනත් ජාතිකත්ව මත පදනම් වූ හේතු මත ඔවුන් පදිංචි වී සිටින්නේ විශේෂයෙන් හඳුනාගත හැකි ප්‍රදේශවලය. යම් ප්‍රදේශයක නම් කී විට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ ජාතිකත්වය සහ තරතිරමද හඳුනාගත හැකි තරමට මෙම තත්වය විශේෂිතය. මෙම තත්වය සහ වහල් සමයේ වහලගේ තත්වය අතර ඇති ප්‍රධාන වෙනස වහල් හිමියා සහ වහලා අතර යම් දියුණු මාව සම්බන්ධතා ප්‍රමාණයක් පැවතීම පමණි. ඊට අමතරව මෙම "නිදහස් වහලා" සතුටින් සහ කැමැත්තෙන් තම කාර්යය කිරීමේ ගුණාත්මක වෙනස වෙනස් කමක් ලෙස කෙනෙකුට දැක්විය හැකිය.

කටුක සත්‍යයක්

මෙවැනි සමාන කිරීම මතුපිටින් ඉතා රූ ප්‍රකාශ ලෙස පෙනී යා හැකි වුවද ගැඹුරින් කල්පනා කරවිට කටුක සත්‍යය එයම බව වටහාගත හැකි වනු ඇත. පෙරදී සඳහන් කළ පරිදිම ගෝලීය ආර්ථිකය තුළ අප හිමිකරී ඇති ස්ථානය අනුව අප රටේ වැසියන්ට "නිදහස් වහලුන්" වීම හැර වෙනත් විකල්පයක් නැතිද මෙම තත්වයට ජනතාව වගකිව යුතු නැද්ද අදහස් පළකළ හැකිය. එහෙත් ගැටළුව ඇත්තේ සතුටින් සහ කැමැත්තෙන් වහලකු වීම තුළින් සමාජය පෙන්නවන මානසික වහල්භාවයේ ප්‍රමාණයයි. පවතින යථාර්ථය පිළිගෙන සිහින් කෙඳිරියක් හෝ නොනගා එයට යටත්වීම සහ යටත්වීම හැර අන් විකල්පයක් නැතැයි පැවසීම මානසික වහල්භාවය මිස අන් කුමක්ද. වහලුන් බිහිකිරීම සඳහා අපට හිමිකරී ඇතුයි අප සලකන ආර්ථිකය සැකසෙමට අපට හිමි ආර්ථිකය විභවය පිළිබඳව අබමල් රේණුර tokamaks වත් අවබෝධයක් නැති මානසික වහල්භාවයේ පතුලටම කිමිදී සිටින පාලකයන්ට අනුව නම් ගැලවීමේ මඟක් නැත. කළහැකි එකම දෙය වහල්භාවය වෙනුවට "ගෝලීයකරණයේ ප්‍රතිලාභ නෙලීම" වැනි වචන ආදේශ කිරීම පමණි. අප රටේ පාලකයින් පුන පුනා අපට කියා සිටින හැටියට නම් විදේශීය ප්‍රාග්ධනය නොමැතිව මේ රටට අඟලක් හෝ ඉදිරියට යා හැකි සංවර්ධන මාවතක් නොමැත. පසුගිය වසරේ ආහාර ආනයනය කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 1600ක් වැය කරන විට (එම ප්‍රමාණය ඔවුන් තම විදේශීය හැම්බුතුන්ගේ දෙවොලට ලබාගන්නා ණය මුදල වන රුපියල් බිලියන 1125 ට වඩා වැඩිය) රටේ ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම තුළින් දේශීය ප්‍රාග්ධනය ගොඩනැගීම අරම්භ කළ හැකි නොවේදැයි මතයක් ඉදිරිපත් කිරීමටවත් මෙම මානසික වහලුන් සූදානම් නැත.

ජෛව සම්පත් අතින් ලෝකයේ පළමු රටවල් 10 ට අයත්වන ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් 15 අතර සිටින්නේ කෙසේද යන ප්‍රශ්නයට ඔවුන්ගේ පිළිතුර කුමක්ද? අඩු තරමින් ඔවුන් ණය දෙන ආයතනවල ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පොර බැදා දේශීය කෘෂිකර්මාන්තය නැවතීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයකට තැලුප්‍රවීව වාවික උත්සාහයක් හෝ ගන්නේ නැත. මෙම පාලකයන් පවතින ක්‍රමයට යටවීම මිස අප ඉන් ගොඩ ඒමක් නැති බව මානසිකත්වයට හුරු කිරීමට හැකි උපරිම උත්සාහයක් දරති. මෙම තත්වය ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විචාරකයකු වන සමීර් අමින් විසින් හඳුන්වන්නේ "ටිනා සින්ඩ්‍රෝමය" ලෙසය. (TINA - there is no alternative) දැනට කරමින් සිටින දෙය හැර අන් කළ හැකි කිසිවක් නැතැයි යන්න සැමටම අන් අයට පවසමින් තමාටද තහවුරු කරගන්නා මානසික රෝගී තත්වයයි. මෙය මානසික වහලුන් අතර ප්‍රකට රෝගයකි. අප රටේ පාලකයින් පරගැති ආර්ථිකයකට වැඩි කැමැත්තක් දක්වන්නේ තම පත්ති අවශ්‍යතාව නිසා බව තර්කයක්ද සමාජයේ ඇත. නමුත් හිටපු මැලේසියානු ජනාධිපති මහතීර් මොහොමඩ් මහතා තම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ණය දෙන ආයතන සමඟ පොරබැදා රටේ අභිමානය තහවුරු කළත් ඒ පත්ති වුවමනාව සඳහා බව අප අමතක නොකළ යුතුය. ජාතික සම්පත් කොල්ලකන පාදඩ වෙළෙඳ ධනපති පන්තියක් වර්ධනය වී ඇති ලංකාවේදී පාලකයින්ගේ පත්ති අවශ්‍යතාව පරගැතිභාවය ශක්තිමත් කිරීම බවට අතුරු තර්කයක් ගොඩ නැගිය හැකිය. නමුත් ඒ තුළින් පාලකයන්ගේ මානසික වහල්භාවය තරම් අව ප්‍රමාණයක් කළ නොහැකිය.

ජාතිය මුදවා ගැනීම

රටක් ලෙස අප ගිලි ඇති මානසික වහල්භාවයේ තරම වටහාගැනීම සඳහා තවත් බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකිය. එහෙත් වැදගත් වන්නේ එම වහල්භාවයෙන් ජාතිය මුදවාගන්නේ කෙසේද යන්නයි. බහුතරයක් වූ ජනතාව මානසික වහල්භාවයෙන් මුදවා ගන්නා විට පාලකයන්ට එය සංවේදීව බල කෙරෙනු ඇත. එහිදී වෙනස් වීම හෝ අත්හැරීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවනු ඇත. ඓතිහාසික වහල් සමාජය තුළ කායික වහලුන් නිදහස පතා వివిధ අරගල සිදු කළ බව අපි දනිමු. එවැනි අරගලවලදී ඔවුන් අතර වූ කායික මෙන්ම මානසිකවද වහල් භාවේ ගිලි සිටි කොටසක් තම දම්වැල් ගලවානාට විරුද්ධ වූහ. ඔවුන් මානසික වහල්භාවයේ කොතෙක් ගිලි සිටියදී හොත්තම තමා බැඳ සිටින දම්වැල තමා සතු දේපළක් ලෙස දැකීමට පුරුදු වී සිටියහ. දම්වැල් නැතිනම් අපට ඉතිරි වන්නේ කුමක් දැයි ඔවුන් සිතුවා විය හැකිය.

අද නූතන යුගයේද බහුතරයක් වූ එවැනිම වහලුන් වහල්භාවය ආහරණයක් ලෙස සැලකීමට පුරුදු වී ඇති බැවින් එයින් තොරව රටක් පවත්නේන' කෙසේ හෝ ජීවත් වන්නේ කෙසේද යනුවෙන් කල්පනා කරති. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය විසින් සිදු කරනු ලබන ආර්ථික ආක්‍රමණය තහවුරු කිරීම සඳහා වන සංස්කෘතික ආක්‍රමණය විසින් මෙම මානසික වහල්භාවය ජනිත කරනුබව ඉතා පැහැදිලිය. නමුත් එම තත්වය දීර්ඝ කාලයක් අھیයෝගයට ලක් නොවී පැවතීම තුළ අද වන විට මානසික වහල්භාවය පුද්ගලයා ඇතුළතින් ස්වයංවර්ධනය වන තත්වයක් ඇති වී ඇත. මානසික වහල්භාවයේ බීජ සමාජය තුළ රෝපණය වන්නේ බෝධිර ජාතීන් සෑදූ අප රට ආක්‍රමණය කිරීමට බොහෝ කලකට පෙර පොළොන්නරු රාජධානිය බිඳ වැටීම සමඟ බවට සාමාන්‍ය තර්කයක් ගොඩ නැගිය හැකිය. ගතවර්ෂ 14ක් පැවති ලෝකයේ ප්‍රමුඛ පෞරුෂය ශ්‍රේෂ්ඨාවරයක් වූ අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසුව කීර්ති විජේබාහු රජතුමා පොළොන්නරුව ආශ්‍රිතව වාරි ශ්‍රේෂ්ඨාවාරය නැවත ගොඩනැගීමට සමත් වුවත් එහි බිඳ වැටིමත් සමඟ ශිෂ්ටාචාරයේ බිඳ වැටිමත් ආරම්භ වූ බවට සැලකිය යුතු සාක්ෂ්‍ය ඇත.

යැපුන්ජනතාව පසුප යාපනව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර ආදී වශයෙන් රාජධානිය ක්‍රමයෙන් තෙත් කලාපය වෙත පසු බැසීමේදී වාපී ශිෂ්ටාචාරයේ හැඩතල ක්‍රමයෙන් මැකී යන අතර නිෂ්පාදන පද්ධතිද හැකිලී ගිය බව පැහැදිලිය. ද්වැන්ත නිෂ්පාදන පද්ධති නඩත්තු කරනවා වෙනුවට ගම්මිරිස් ටිකක් අහුලාගෙන කුරුඳු ගහක් තලාගෙන දකුණු ඉන්දියා සහ අරාබි වෙළෙඳුන්ට විකිණීමේ ජීවන ක්‍රමයට ජනතාව හුරු විය. ඒ තුළ දින අලස මිනිසකු ගොඩනැගීම සඳහා අඩිතාලම වැටිනි. පසු කාලීන සංක්‍රමණික රාජධානීන්වල අනුරාධපුර සහ පොළොන්නරු රාජධානීන් මෙන් ශිෂ්ටාචාරයේ දැවැන්ත ම සංකූලූ ඉතිරිවන්නේ නැත එම තත්වය තුළ. අවුරුදු 2200 කට පෙර ලෝකයේ උසම ගොඩනැගිල්ල වූ අභයගිරි දාගැබ ගොඩනැගු විසල් මිනිසා මහනුවර රාජධානිය යටතේ වන අවස්ථාව වන විට දක්නට ලැබෙන්නේ නැත. බටහිර අධිරාජ්‍යවාදීන් මානසික වහල්භාවයට පත්කරන්නේ ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු ඉතිරි වන දුර්වල මිනිසාය.

අද ඉතිරි වී සිටින්නේ ශිෂ්ටාචාරයේ අක්මුල් නොදන්නා අභිමානයක් නැති නිවට මිනිසෙක්. ඔහු අත්හැර දමා ඇති පැරණි ගොඩනැගිල්ලක් තුළ නටන රිළවකු බදුය. එම රිළවාට ගොඩනැගිල්ල සැදුවේ කවුද? කුමක් නිසාද? කුමක් ගාහ නිර්මාණය ශීල්පයක් යොදාගත්තාද? යන්න සෙවීමට අවශ්‍යතාව නැත. කැමැට යමක් සොයමින් ශබ්ද නැගෙන යමක් ඇත්නම් ඊට තට්ටු කරමින්, පහරමීන්, කෝලාහල කරමින් සහ රමණයේ යෙදෙමින් ඔබ මොබ සැරි සැරීම රිළවාගේ චර්යාවයි.

අභිමානවත් මිනිසෙක්

අද ජාතික ව්‍යාපාරයට ඉතිරි වී ඇති ප්‍රමුඛතම కర్තব্যය හතර ගාතෙන් ඇවිදින මෙම රිළවා දෙයින් සිටුවා කණින් ඇදගෙන ගොස් ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා පෙන්නුම්ය. ඒ තුළ බිහිවන අභිමානවත් මිනිසා අද සමාජ ගතවී ඇති මානසික වහල් භාවයට අභියෝග කරනු ඇත. ජාතික ව්‍යාපාරය ඉදිරියේ ඇති මෙම අභියෝගයට මුහුණදීම එම කරුණු පෙන්වාදීම තරම් පහසු නැත. ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය බිහිවන්නේ එය බිහිවිය යුතු තිබූ කාලයට බොහෝ කලක් ගතවීමෙන් පසුබු බැවින් තත්වය තවත් බරපතල බව අප අවබෝධ කරගත යුතුය.

මානසික වහල්භාවයේ පතුලටම ගිලි සිටින්නේ මේ රටේ අනුකාරක බුද්ධිමතුන් බව කණගාටුවෙන් පැවසිය යුතුය. මෑතකදී එක්තරා රූපවාහිනී නාලිකාවක ශ්‍රී ලංකා වංශ කථාව පිළිබඳ පන්ති පවත්වන මහාචාර්යවරයෙකුගෙන් ප්‍රශ්නයක් අසන නිවේදකයා වලගම්බාහු යුගයේ සාමාන්‍ය ජනතාව ජීවත්වුයේ කෙසේ දැයි ප්‍රශ්න කරයි. එයට පිළිතුරු දෙන මහාචාර්යවරයා පවසන්නේ ඒ කාලයේ පොදු ජනතාව ගල්ගුහා, ගස්බෙණ, විශාල වෘක්ෂ යට සහ කුඩා පැල්පත්වල ජීවත් වූ බවයි. එදා වලගම්බාහු රජතුමා විශාල වැලිමංචක්, සලපතල මළුවක් සහ ගාම්භීර දොරටු සහිතව ලෝකයේ උසම ව්‍යුහය වන අභය ගිරිය ගොඩනගන්නේ ගල් ගුහා වලින් පැමිණෙන අද් දූවිලි තවරගත් වැරැලි ඇඳගත් අසරණ මිනිසුන්ට වන්දනාමාන කිරීමට යැයි කිසිවකු ඔහුගේ ප්‍රශ්න කළේ නැත. අද අප මුහුණ දී සිටින ජාතික ගැටළුව අද පවතින තත්වයට වර්ධනය වීමට ශිෂ්ටාචාරයේ අක් මුල් හඳුනානොගැනීමේ ගැටළුවට හේතු වී ඇති බව පැහැදිලිය. අඩු තරමින් ශ්‍රී ලංකාව ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.පූ. 4 වැනි ශතවර්ෂයේදී සමස්ත ශ්‍රී ලංකාවම එක්සේසත් කළ පණ්ඩුකාභය යුගය ලෙස හඳුනාගතානම් ප්‍රශ්නයෙන් 50%ක් විසඳාගත හැකිව තිබුණි. එය එසේ වුවා නම් මිනිසු ආගමනය තුළින් ශිෂ්ටාචාරයට එක් කළ දේ මෙන්ම විවිධ ජාතිකත්ව සහ සංස්කෘතීන් එය පෝෂණය කිරීමට එක් කළ දේ පිළිබඳව ඇගයීමක් සිදුදිය හැකිව තිබුණි. ශ්‍රී ලංකিকা ජාතික කුමක්දැයි හඳුනාගැනීම ජාතික ගැටළුව විසඳීමේ මූලික කොන්දේසිය බව අප.අද ජාතික ව්‍යාපාරය ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණදීමට ඉන්දියානු ජාතික ව්‍යාපාරය තුළ ජවහರ್‌ලාල් නේරු සහ මහත්මගාන්ධී ඉටු කළ මෙහෙය තේරුම් ගැනීම ඉතා වැදගත් වනු ඇත. ඉන්දියානු ඉතිහාසය දෙස සමාජ විද්‍යාත්මක සහ දේශපාලන ඇසකින් බලමින් ඉන්දියාව නැවත සොයාගැනීම සඳහා නේරු ඉටුකළ මෙහෙවරත් ආහාර සංස්කෘතිය සහ සැබෑ ඉන්දියානු ජීවන ක්‍රමය තුළ වූ ධනාත්මක ලක්ෂණ තහවුරු කිරීමට ගාන්ධීතුමා දුන් ආදරගයත් ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ සැබෑ මතවාදයේ ගැඹුර සොයාගැනීමට අපට උපකාරී වනු ඇත. (ඉන්දියානු ජාතිය අවදි කිරීම සඳහා විවිධ වකවානුවలలో මංගල් පාණ්ඩේ, සුභාස් චන්ද්‍රබෝස් සහ භගත් සිං වැනිවුන් ඉටු කළ මෙහෙය වෙත කතා කළ යුතුය.) මහත්මගාന്ധി ඉන්දියානු ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි අවුරුදු 30කට අධික කාලය තුළ ඉතා කුඩා ක්‍රියාකාරකම් හරහා ඉන්දියානු ජනතාව තුළ ගැඹුරු මානසික බලපෑමක් ඇති කළ බව අපි දනිමු. තම ආශ්‍රමය තුළ සිටින කාලයෙන් වැඩි කාලයක් චරකය කරකවමින් ඉන්දියානු ජනතාව තමන්ට අවශ්‍ය රෙදි ඉන්දියාව තුළම නිෂ්පාදනය යුතු බවට ප්‍රබල ආදර්ශයක් ලබාදුණි. ඒ තුළින් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ රෙදි ඇඳීම නතර කිරීමට එතුමා සමත් විය. එම තත්වය බ්‍රිතාන්‍යයේ විශාල රෙදි කර්මාන්තශාලා වසා දැමීමට ලක්ෂ ගණනකට රුකියා අහිමි කිරීමටත් සමත් විය. එමගින් ජනතාව තුළ ප්‍රබල ජාතිකවාදී හැඟීම් ඇතිකරන අතර බ්‍රිතාන්‍යයන්ට ප්‍රබල සංග්‍යාචක් නිකුත් කිරීමට ගාන්ධී තුමා සමත් විය.

ගාන්ධී පොදු ජනතාව තුළ ගැඹුරු ජාතික මතවාදයක් ගොඩනගනු ලබන්නේ හුද දේශන පැවැත්වීමට වඩා දීර්ඝකාලයක් අඛණ්ඩව ආදර්ශය සැපයීමුයි. අද ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයා බවට පත්වී සිටින ඉන්දියානුවා හැදිමට එතුමාට වසර 30 කට අධික කාලයක් යන එන සැම තැනකම කිරි ලබාගැනීම සඳහා එලිවිස්සක් ලණුවක ගැට ගසා ගෙන යාමට සිදුවිය. ඉතා කුඩා ක්‍රියාකාරකම් හරහා පොදු ජනතාව මානසික වහල්භාවයෙන් ගලවා ගැනීම සඳහා දැවැන්ත බලපෑමක් කිරීමට එතුමා සමත් විය.

කළලු රූපය

වර්ෂ 1600 සිට 1857 දක්වා වසර 257 ක් යුද්ධයට විරුද්ධව ඇඟිල්ලක්වත් ඔසවන්නේ නැතිව කැමැත්තෙන් යටත් වී සිටི་ ජාතියක් නිදහස් අරගලයට ගොණු වන්නේ එම ක්‍රියාකාරකම් තුළිනි. සුද්දා යටත්කරගෙන අවුරුදු 3ක් ඉක්මවා යාමට පෙර කැරලිගැසු ජාතියක් වූ අපට අද වන තුරු ජාතික මතවාදයකින් ගොනුදූ ශ්‍රී ලංකා ජාතිකයක් නිර්මාණයකිරීමට නොහැකි වන්නේ සැබෑ ජාතික ව්‍යාපාරයක් අප රට නිර්මාණය නොවීම නිසා බව ඉතා පැහැදිලිය. අප රටේ යම් ප්‍රදේශයක ජන කොටස් සහ රදල නායකයින් එක්ව විවිධ අවස්ථාවල සුද්දාට විරුද්ධව කැරලි ගැසුවද ජාතික ව්‍යාපාරයක් ලෙස වර්ධනය වියහැකි කළු රූපයක් නිර්මාණය කරන්නේ අනගාරික ධර්මපාලතුමය. එම කළු රූපයේ සංයුතියේම කොටසක් වූ ආගම්වාදී සහ ජාතිවාදී ජන කොටස්වල දූවලතාවද උපයෝගී කරගනිමින් ප්‍රභන යනු එක අභිබුනරයක් වූ මානසික වහලුන් එම කළු රූප ගබසා කළ බව අපි දනිමු.

අද අපි උසස් බලාපොරොත්තු සහිතව නව ජාතික ව්‍යාපාරයක (ජාතික විමුක්ති ව්‍යාපාරයක) කළු රූපයක් ජාතියේ ගර්භාෂයේ තැන්පත් කොට ඇත්තෙමු. පමා වී ගැබ් ගැනීම නිසා උපත දුෂ්කර වන බවද සැබෑය. නමුත් ඒ හැර වෙනත් දරුවන් අපට ඉතිරි වී නැත. අනාගතයේ අප ගොඩනැගීමට බලාපොරොත්තු වන යුක්තිය සහ සාධාරණත්වය රජයන සමාජයක් වැඩිවීමට අවශ්‍ය පසු සකස් කරන්නේ මෙන්ම මේ දරුවට බව අප අමතක නොකළ යුතුය.

සරු පසක් නොමැත්තෙක් නම් කොතරම් උසස් බීජ පැළුවත් බලාපොරොත්තු වන අස්වැන්න නොලැබෙන නැති බවද අප තේරුම් ගත යුතුය.

සම්බන්ධිත පුවත් | Related News

අප රටේ කෘෂිකර්මාන්තය සහ කෘෂි පරිසර පද්ධතීන් මුහුණ දෙමින් තිබෙන දහසකුත් එකක් ගැටලු අතුරින් බොහෝමයකට හේතු වී ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණු බව සැබෑය. එμως නම් වගකීම් පිළිබඳ අල්පමාත්‍ර හැදෑරීමක් නොමැති සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහ තමාගේ ලාභය වෙනුවෙන් සමස්ත රටේම කෘෂි පරිසර පද්ධතියට අනතුරේ හෙළීමට සූදානම් මසුරු ව්‍යාපාරිකයින් පිරිසකගේ හිතුවක්කාර ක්‍රියා කලාපයන් ද ප්‍රධාන ගැටලු අතර එකක් බව රහසක් නොවේ. මෑතකදී අප රටට ආනයනය කළ විනාශකාරී වල් පැළ වල් ඇට අඩංගු වූ තෘණ ඇට තොගය නිදහස් කළ ආකාරය මීට හොඳම උදාහරණයකි.
බොනෙල් බැරලයක මිල ඩොලර් 50 දක්වා ඉහළ යන විට සහ එය තවදුරටත් ඩොලර් 60 දක්වා ඉහළ යාවිද යන භීතියක් රට තුළ ගොඩනැගෙන විට ඉතා නරක තත්වයක් යටතේ වුවත් හොඳ දේ සිදුවෙමින් පවතී. වැදගත් දේ පවතින තත්වය පිළිබඳව ජන සමාජය තුළ සෑම තලයකම යම් සංවාදයක් පැණ නැගීමුයි. මෙරට ආණ්ඩු විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති මත තව දුරටත් රටට ඉදිරියට යා හැකිද යන තීරණාත්මක පැනය සාමාන්‍ය ජනතාව විසින් අසන්නට පටන්ගෙන ඇත. නමුත් රජය සමස්තයක් ලෙස සහ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස පටු සීමාවන් තුළ විග්‍රහ කිරීමට පෙළඹෙන තත්වයක් පෙනෙන්නට ඇත.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.