News Category
From Date
To Date
Maximum Number of Result

වීසා නොමැතිව ලංකාවේ සිට ජිනීවා බලා රෝහින්ගියාවන් රැගෙන ගිය බලගතු Pax Romana යනු කුමක් ද?

Sep 13, 2026 at 07:09 AM
|

ක්‍රිස්තු පූර්ව 27 දී ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ පාලන සමයේ ආරම්භ වී ක්‍රිස්තු වර්ෂ 180 දී ඕරේලියස් අධිරාජ්‍යයාගේ අභාවය දක්වා වසර දෙසීයකට අධික කාලයක් රෝමානු අධිරාජ්‍යය තුළ පැවති සාමය සහ ස්ථාවරත්වය ලතින් බසින් හදුන්වන්නේ පැක්ස් රොමානා (Pax Romana) යන නමිනි. 

මධ්‍යධරණී කලාපීය එක්සත්කම සහ ආර්ථික සමෘද්ධිය තහවුරු කළ, යුරෝපා ශිෂ්ටාචාරයේ දේශපාලන හා සමාජීය ගමන් මඟ ගැඹුරින් හැඩගස්වාලූ ස්වර්ණමය යුගයක් වූ විවිධ සංස්කෘතීන් එකිනෙකට මිශ්‍ර වූ, මාර්ග, ජල නල සහ රඟහල් වැනි දැවැන්ත නිර්මාණ බිහි වූ, නූතන බටහිර නීති පද්ධතීන්ට පදනම දැමූ නීති ක්‍රම සකස් වීමත් පැක්ස් රොමානා යුගයේදී සිදුවිය. 

මෙම පැක්ස් රොමානා යන නමින් යුගයක් හැදින්වුවද නුතනයේ එම නමින් ක්‍රියාත්මක වන ලොව ප්‍රධානතම රාජ්‍ය නොවන සංවිධානයක් පවතින අතර එය ඉතා දැඩිලෙස කතෝලිකයන්ගේ වතිකානු මුලස්ථානයට සම්බන්දව ක්‍රියාත්මක වේ. එහි ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර පාප්වරයා නිල වශයෙන් පිළිගත් කතෝලික ජනතා ව්‍යාපාරයකි.

1921 දී ස්විට්සර්ලන්තයේ ෆ්‍රිබෝර්ග් හිදී ආරම්භ කල ජාත්‍යන්තර කතෝලික සිසුන්ගේ ව්‍යාපාරය (IMCS - International Movement of Catholic Students) හා 1946 දී පිහිටුවන ලද ජාත්‍යන්තර බුද්ධිමය හා සංස්කෘතික කටයුතු පිළිබඳ කතෝලික ව්‍යාපාරය (ICMICA - International Catholic Movement for Intellectual and Cultural Affairs) වතිකානුවේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන අතර කතෝලික සමාජ ඉගැන්වීම් සමඟ සමීපව බැඳී පවතී.

මෙම ප්‍රධාන කොටස් දෙකම පාලනය කරන පැක්ස් රොමානා කතෝලික රාජ්‍ය නොවන සංවිධානය 1921 දී ආරම්භ කරන ලද අතර මෙම සංවිධානය පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) සහ යුනෙස්කෝ (UNESCO) ආයතනයේ නිල උපදේශක තත්ත්වය ද හිමි කරගෙන ඇත. පැක්ස් රොමානා කතෝලික සිසුන් සහ වෘත්තිකයන් එකතු කර ගනිමින් සාමය, යුක්තිය, මානව හිමිකම් සහ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් පෙනී සිටින බව පවසයි.

මුලතිව් හෝ කන්කසන්තුරේ වෙරළ තීරයන් වෙත නිතරම ළඟා වන රොහින්ග්‍යාවන් වෙනුවෙන් ප්‍රධාන වශයෙන් පෙනී සිටීම සිදුකරනු ලබන්නේ මෙම පැක්ස් රොමානා කතෝලික රාජ්‍ය නොවන සංවිධානයයි. ශ්‍රී ලංකාව 1951 සරණාගත සම්මුතියට අත්සන් තබා නොමැති බැවින්, මෙරටට පැමිණෙන රෝහන්ගියාවන් වෙනුවෙන් මානව හිමිකම් නාමයෙන් නීතිමය කටයුතු ඉටුකිරීම පැක්ස් රෝමානා සිරිතයි.

'පැක්ස් රොමානා' කතෝලික රාජ්‍ය නොවන සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) තුළ හිමි කරගෙන ඇති උපදේශන තත්ත්වය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර මිනිස් ජාවාරමේ කොටස්කරුවන් වන රෝහන්ගියාවන්  අපරාධ නීතිය යටතේ දඩුවම් කිරීම වලක්වා ඔවුන්ව ලිහිල්ව හැසිරවීමට විශාල බලපෑම් සිදු කරනු ලබයි.

ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 63 වන සැසිවාරය පසුගිය සතියේ (සැප්තැම්බර් මස මුල් සතියේ) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා රජයට එරෙහිව 'පැක්ස් රොමානා' කතෝලික රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදුකරනු ලැබූ ප්‍රධානතම බලපෑම වුයේ විසා නොමැතිව රෝහන්ගියාවන් ජිනීවා ගෙනගොස් ඔවුන් ලවා බලපෑම් කොට ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට රජයට බලපෑමක් සිදු කිරීමයි. 

විශ්ව කරුණු ගවේෂක, 

(Universal Fact Checker)

රවී දේශප්‍රිය විසිනි.

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

චිතගොං කඳුකරය සහ කොක්සස් බසාර් වෙරළ ඉන්දියාව සුදදන්ගෙන් නිදහස ලබද්දි බෞද්ධ සහ හින්දු ආගම් අදහපු බරුවා වගේ සර්නේම් තිබුනු පිරිසක් ජීවත්වුනු පලාතක්.. මේ පලාත ඇත්තටම ඉන්දියාවට දියයුතුව තිබුනත් ඉන්දීය සාගරයට දෙපැත්තකින් ඇත්සස් නොදෙන අරමුණ සහ තවත් කාරණා ගනනාවක් එක්ක නැගෙනහිර පාකිස්තානයට අයිතිවුනා.. බංගලිදේසය බවට පසුව පත්වුනු මේ රටේ ජනගහන බෝම්බය ඉතාම තදින් පිපිරෙන එකක්.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විතගොං කදුකරයෙ සාම්පලයක බහුතරය සුළුතරය බවට හැරුනා..
ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.
ඔබ වනාන්තරයේ ගලක් මත වාඩි වී, දෑස් පියාගෙන, මිනිත්තු කිහිපයක් හුස්ම ගන්නා ආකාරය සිතන්න. ඔබට රථ වාහනවල හඬ නෑසේ. එනමුත් ඔබට පාසිවල තෙතමනය, ශාකවල සුවඳ, තුරු පත් හරහා පෙරී එන වාතයේ සිසිලස දැනේ. ඔබේ හෘද ස්පන්දන වේගය මන්දගාමී වන්නේය. ඔබේ උරහිස් මත රැඳී තිබූ මහත් බරක් ක්‍රම ක්‍රමයෙන්සැහැල්ලු වන්නා සේ දැනෙන්නේය. මෙම වෙනස් ස්වභාවය එක වචනයකට කැටි කර ගත නොහැකි අපූර්ව තත්ත්වයකි. එය ආත්මීයව හා ප්‍රසන්නව දැනේ. එනමුත් එය මැනිය නොහැකි හැඟීමකි.
සැප්තැම්බර් 9 වන දින කොළඹදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුම් (MoUs) තුනක් අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්න එකම ජාතිය හෙළයෝ. එය තීරණය කරන්නේ ඉතිහාසය තුළින් මිස බංකොලොත් දේශපාලන මතිමතාන්තර ඔස්සේ නොවෙයි.
දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
යුද සමයේ සිදුවීම් සහ මානුෂීය මෙහෙයුමේදී හමුදාව අනුගමනය කළ ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.