වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
බස්නාහිර පළාත තුළ පාතාල කල්ලි මෙලෙස බෝම්බ භාවිත කිරීම කෙරෙහි පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මොවුන් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ලබාගත් බෝම්බ මෙලෙස භාවිත කරන්නේදැයි සැක පළකෙරේ. ඉදිරියේදී අපරාධ මර්දන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමටද පොලිසිය සැලසුම් කරයි.
මේ අතර දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අළුයම 3.00ට පමණ එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, ඔවුන්ගේ පියා තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 17 හැවිරිදි කසුන් රශ්මික සහ 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන පාසල් සිසුන් දෙදෙනා වන අතර, පාදයකට තුවාල සිදුවූ 55 හැවිරිදි නලින් තුසන්ත පෙරේරා නමැති ඔවුන්ගේ පියා මේ වන විට රෝහල්ගත කර ඇත.
සැකකරු අදාළ නිවසේ දොරට තට්ටු කර නිවැසියන් දොර විවෘත කිරීමත් සමඟ නිවස තුළට බෝම්බය එල්ල කර ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ පියාට කිසිදු අපරාධ ඉතිහාසයක් නොමැති අතර, මෙම ප්‍රහාරය අත්වැරදීමකින් වෙනත් නිවසක් ඉලක්ක කරමින් එල්ල කරන ලද්දක් බවට සැක කෙරේ.
අසල්වැසි නිවසේ පදිංචි මොවුන්ගේ ඥාතීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇති අතර, ඔවුන් විදේශගතව සිටින 'බඩෝවිට අංසක' නැමැති අපරාධකරුගේ සමීපතමයන් වේ. පෙරදින කළුබෝවිල පිහිටි නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති අතර, නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවට විශ්වාස කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ පවත්වන අතර, ප්‍රහාරයට පැමිණි සැකකරු අතහැර දමා ගිය ත්‍රිරෝද රථය පහළ බෝපේ ප්‍රදේශයේදී සොයාගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි