News Category
From Date
To Date
Maximum Number of Result

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

Sep 10, 2026 at 10:22 AM
|

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ශ්‍රී ලංකාවේ යටත්විජිත ඉතිහාසය දෙස බැලීමේදී පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලනයන් හරහා මෙරට දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යුහයන්ට විශාල බලපෑමක් එල්ල වූ බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ පසුවද ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි බාහිර බලපෑම් පිළිබඳ විවාදය අවසන් වී නැත.

එමෙන්ම නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම අර්බුදයක් වූයේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් පවත්වාගෙන ගිය තිස් අවුරුදු යුද්ධයයි. 2009දී බෙදුම්වාදී බලවේගයන්හි සන්නද්ධ අවධිය අවසන් වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් විය.

එහෙත් බෙදුම්වාදී යුද්ධය අවසන් වීමෙන් පසුවද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, බෙදුම්වාදයේ දේශපාලන ක්‍රියාකාරකම් සහ විදේශීය මැදිහත්වීම් පිළිබඳ ගැටලු අවසන් වී නැත.

නාමල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නය

දැන් අපගේ ප්‍රධාන ප්‍රශ්නය වෙත පැමිණිය හැකිය.

මෙම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන පසුබිම කුමක්ද?

මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමේදී එක් පුද්ගලයෙකුගේ අත්අඩංගුවට ගැනීම පමණක් නොව, වත්මන් දේශපාලන බල සමීකරණය, රාජපක්ෂ පවුලේ දේශපාලන බලපෑම, විපක්ෂයේ සංවිධාන හැකියාව සහ ඉදිරි මැතිවරණ වලට අදාළ වන ගණිතයද සැලකිල්ලට ගත යුතුය.

2024 ජනාධිපතිවරණයේ වැදගත් සංඥාව

2024 ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා, සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති තරගය ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේග පිළිබඳ වැදගත් සංඥා ගණනාවක් ලබා දුන්නේය.

විශේෂයෙන් යාපනය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, නුවර එළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතේ ප්‍රතිඵල විමසා බැලීමෙන් බටහිර සහ ඉන්දීය බලවේග වලට හසුරුවා ගත හැකි ඡන්දදායකයාගේ හැසිරීමේ වෙනස්කම් හඳුනාගත හැකිය.


මෙම දිස්ත්‍රික්ක හතේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 751,968ක් වන අතර, සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,637,170කි. ඒ අනුව මෙම බාහිර බලවේග වලට සෘජුව නතුවන දිස්ත්‍රික්ක හත සලකා බැලූ විට සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක මහතාට වඩා ඡන්ද 885,202කින් ඉදිරියෙන් සිටියේය.

2010දී සිදුවූයේ කුමක්ද?

මෙම මෙම බාහිර බලවේග වලට සෘජුව නතුවන දිස්ත්‍රික්ක හතෙහි ඡන්දදායකයාගේ දේශපාලන හැසිරීම තේරුම් ගැනීමට 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ සංසන්දනය කිරීමද වැදගත්ය.

එම දිස්ත්‍රික්ක හතේදී මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය.


මෙම දිස්ත්‍රික්ක හතේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද 734,404ක්ද, සරත් ෆොන්සේකා මහතාට ඡන්ද 950,506ක්ද ලැබී තිබිණි. එනම් ෆොන්සේකා මහතා ඡන්ද 216,102කින් ඉදිරියෙන් සිටියේය.

2015දී වෙනස් වූ බල සමීකරණය

2015 ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්ක හත තුළ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද 630,561ක් ලැබුණු අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්ද 1,399,213ක් ලැබුණි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඡන්ද 768,652කින් ඉදිරියෙන් සිටියේය.

මෙම සංඛ්‍යා තුන සංසන්දනය කිරීමෙන් එක් වැදගත් කරුණක් පෙනී යයි. එනම්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවලදී උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු මෙම දිස්ත්‍රික්කවල ඡන්ද හැසිරීම ජාතික මට්ටමේ බල සමීකරණයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.

2024දී සජිත්–රනිල් ඡන්ද එකතුව

2024 ජනාධිපතිවරණයේ පළමු මනාප අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915ක් ලබාගත් අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක්ද ලබාගත්තේය.

ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද එකතු කළ විට:

සජිත් + රනිල් = 4,363,035 + 2,299,767 = 6,662,802

එය වලංගු ඡන්දවලින් 50.03%කට සමාන වේ. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ප්‍රතිශතය 42.31%කි.

ඒ අනුව මෙම සංඛ්‍යාව දත්ත පරිශීලනයෙන්, විය යුතුව තිබූ දෙය බටහිර අධිරාජ්‍යවාදී බලවේග සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවැරැදිව ගණන් බලා තිබූ බව පැහැදිළිය.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වූ මහ මැතිවරණයේදී ඉහත කී දිස්ත්‍රික්ක හතෙහි ඡන්දදායකයා සජිත් ප්‍රේමදාස මහතා අමතක කර අනුර කුමාර දිසානායක මහතා දෙසට තල්ලු වූවේ බටහිර බලවේග සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දෙවෙනි සැලසුම හෙවත් අනුර කුමාර දිසානයාක මහතාගේ ජාතික ජනබලවේගය ලවා තම උවමනාවන් ඉටු කර ගැනීමේ සැලසුමට අනුවය. මේ වන විට සිදුවීම් පෙල ගැසෙන අයුරු විමර්ෂනාත්මකව බැලුවහොත් එම සැලසුම සාර්ථක වී ඇති බව පෙනී යයි. ඉන්දියාව සමඟ අත්සන් කළ අතිශය තීරණාත්මක ගිවිසුම් හතක් ශ්‍රී ලංකාවේ පුරවැසියා දැක නැතුවාක් මෙන්ම ඒවා දැකීමට අයිතියක් ශ්‍රී ලාංකික පුරවැසියාට නොමැති බව අධිකරණය විසින්ද තහවුරු කර තිබේ.

එසේ නම් නාමල් රාජපක්ෂ ඉලක්ක කරන්නේ ඇයි?

මෙම ප්‍රශ්නයේදී අපට කරුණු කිහිපයක් වෙන්කර බැලිය හැකිය.

පළමුව, රාජපක්ෂ පවුල ශ්‍රී ලංකා දේශපාලනය තුළ තවමත් සැලකිය යුතු දේශපාලන සංකේතයක් සහ සංවිධානමය බලවේගයක් නියෝජනය කරයි.

දෙවනුව, නාමල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුලේ ඉදිරි පරම්පරාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන චරිතයකි. එබැවින් ඔහුට එරෙහි නීතිමය හෝ දේශපාලන ක්‍රියාමාර්ග ගැනීම තුලින් ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන ප්‍රවාහයේ නාමික නියෝජනය හෙවත් රාජපක්ෂ පවුලේ අනාගත දේශපාලනය යටපත් කෙරෙනු ඇත.

තෙවනුව, වත්මන් ආණ්ඩුව විපක්ෂ බලවේග අතර සංවිධානමය සම්බන්ධතා ඇතිවීම වැළැක්වීමටද මෙම  සිරගත කිරීම මගින් උත්සාහ කිරීමද දක්නට ලැබේ.

“හොරු ඇල්ලීම” දේශපාලන මෙවලමක්ද?

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජනතාවට පොරොන්දු වෙමිනි.

එම පසුබිම තුළ රාජපක්ෂ පවුලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ දේශපාලන පොරොන්දුවක් ඉටු කිරීමක් මෙන්ම   විපක්ෂ දේශපාලන බලවේග දුර්වල කිරීමේ උපායමාර්ගයක්ද වන්නේය. වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණය නැති කිරීමට රාජ්‍ය දේපල අවභාවිතා කළ අය අත් අඩංගුවට ගන්නවාය යන සටන් පාඨය පෙරටුකරගෙනය. එහෙත් ඔවුන් විසින් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පවුලේ උදවිය ඉලක්ක  කර එල්ල කළ චෝදනා කිසිවක් සනාථ කිරීමට නොහැකි වූවා මෙන්ම සමහර චෝදනා ව්‍යාජ ඒවා බවද ඔප්පු විය. ඒවා අතර උගන්ඩාවට යැවූ ඩොලර්, රත්තරං අශ්වයන්, අභ්‍යවකාශයට යැවූ රොකට්, චීනයෙන් අල්ලස් ලෙස ලැබුණු මුදල් වලට අදාළ චෙක් පත් වල අංක වැනි කාරණා ඔප්පු කරගත නොහැකි වූවා මෙන්ම ඒ හේතුවෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ඡන්දය දුන් විශාල පිරිසක් අපේක්ෂා භංගත්වයටද පත්ව සිටී. ඒ අනුව රාජපක්ෂ පවුලේ උදවිය මෙන්ම ඔවුන්ගේ හිතවතුන් සිරගත කිරීම ජාතික ජනබලවේගය වටා සිටින ජනයා පිනවීමට  අනිවාර්යෙන්ම කළ යුතු වේ. ඊටත් වඩා දෙමළ බෙදුම්වාදී සංවිධාන වල බල කිරීමද ප්‍රමුඛව තිබේ. තවත් වැදගත් කාරණයක් වන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අනතුරේ හෙලමින් අත්සන් කිරීමට නියමිත SOFA, ACSA සහ ETCA ගිවිසුම් මෙන්ම ශ්‍රී ලංකාවේ හිතවත් රාජ්‍යයන් වන රුසියාවේ සහ චීනයේ කනස්සල්ලට හේතු වන NATO සංවිධානය සමඟ සන්ධානගත වීම ආදියට එරෙහිව නැගෙන විරෝධය හමුවේ විපක්ෂ බලවේග වල එකතු වීම වැලැක්වීමද මේ අතරින් ප්‍රධාන වේ.

මෙම තත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ කිසිදු දක්ශිණාංෂික පක්ෂයක් නොකරන සමාජ සාරධර්ම, සංස්කෘතික උරුමයන්, පුරාවස්තු වනසා දැමීමේ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව ඇතුලුව ශ්‍රී ලාංකේය සමාජය අමෙරිකානු යුද කඳවුරක් කරලීමට අවශ්‍ය මිනිසා තැනීමේ කර්තව්‍ය හොඳින් ඉටුකරමින් සිටියි.

මේවාට නැගෙන මහජන විරෝධය තම විරුද්ධවාදීන් අත් අඩංගුවට ගැනීමෙන් වෙනතකට හැරවීම මෙහි සමස්ත අරමුණ වේ.

කෙසේ වුවද වඩාත් වැදගත් වන්නේ චෝදනාවක් ඉදිරිපත් කළ පමණින් එය සත්‍යයක් බවට පත් නොවන බවත්, අත්අඩංගුවට ගැනීමක් සිදු වූ පමණින් වරදකාරී බව තීරණය කළ නොහැකි බවත් පිළිගත් මූලධර්මයක් වුවද එමගින් සමාජය තුළ ඇති කරනු ලබන කළු පැල්ලම සුළු පටු නොවේ.

ඉදිරියේ ඇති දේශපාලන අභියෝගය

ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන ගමන තීරණය වන්නේ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නොවේ.

ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව විපක්ෂ බලවේග සංවිධානය වන්නේ කෙසේද, රාජපක්ෂ පවුලේ දේශපාලන බලපෑම කොපමණ දුරට නැවත ගොඩනැගෙන්නේද, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැනි බලවේග අතර අනාගත සම්බන්ධතාව කෙසේ වෙනස් වන්නේද සහ උතුරු–නැගෙනහිර ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග වලට හැසිරවිය හැකි සුළු ජන කොටස් බහුල ප්‍රදේශවල පළාත් සභා මැතිවරණය පැවැත් වීම යන කරුණු ඉදිරි දේශපාලන බල සමීකරණයේදී තීරණාත්මක වනු ඇත.

ඒ නිසා නාමල් රාජපක්ෂට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයක් තිබේ නම් එය හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහි නඩු කටයුත්තක් ලෙස පමණක් නොව, ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ අනාගතය සහ බල සමීකරණය කෙරෙහි ඇති විය හැකි බලපෑමද සමඟ බැඳී තිබෙන බව අවබෝධ කර ගත යුතුය.

අවසාන ප්‍රශ්නය

අද ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියේ ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ “කවුරු අත්අඩංගුවට ගන්නේද?” යන්න පමණක් නොවේ.

ඊට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ,“නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරවද, නැතහොත් ශ්‍රී ලංකාවේ ඉදිරි බල සමීකරණය වෙනස් කිරීමේ දේශපාලන මෙවලමක් ලෙසද?” යන්නයි. එම ප්‍රශ්නයට පිළිතුර තීරණය කරන්නේ චෝදනා නොව සාධක, නීතිය සහ ජනතාවගේ දේශපාලන තීන්දුව විසිනි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳව අදහස් දක්වන්නේ නම්, ශ්‍රී ලංකාව දෙකඩ කිරීම හෙවත් බෝල්කනීකරණය කිරීමේ මූලික පියවර වන්නේ පළාත් සභා මැතිවරණය පවත්වා උතුරු නැගෙනහිර පළාත් බෙදුම්වාදී බලවේග වෙත පාලනය කිරීමට පිරිනැමීමයි. එමගින් ශ්‍රී ලංකාව යනු නැවත වතාවක් මිනිසුන් ජාතිකත්වයන්ට අනුව බෙදී මිනිසුන් මරාගන්න භූමියක් බවට පත් වනු ඇත. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වලට අදාළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසුව ජාතික ජනබලවේග ආණ්ඩුව තව දුරටත් ඉන්දියානු සහ බටහිර බලවේග වලට අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව වර්ණ විප්ලව පන්නයේ අරගලයකින් ජාතික ජනබලවේග ආණ්ඩුව පළවා හැරීමට කටයුතු සිදුවනු ඇත.


සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.
ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
පර්සියානු බොක්කේ පිහිටි අමෙරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.