සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සැමගේම වගකීමක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ආණ්ඩුවේ පාලනය ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් තිබුණද සමාජය තුළ වෛරය වැපිරීමට හෝ වෛරී ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව අවධාරණය කළේය.
මෙම හමුවේදී සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයන් විසින් රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් තම පූර්ණ සහාය පළ කරන බව සඳහන් කර සිටියේය.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණ පරපුර මුදා ගැනීමට ක්‍රියාත්මක "රටම එකට" ජාතික වැඩසටහන සහ දූෂණ විරෝධී පියවරයන් මෙහිදී අගය කෙරිණි. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවද නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මීට අමතරව, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවීම, ඉස්ලාම් ආගමික ග්‍රන්ථ හා අධ්‍යාපනික ගැටලු තාක්ෂණික ක්‍රමවේද හරහා විසඳා ගැනීම, ව්‍යවස්ථාදායක සභාව වැනි ජාතික මට්ටමේ පාලන ආයතනවල මුස්ලිම් ඇතුළු සියලු ප්‍රජාවන්ගේ නියෝජනය තහවුරු කිරීම සහ නිල ඇඳුම් වැනි පාලනමය කරුණු මුල්කරගෙන ජාතිවාදී නොසන්සුන්තා ඇතිවීම වැළැක්වීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..