බංග්ලාදේශ මහ මැතිවරණයෙන් සීක් හසීනා ජය ලබයි
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.
ඊයේ (7) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
මැතිවරණයට පෙර, මාස ගණණාවක් තිස්සේ, බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.
බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.
(ඒ.එෆ්.පී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..