News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය

Aug 30, 2026 at 04:59 AM
|

වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි. 

එම සංගමය විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

මාධ්‍ය නිවේදනයයි 

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කරමින් වෛද්‍ය සේවාව හා නිදහස් සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට රැගෙන යාමේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට එරෙහි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙහි ඉදිරි ක්‍රියාමාර්ග 

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව පවත්වා ගැනීමෙහි ලා තීරණාත්මක කාර්යභාරය සිදුකරනුයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත වෛද්‍ය ප්‍රජාවයි. 

එහිදී ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව සැපයීමේලා සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් අතර සමගිය, කණ්ඩායම් හැඟීම පැවතීම මෙන්ම පද්ධතිය තුළ අභ්‍යන්තර ස්ථායීතාවය ආරක්ෂා කිරිමද අත්‍යාව්‍යය වේ. 

පසුගිය කාලයේදි රට තුළ ඇති වූ ආර්ථික, සමාජ සහ දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ද ඇතුළුව සියලුම වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව තුළ රඳවා ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් විය.

එම ගැටළුවට විසඳුම් සෙවීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඇතුළු පාර්ශවකරුවන් ඇතුලත් කොට පත් කරන ලද විශේෂ කමිටුවේ ඒ්කමතික එකඟතාවය වූයේ විශේෂඥ වෛද්‍යවරුන්ද ඇතුළුව සියලු වෛද්‍ය කාණ්ඩ රට තුළ රඳවා ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමයි.  

මේ පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අදාල සියලු පාර්ශවයන් විසින් සිදුකරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස 2026 අය වැය තෙවනවර කියවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ වාර්ථාවේදී, වි‌ශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ  රඳවා ගනිමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දෙන අරමුණින්, ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සියලුම වෛද්‍ය කාණ්ඩ අන්තර්ගත වූ වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කරන බවට සහතික කරන ලදී. 

නමුත් විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කිරී‌මේ දේශපාලනික කොන්ත්‍රාත්තුවකට එකඟ වෙමින්, විශේෂඥ වෛද්‍යවරුන්ගේත් අනෙකුත් වෛද්‍ය කාණ්ඩවලත් වරප්‍රසාද දිනා ගනිමින් ඔවුන් රට තුළ රඳවා ගැනීම වෙනුවට වෛද්‍ය කාණ්ඩ අතර ගැටුමක් නිර්මාණය කරමින්,  වෛද්‍ය සේවාවත්, සමස්ථ සෞඛ්‍ය සේවයත් විනාශ කිරීමේ කුමන්ත්‍රණයකට මුල පුරමින්, විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන බව පවසන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් සේවා කාණ්ඩයක් අවශ්‍යය යන මතය සමාජගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් ගන්නා ලද කැබිනට් තීරණයක් අනුව කමිටුවක් පත් කරන ලදී. 

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට සිදුවිය හැකි හානිය මෙන්ම රෝගී සත්කාර සේවාවට සිදුවිය හැකි හානිය සැලකිල්ලට ගෙන එක්  වෛද්‍ය කාණ්ඩයක් සඳහා වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ යෝජනාවට අප එකඟ නොවූ අතර, ඒ සම්බන්ධයෙන් අපගේ වාචික මෙන්ම ලිඛිත අදහස් හා යෝජනාද අදාළ කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

එසේ තිබියදී “ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක්” වන සේවා කාණ්ඩයක් හඳුනා ගනිමින් ඒ සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කරන බව 2026.08.25 වන දින  කැබිනට් තීරණ දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්විය.

නමුත් එවැනි තීරණයක් ගැනීම සඳහා පාදක වූ අදාළ කමිටු වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස අප විසින් අදාළ බලධාරීන්ගෙන් කිහිප විටක් ඉල්ලූම් කළත්, වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තිය සංගමය වන අප වෙත එය මෙතෙක් ලබාදී නොමැති අතර තොරතුරු දැන ගැනීමේ පනත හරහා අප විසින් කළ ඉල්ලීමටද මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

එබැවින්, මෙම සමස්ත ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොරව සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූල නොවන ආකාරයෙන් සිදු කර ඇති බව පැහැදිලිය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙන්ම අනෙකුත් වෛද්‍ය කාණ්ඩවලද අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම සඳහා සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද එකඟතාවය සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සේවය පිහිටුවීම මඟින් සමස්ථ වෛද්‍යව ප්‍රජාවේ ගැටලු විසඳීමටත්, ඔවුන් රට තුළ රඳවා ගනිමින් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත් අවශ්‍ය මූලික පදනම සකස් කර තිබියදී  දේශපාලනික න්‍යාය පත්‍රයන්ට නතු වූ  පිරිසකගේ කුමන්ත්‍රණයක් හරහා වෛද්‍ය කාණ්ඩ බෙදා වෙන් කිරීමටත්, කාණ්ඩ අතර ගැටුම් ඇති කිරීමටත්, ඒ හරහා සියලුම වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද කප්පාදු කිරීමටත්, ගෙනයන මෙම වැඩපිළිවෙළ සම්බන්ධව  2026.08.26 දින පැවති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සුදුසු තීරණ ගැනීම සඳහා සංගමයේ පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ හදිසි රැස්වීමක් 2026.08.28 වන දින පැවැත්වුනු අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනු කමිටුවේ හදිසි රැස්වීමක් 2026.08.31 දින පැවැත්වීමටත් ඉන් අනතුරුව හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමටත් තීරණය කරන ලදී.

වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් ලබා දෙමින් ඔවුන් රට තුළ රඳවා ගැනීමටත් ඒ හරහා රටේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමත් වෙනුවට වෛද්‍යවරුන් කාණ්ඩ ලෙස බෙදා වෙන්කරමින් සිදු  කරන කුමන්ත්‍රණ පැරදවීමටත්, සියලුම වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් එකමුතුව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව එකිනෙකාට ගෞරවාන්විත සේවය කළ හැකි "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" බිහිකිරීම සඳහා ගත යුතු ඉදිරි තීරණාත්මක  ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.