යුක්රේනයේ යුද බිමේ අර්බුදය, රුසියාවේ ඉදිරියට යන ස්ථාවරය සහ බටහිර උභතෝකෝටිකය
රුසියා–යුක්රේන ගැටුම තවත් තීරණාත්මක අවධියක් පසුකරමින් සිටී. මෙම සංක්‍රාන්ති සමය තුළ යුද බිමේ තත්ත්වය, යුක්රේනයේ ආර්ථික අර්බුදය, බටහිර රටවල හමුදාමය හැකියාවන් සහ යුද්ධයේ අවසාන ගමන්මඟ පිළිබඳව ලොව පුරා දැඩි විවාදයක් පවතී. ඒ අනුව, රුසියා–යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් උපායමාර්ගික තක්සේරුවක් සහ වර්තමාන තත්ත්වය පිළිබඳ දැඩි හා මතභේදාත්මක විග්‍රහයක් ලංකා ලීඩර් පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම වැදගත් බව අපි අදහස් කළෙමු. අපගේ අධ්‍යයනය තුළ මතුවන කරුණු, බටහිර චින්තකයන් ඉදිරිපත් කරන ප්‍රධාන ආඛ්‍යානවලට අභියෝග කරන අතර, යුක්රේනයේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අඳුරු චිත්‍රයක් මවා පෙන්වන බව මූලික වශයෙන් අවධාරණය කළ යුතුය.
යුක්රේනයේ ගැඹුරු ප්‍රහාර සහ රුසියාවේ ප්‍රතිප්‍රහාර
පසුගිය කාලය තුළ යුක්රේනය රුසියානු භූමිය තුළට එල්ල කරන වඩ වඩාත් අභිලාෂකාමී ගැඹුරු ප්‍රහාර දකින්නට ලැබුණි. මෙම ප්‍රහාර සඳහා පුළුල් නේටෝ සහායක් ලැබෙන බව බැලූ බැල්මට ලෝක ජනතාවට පසක් විය. ඒවා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන වැනි හමුදා හෝ බලශක්ති යටිතල පහසුකම්වලට පමණක් සීමා නොවූ අතර, රුසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය සමාගමක් වන Wildberries සමාගමට අයත් ගබඩා වැනි සිවිල් ආර්ථික මර්මස්ථාන ද ඉලක්ක කර තිබුණි.
මෙම ප්‍රහාර පිටුපස තිබූ උපායමාර්ගික තර්කය වන්නේ සිවිල් ආර්ථික ඉලක්කවලට පහර දීමෙන් රුසියානු ආර්ථිකයට හානි කිරීම, සාමාන්‍ය රුසියානු ජනතාවට යුද්ධයේ සෘජු ප්‍රතිවිපාක දැනෙන්නට සැලැස්වීම සහ ඒ හරහා ක්‍රෙම්ලිනයට තම යුද ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සලකා බැලීමට බල කෙරෙන අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමයි.
යුක්රේන ප්‍රහාර ඇත්ත වශයෙන්ම රුසියාවට ගැටලු ඇති කරන බවත්, ඒවා මහජන අතෘප්තිය වර්ධනය කළ හැකි බවත් අපි පිළිගනිමු. එහෙත් මෙම ප්‍රහාර හේතුවෙන් ඇති වන තත්ත්වය තුළ මූලික ප්‍රශ්න දෙකක් මතු වේ. එනම්, ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියානු රජය කුමක් කරනු ඇත්ද? එමෙන්ම යුක්රේනයේ දිගු දුර ඩ්‍රෝන මෙහෙයුම් අවසානයේ යුද්ධයේ ප්‍රතිඵලයට කුමන බලපෑමක් ඇති කරනු ඇත්ද? යන ප්‍රශ්න දෙකයි.
අපගේ තක්සේරුවට අනුව, ප්‍රධාන ප්‍රතිඵලය වී ඇත්තේ වඩාත් ආක්‍රමණශීලී රුසියානු හමුදා ප්‍රතිචාරයකි. විශේෂයෙන්ම ඔඩෙසා වරාය සංකීර්ණය සහ කළු මුහුදේ පිහිටි අනෙකුත් යුක්රේන වරායන් නැවත වසා දැමීමට සිදුවීම එහිදී කැපී පෙනුණි. මෙම පියවර හේතුවෙන් යුක්රේනයට ක්‍රියාකාරී කළු මුහුදු ප්‍රවේශය අහිමි වී ඇති අතර, ඩ්‍රෝන ප්‍රහාරවලින් ලැබෙන ඕනෑම වාසියකට වඩා විශාල විය හැකි විනාශකාරී ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවී තිබේ.
ඔඩෙසා සහ යුක්රේනයේ ආර්ථික අවදානම
යුක්රේන ආර්ථිකයට ඔඩෙසා අතිශය වැදගත් ආර්ථික මර්මස්ථානයකි. යුක්රේනයේ කෘෂිකාර්මික භාණ්ඩවලින් සියයට 90ක් පමණ සහ සමස්ත අපනයනවලින් සියයට 70ක් පමණ ඔඩෙසා හරහා ප්‍රවාහනය වීම ඓතිහාසිකව වැදගත් කරුණකි. 2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයේදී යුද මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ සිට එම වසරේ ජූලි මාසය දක්වා රුසියානු නාවික අවහිරතා හේතුවෙන් ඔඩෙසා සහ කළු මුහුදු ප්‍රදේශය දැඩි බලපෑමකට ලක් විය. එම කාලය තුළ සිදු වූ බාධාව යුක්රේන ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කියේ අනුග්‍රහය යටතේ ඇති කරගත් ගිවිසුමක් මගින් 2022 ජූලි මාසයේදී වරායන් නැවත විවෘත කිරීමත් සමඟ යුක්රේන ආර්ථිකයේ තත්ත්වය තරමක් වෙනස් විය. එම තත්ත්වය යුක්රේනයට අතිශය ප්‍රයෝජනවත් වූ බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
දැන් රුසියාව නැවතත් ඔඩෙසා වරාය සංකීර්ණය සහ අනෙකුත් යුක්රේන කළු මුහුදු වරායන් වසා දැමීමත් සමඟ, දැනටමත් යුද්ධයෙන් දැවැන්ත හානියකට ලක්ව ඇති යුක්රේන ආර්ථිකයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති වීම වැළැක්විය නොහැක. යුක්රේන දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියාවට වේදනාවක් සහ ගැටලු ඇති කළද, ඊට ප්‍රතිචාර වශයෙන් ඊට වඩා සැලකිය යුතු විශාල හානියක් යුක්රේනයට සිදු කිරීමට මොස්කව්ට හැකි බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම උත්සන්න වීම යුක්රේනයේ තත්ත්වය වැඩිදියුණු නොකරන අතර, ඒ වෙනුවට රුසියාවට වාසිදායක විය හැකි බවට තර්ක කෙරේ.
වැඩිවන පීඩනයකට ලක්වන යටිතල පහසුකම්
ප්‍රතිවිපාක කළු මුහුදු වරායන්ට වඩා බොහෝ දුරට පැතිර යන බව මේ වන විට පෙනෙන්නට තිබේ. ඩ්‍රෝන සහ හමුදා උපකරණ නිෂ්පාදනයට සම්බන්ධ පහසුකම් ඇතුළු යුක්රේන යටිතල පහසුකම්වලට එරෙහි රුසියානු ගුවන් මෙහෙයුම් තීව්‍ර වී ඇති බව මේ වන විට වඩාත් පැහැදිලි වී තිබේ.
නැගෙනහිර යුක්රේනය පුරා ඉන්ධන පිරවුම්හල්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දැඩි ඉන්ධන හිඟයක් ඇති වී, හමුදාමය හා සිවිල් ගමනාගමනය වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බව දේශීය මාධ්‍ය පවා වාර්තා කර තිබුණි. දුම්රිය මාර්ග සහ දුම්රිය එන්ජින් ද රුසියානු ඉලක්ක අතරට එක් විය.
ඒ අනුව, යුක්රේනය රුසියානු භූමිය තුළට එල්ල කරන ප්‍රහාර සමඟ සෘජුව සම්බන්ධ වූ රුසියානු ගුවන් මෙහෙයුම් තීව්‍ර වීම හේතුවෙන් යුක්රේනයේ හමුදාමය හා ආර්ථික තත්ත්වය පිරිහීම වේගවත් වෙමින්, කියෙව් පාලනය බිඳ වැටීමේ සීමාවට තවදුරටත් ළං වෙමින් පවතින බවට තර්ක කළ හැකිය.
කළු මුහුදේ සිට ඩොන්බාස් දක්වා
කෙසේ වුවද, බටහිර මාධ්‍ය රුසියානු නෞකාවලට එල්ල වූ යුක්රේන ප්‍රහාර පුළුල් ලෙස සැමරුවද, විශේෂයෙන්ම යුක්රේනයේ කළු මුහුදු ප්‍රවේශය ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින තත්ත්වයක් තුළ එහි ප්‍රතිවිපාක යුක්රේනයටම වඩාත් දරුණු වන්නට පටන් ගෙන තිබේ.
රුසියාව ඔඩෙසාට එරෙහි මෙහෙයුම තීව්‍ර කිරීමට පෙර සිටම යුක්රේනයේ ආර්ථික තත්ත්වය අතිශය අසීරු මට්ටමකට ළඟා වී තිබුණි. අඛණ්ඩ ගුවන් ප්‍රහාර යුක්රේන ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට තවදුරටත් හානි කරන අතරම, රුසියාව ක්‍රමයෙන් යුද බිමේ සිය ස්ථාවරය ශක්තිමත් කරනු ඇති බවට යුද විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
ඔවුන්ට අනුව, 2026 වසර අවසන් වන විට රුසියාවට ඩොන්බාස් ප්‍රදේශයේ පාලනය ලබා ගැනීමට ඉඩ ඇත. වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ මොස්කව් අවසානයේදී තවත් කොපමණ භූමි ප්‍රමාණයක් අත්පත් කර ගනීද යන්නයි. එය තවමත් නිශ්චිතව අනාවැකි පළ කළ නොහැකි වුවද, යුක්රේනයට අහිමි වන භූමි ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක වීමට ඉඩ ඇත.
කළු මුහුදු වරායන් පාලනය කිරීමෙන් යුක්රේනය තවදුරටත් ආර්ථික වශයෙන් දුර්වල කළ හැකි බැවින්, ඔඩෙසා අවසානයේ රුසියානු ඉලක්කයක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවටද මත පළ වේ. එහෙත් සමස්ත යුක්රේනයම අත්පත් කර ගැනීමෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමට රුසියාවට හැකි තත්ත්වයක සිටින්නේද යන්න සැක සහිතය.
බටහිර යුක්රේනයේ ජනගහනය ප්‍රධාන වශයෙන් යුක්රේන ජාතිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් දැඩි ලෙස ප්‍රතිරෝධය දැක්වීමට ඉඩ ඇති හෙයින් එම ප්‍රදේශවල ඉදිරියට යාම රුසියානු පාර්ශ්වයට නුවණැති පියවරක් නොවන බව යුද විශ්ලේෂකයෝ පවසති. ඒ වෙනුවට, ආර්ථික වශයෙන් දුර්වල හා අක්‍රමවත් කුඩා යුක්රේන රාජ්‍යයක් හෙවත් “Rump Ukraine” බිහි වීමේ හැකියාවක් ඇති බවට ඔවුහු මත පළ කරති.
ඒ අනුව, රුසියානු දෘෂ්ටිකෝණයෙන් යුක්රේන භූමියේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කර ගැනීමත්, වාර්ගික වශයෙන් යුක්රේන ජනතාව බහුල ප්‍රදේශවල දිගුකාලීනව සිරවීමෙන් වැළකී සිටීමත් වඩාත් සුදුසු වනු ඇති බව යුද විශ්ලේෂකයන්ගේ මතයයි. ඒ අනුව, ඉතිරි වන යුක්රේන රාජ්‍යයට කළු මුහුදු වරායන් අහිමි කිරීම මෙම තත්ත්වය තුළ වැදගත් උපායමාර්ගික පියවරක් වනු ඇත.
රුසියාව සම්පූර්ණ ජයග්‍රහණයක් වෙනුවට “අසුන්දර ජයග්‍රහණයක්” ලබා ගනු ඇති බවටද අනාවැකි පළ වේ. එනම්, රුසියාව සමස්ත යුක්රේනයම අත්පත් කර ගැනීමෙන් යුද්ධය අවසන් කිරීම වෙනුවට, ගැටුම අවසානයේ “කැටි ගැසුණු” තත්ත්වයකට පත්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
විශ්ලේෂකයෝ යුක්රේනයේ බරපතළ මිනිස් බල හිඟය කෙරෙහි ද අවධානය යොමු කරති. බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් වැළකී සිටීම සහ සෙබළුන් යුද බිම අතහැර යාම සම්බන්ධ ගැටලු පිළිබඳව යුක්රේන මාධ්‍ය තුළ පවා සැලකිය යුතු අවධානයක් යොමුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරමුණු රේඛාවල ප්‍රමාණවත් මිනිස් බලයක් නොමැති තත්ත්වයකට යුක්රේනය මුහුණ දී තිබේ.
යුක්රේනයේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය ද දැඩි ගැටලුකාරී තත්ත්වයක පවතින බව දිනෙන් දින තහවුරු වන බවට තර්ක කෙරේ. ජනාධිපති සෙලෙන්ස්කි විසින් ආරක්ෂක අමාත්‍යවරයා සහ හමුදා ප්‍රධානියා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ජාත්‍යන්තර වේදිකාවේ ඇති වී තිබේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්නා මෙම පුද්ගලයන් දෙදෙනා වෙනස් කිරීම, යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක තවත් අවිනිශ්චිතතාවක් ඇති කිරීමට හේතු වී තිබේ.
මේ සියල්ල එකට ගත් විට, යුක්රේන පෙරමුණ දුර්වල වීම, රුසියානු ගුවන් ප්‍රහාර තීව්‍ර වීම සහ කියෙව්හි දේශපාලන ගැටලු යුක්රේනය “ඇත්තෙන්ම දැඩි අර්බුදයක” ගිලී සිටින බව පැහැදිලි කරන බව පෙනේ.
යුක්රේනය “යුද්ධයේ ගමන් මඟ වෙනස් කළා”: බටහිර ආඛ්‍යානය ඇගැයීම
යුක්රේනය යුද්ධයේ “ගමන් මඟ වෙනස් කර ඇති” බව පෙන්වා දෙන ප්‍රධාන බටහිර මාධ්‍ය ආඛ්‍යානයක් ලෙස විස්තර කළ හැකි කරුණ පිළිබඳව අවධානය යොමු කරමු. මෙම ආඛ්‍යානය ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි යම් බලපෑමක් ඇති කළ බව පෙනී යයි. යුක්රේනය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට ළඟා වී ඇති බව ට්‍රම්ප් උපකල්පනය කර ඇති අතර, පසුව සෙලෙන්ස්කිට වැඩි ඇමරිකානු සහායක් ලබා දෙන බවට සංඥා කර ඇති බව අපගේ විශ්වාසයයි.
කෙසේ වෙතත්, “ගමන් මඟ වෙනස් කිරීම” පිළිබඳ ආඛ්‍යානය ප්‍රචලිත කිරීම පිටුපස තිබූ බලවේගවල වේගය දැනටමත් අඩුවෙමින් හෝ බිඳ වැටෙමින් පවතින බවට එයට විරුද්ධ මත දරන්නන් පෙන්වා දෙති. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෑතකදී විශ්වාසයෙන් යුතුව පෙනී සිටිමින් රුසියාව වේගයෙන් ඉදිරියට යමින් සිටින බව සඳහන් කිරීමත් සමඟ “ගමන් මඟ වෙනස් කිරීම” පිළිබඳ බටහිර ආඛ්‍යානයේ සැර බාල වී තිබේ. කෙසේ වුවද, යුද්ධය අවසන් වන්නේ කෙසේද සහ කවදාද යන්න නිශ්චිතව පැවසීමට විශ්ලේෂකයෝ ඉක්මන් නොවෙති. ඊට හේතුව වන්නේ යුද බිමේ ඩ්‍රෝනවල වැදගත්කම වේගයෙන් වැඩිවෙමින් තිබීමයි.
ඩ්‍රෝන: යුක්රේනයට යුද්ධයේ රැඳී සිටීමට උපකාර කරන ආයුධය
ඩ්‍රෝන මෙතරම් විශාල සංඛ්‍යාවකින් භාවිතයට නොපැමිණියේ නම්, යුක්රේනය බොහෝ කලකට පෙර යුද්ධය පරාජය වී අවසන් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. යුද පෙරමුණ දිගේ යොදවා ඇති දැවැන්ත ඩ්‍රෝන සංඛ්‍යාව හේතුවෙන් රුසියානු හමුදාවන්ට සෙමින් සහ ඉතා ප්‍රවේශමෙන් ඉදිරියට යාමට සිදුව ඇති බව අපගේ නිරීක්ෂණයයි. එමෙන්ම, යුක්රේනය සතු සැලකිය යුතු හමුදා මිනිස් බල හිඟය සහ ඉදිරි ආරක්ෂක ස්ථානවල ප්‍රමාණවත් සෙබළුන් යෙදවීමට නොහැකි වීම යම් තරමකට පියවා ගැනීමටද ඩ්‍රෝන උපකාර වී තිබේ.
ඒ අනුව, අපගේ නිගමනය වන්නේ ඩ්‍රෝන නොතිබුණේ නම් යුක්රේනයේ තත්ත්වය මීට වඩා භයානක මට්ටමකට පත්වීම වැළැක්විය නොහැකි වූ බවයි. එමෙන්ම, සංඛ්‍යාත්මකව අඩු තත්ත්වයක සිටියද රුසියානු ඉදිරි ගමන මන්දගාමී කිරීම සඳහා ඩ්‍රෝන භාවිත කිරීමේදී යුක්රේනය සාපේක්ෂව හොඳින් ක්‍රියා කර ඇති බව විශ්ලේෂකයෝ පිළිගනිති. කෙසේ වෙතත්, අපගේ තක්සේරුව වන්නේ රුසියාව ඉදිරියට යමින් සිටින බවත්, ඩ්‍රෝන පැවතීම නිසා රුසියාවට සාමාන්‍යයෙන් ඉදිරියට යා හැකි වේගයට වඩා අඩු වේගයකින් ඉදිරියට යාමට සිදුව තිබුණද, යුක්රේනයේ පෙරමුණු තත්ත්වය අවසානයේදී තිරසාර නොවන බවත්ය.
ට්‍රම්ප්ට ඇත්ත වශයෙන්ම කළ හැක්කේ කුමක්ද?
පසුගිය ජුනි මාසයේ ප්‍රංශයේ පැවති G7 රැස්වීමේදී සහ ජූලි මස මුලදී තුර්කියේ අන්කාරාහි පැවති නේටෝ රැස්වීමේදී යුක්රේනයේ ක්‍රියාමාර්ග පිළිබඳව ට්‍රම්ප් පැහැදී සිටි බව බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය පවසා තිබුණි. යුක්රේනය රුසියාව ආරක්ෂක තත්ත්වයකට තල්ලු කර ඇති බවට වූ ආඛ්‍යානය ට්‍රම්ප් පිළිගෙන ඇති බව එහිදී හොඳින්ම විද්‍යාමාන වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පරිශීලනයේදී පෙනී යයි. කෙසේ වුවද, ප්‍රශ්නය වූයේ එවැනි දේශපාලන වෙනසක් ප්‍රායෝගිකව කෙතරම් වෙනසක් ඇති කළ හැකිද යන්නයි. ට්‍රම්ප් යුක්රේනයට තවත් ආයුධ ලබා දෙනු ඇතිද? තවත් Patriot මිසයිල ලබා දෙනු ඇතිද? ඇමරිකා එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන ගණනක් ලබා දෙනු ඇතිද? යන ප්‍රශ්න අප හමුවේ පැන නැගුණි.
තක්සේරුව මූලික වශයෙන්ම ඍණාත්මක විය. ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් සිදු කරමින් සිටින ආකාරයටම යුක්රේනයට බුද්ධි තොරතුරු සහාය ලබා දීම දිගටම කරනු ඇත. එහෙත් යුද්ධයේ ගමන් මඟ මූලික වශයෙන් වෙනස් කිරීමට අවශ්‍ය හමුදා සම්පත් ට්‍රම්ප් සතුව තිබේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැන නගී.
යුරෝපා ආණ්ඩුවලට යථාර්ථවාදීව කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳවද එවැනිම ප්‍රශ්නයක් පවතී. යුරෝපය දැනටමත් ඩ්‍රෝන සහ බුද්ධි තොරතුරු ලබා දෙමින්, යුක්රේනය දිරිමත් කරමින් සහ යුක්රේන ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා සැලසුම් කළ ප්‍රචාරණ මෙහෙයුමකට සහාය දෙමින් සිටී. එහෙත් එම මෙහෙයුම අවසානයේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලබා දී ඇති බව දැන් පැහැදිලි වේ. ඉරානය සම්බන්ධයෙන් හෝ යුක්රේනයට ජයග්‍රහණයක් ලබා දීමට උත්සාහ කරන ඇමරිකා එක්සත් ජනපදයට සහ පුළුල් බටහිර කඳවුරට “මැජික් සූත්‍රයක්” නොමැති බව තහවුරු වී හමාරය.
ඇමරිකානු හමුදා බලයේ සීමාවන්
යුරෝපයේ ජනතාව අතර පවතින ඇතැම් මතවාද අනුව, ඇමරිකානු මැදිහත්වීම යනු අසීමිත හමුදා හැකියාවන් පවතින නමුත් රුසියාව පරාජය කිරීමට වොෂින්ටනයට දේශපාලන කැමැත්ත තිබේද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවක පවතින තත්ත්වයකි. එහෙත් බයිඩන් පරිපාලනයේ අත්දැකීමෙන් පෙනී ගියේ දේශපාලන අභිප්‍රාය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සැබෑ හමුදාමය හැකියාවන් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය. යුක්රේනයට තමන්ගේම Patriot මිසයිල පද්ධති සංවර්ධනය කිරීමට බලපත්‍ර ලබා දීම සඳහා ඇමරිකානු උත්සාහයන් පිළිබඳව ලෝක ජනතාව අතර සාකච්ඡාවක් පවතී. එහෙත් අපගේ නිරීක්ෂණය වන්නේ නුදුරු හෝ මධ්‍යම හා දිගු කාලීනව පවා එය සිදු කිරීමට ඇමරිකාවට ඇති හැකියාව ඉතා පහළ මට්ටමක පවතින බවයි.
යුක්රේනය සහ ඉරාන යුද්ධය
යුක්රේන ගැටුම ඉරානය සම්බන්ධ යුද්ධයට සෘජුව සම්බන්ධ විය හැකිද යන්න ලෝක පරිමාණයෙන් සාකච්ඡාවට ගන්නා තවත් ප්‍රධාන මාතෘකාවකි. කළු මුහුදේ ඉරාන නෞකාවකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරය සහ ඊට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව කරුණ කරළියට පැමිණි වහාම, යුක්රේනය මෙම සිදුවීම උත්සන්න නොකිරීමට කැමැත්තක් පෙන්වමින්, කියෙව් පාලනය ප්‍රහාරය හිතාමතා සිදු නොකළ බව ප්‍රකාශ කරනු ලැබිණි. මෙම යුද්ධ දෙක සටන් කිරීමේ අර්ථයෙන් සෘජුව සම්බන්ධ වීමට ඉඩකඩ ඇත්තේම නැති තරම්ය. කෙසේ වෙතත්, මෙම යුද්ධ දෙක අතර වැදගත් වක්‍ර සම්බන්ධතාවක් හඳුනාගත හැකිය. එනම්, මැදපෙරදිග භාවිත කරන ඇමරිකානු හමුදා සම්පත් යුක්රේනය වෙත ලබා දීමට ඇති හැකියාව ඉතා අඩු මට්ටමක පැවතීමයි.
Patriot මිසයිල මේ අතරින් විශේෂයෙන් වැදගත් වේ. ඉරාන යුද්ධය ආරම්භ වූ 2026 පෙබරවාරි 28ට පෙර ඇමරිකානු හමුදා සතුව තිබූ තොග සමඟ වත්මන් තත්ත්වය සංසන්දනය කළ විට, ඇමරිකානු Patriot මිසයිල තොගයෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකක් භාවිත කර අවසන් බවට තක්සේරු කෙරේ. Patriot මිසයිල පද්ධති සහ මිසයිල නිෂ්පාදනය කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බැවින්, කියෙව් හමුදාවලට අවශ්‍ය ප්‍රමාණයෙන් Patriot මිසයිල පද්ධති ලබා දීමට ඇමරිකාවට නොහැකි බවට තර්ක කෙරේ.
ඉරානය සහ යුක්රේනය පුළුල් යුද්ධයකට ඇතුළු වීමට ඉඩ අඩු ඇයි?
ඉරාන නෞකාවකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරය ගැටුම් දෙකම එක් විශාල යුද්ධයක් බවට පත් කිරීමට ඉඩ අඩු බව යුද විශ්ලේෂකයෝ පවසති. ඔවුන්ට අනුව, රුසියාවට එරෙහිව දැනටමත් පැවැත්ම සඳහා අරගල කරමින් සිටින අවස්ථාවක ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමට යුක්රේනයට උපායමාර්ගික උනන්දුවක් නොමැත. එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ ගැටුමක නිරතව සිටින අවස්ථාවක යුක්රේනයට එරෙහිව තවත් පෙරමුණක් විවෘත කිරීමට ඉරානයටද හේතුවක් නොමැත.
ඇමරිකා එක්සත් ජනපදය සහ එහි මැදපෙරදිග සගයන්ට එරෙහි සටන්වල විශාල කොටසක් සිදු කිරීම සඳහා හිස්බුල්ලා, හවුති සහ ඉරාක මිලීෂියා ඇතුළු මිත්‍ර හමුදා මත ඉරානයට විශ්වාසය තැබිය හැකිය. එබැවින් යුක්රේනය සමඟ තවත් ගැටුමකට ඇතුළුවීමට ඉරානයට එතරම් උනන්දුවක් නොමැති වීම තර්කානුකූලය. ඒ අනුව, ඉරාන නෞකාවට එල්ල කළ යුක්රේන ප්‍රහාරය බරපතළ උත්සන්න වීමකට හේතු නොවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ඩොන්බාස් ප්‍රශ්නය
රුසියානු හමුදා දකුණින් සහ බටහිරින් ඉදිරියට යන විට ස්ලොවියන්ස්ක් සහ ක්‍රමටෝර්ස්ක් අවට ඉතිරිව ඇති යුක්රේන ආරක්ෂක ස්ථාන වඩ වඩාත් අවදානමට ලක්විය හැකිය. කෙසේ වුවද, කොස්ටියන්ටිනිව්කා අත්පත් කර ගැනීමෙන් පසුව රුසියානු ඉදිරි ගමන සහ වටලෑමක් ඇති වීමේ හැකියාවක් පවතී. ඒ අතරම, උතුරෙන් රුසියානු ඉදිරි ගමන මන්දගාමී කිරීමට යුක්රේන ප්‍රතිප්‍රහාර සමත් වී ඇති බව යුද බිම නිරීක්ෂණයෙන් පෙනී යයි. ඒ අනුව, යුක්රේනය “යුද්ධයේ ගමන් මඟ වෙනස් කළේය” යන ආඛ්‍යානය බිඳ වැටී, හමුදාමය තත්ත්වය තවදුරටත් පිරිහුණහොත් ඇමරිකානු සහ යුරෝපා ආණ්ඩු කුමක් කරනු ඇත්ද යන්න ප්‍රශ්නය පැන නගී. එවැනි තත්ත්වයකදී බටහිරට මූලික වශයෙන් විකල්ප දෙකකට මුහුණ දීමට සිදුවනු ඇත. එනම්, උත්සන්න කිරීම හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමයි.
බටහිර රටවල් රුසියානු ජයග්‍රහණයකට බිය වන්නේ ඇයි?
යුරෝපා ආණ්ඩු සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ සිටින තීරණාත්මක කණ්ඩායම් රුසියාව තමන්ට “මාරාන්තික තර්ජනයක්” ලෙස සලකති. මෙම දෘෂ්ටිකෝණයට අනුව, ප්‍රශ්නය වන්නේ රුසියාව යුක්රේනය පරාජය කරයිද යන්න පමණක් නොවේ. රුසියානු ජයග්‍රහණයකින් මොස්කව්ට නැගෙනහිර යුරෝපයට හෝ වෙනත් යුරෝපා ප්‍රදේශවලට තර්ජනය කිරීම සඳහා වඩාත් ශක්තිමත් ස්ථාවරයක් ලැබිය හැකි බවට ඔවුන් තුළ බියක් පවතී.
එහෙත් මෙම තර්ජන තක්සේරුව නිවැරදි නොවුවද, බටහිර ප්‍රතිපත්ති සම්පාදකයන් බොහෝ දෙනෙකු එම තර්ජනය විශ්වාස කරන බව අපි අවධාරණය කරන්නෙමු. එම මවාගත් බිය නිසා ඩොන්බාස්හි යුක්රේන පරාජයක් බටහිර ආණ්ඩු සඳහා විශේෂයෙන් බියජනක හා අනතුරුදායක ලෙස සැලකීම වැළැක්විය නොහැක.
1918 ජර්මනියේ ඓතිහාසික සංසන්දනය
යුක්රේන හමුදාව බිඳ වැටීමේ හැකියාව සහ පළමු ලෝක යුද්ධයේ අවසාන අදියරේදී ජර්මානු හමුදාවට සිදු වූ දේ අතර සංසන්දනය සලකා බලමු. 1918දී ලුඩෙන්ඩෝර්ෆ් ප්‍රහාරය දියත් කරන අවස්ථාවේ ජර්මානු හමුදාව තවමත් බලවත් සටන් හමුදාවක් විය. එම වසරේ මාර්තු මාසය වන විට ජර්මනිය යුද්ධය ජයග්‍රහණය කළ හැකි බවට පවා බියක් පැවතුණි. එහෙත් 1918 නොවැම්බර් 11 වන විට ජර්මානු හමුදාව අවසානයේ බිඳ වැටීමෙන් පසු ජර්මනිය දැඩි පරාජයකට ලක් විය. ගැටුම එම තත්ත්වයට පැමිණි විට යුක්රේන හමුදාවද බිඳ වැටීමට පටන් ගත හැකි බවට සමාන තත්ත්වයක් උදා විය හැකි බව අපගේ මතයයි.
උත්සන්න කිරීමද? රාජ්‍යතාන්ත්‍රික මාර්ගයද?
යුක්රේන හමුදාව බිඳ වැටුණහොත් බටහිරට ඇත්ත වශයෙන්ම කළ හැක්කේ කුමක්ද යන්න යුරෝපා නායකයන් හමුවේ ඇති බරපතළ ප්‍රශ්නයයි. න්‍යායාත්මකව විකල්ප දෙකක් හඳුනාගත හැකිය. එනම්, ඉහත පෙන්වා දුන් පරිදි උත්සන්න කිරීම හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගය යන විකල්ප දෙකින් එකකට එළඹීමයි. එහෙත් අර්ථවත් හමුදාමය උත්සන්න කිරීමක් ඇත්ත වශයෙන්ම කෙබඳු විය හැකිද? නේටෝව සෘජුවම යුද්ධයට ඇතුළු වීමට ඉඩ අඩු බවත්, බටහිරට අවශ්‍ය හමුදාමය හැකියාවන් නොමැති බවත් බොහෝ යුද විශ්ලේෂකයන්ගේ අවධාරණයයි. විශේෂයෙන් යුරෝපා රාජ්‍යවල හමුදා හැකියාවන් විවේචනාත්මකව ප්‍රශ්න කරන යුද විශ්ලේෂකයෝ, බ්‍රිතාන්‍ය සහ ජර්මානු හමුදාවලට රුසියාව සමඟ සෘජු ගැටුමකදී රුසියාව පරාජය කළ හැකිද යන්න බරපතළ ප්‍රශ්නයක් ලෙස පවතින බව පවසති. වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ රුසියාව සතු න්‍යෂ්ටික අවි බලයයි. රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කිරීමට පෙළඹවිය හැකි යුද්ධයකට බටහිර ඇතුළු වීමට කැමති වීම අතිශය අවදානම් කාරණයක් බව යුද විශ්ලේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව, අර්ථවත් හමුදාමය උත්සන්න කිරීමක් සඳහා බටහිරට යථාර්ථවාදී හමුදාමය විකල්පයක් නොමැති බව නිගමනය කිරීමට අප පෙළඹෙන්නෙමු.
කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ගයද බටහිරට තමන්ගේම දේශපාලන ගැටලුවක් ඉදිරිපත් කරනු ඇත. රුසියාව යුක්රේන හමුදාව පසුපසට තල්ලු කර, සැලකිය යුතු අමතර භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන, ඉන් පසුව බටහිර සටන් විරාමයක් හෝ 1953 කොරියානු අර්ධද්වීපයේ ඇති වූ තත්ත්වයට සමාන කැටි ගැසුණු ගැටුමක් සඳහා සාකච්ඡා ආරම්භ කළහොත්, එවැනි ගිවිසුමක් බටහිර සහ යුක්රේනය පරාජයට පත්වූ බව නිල වශයෙන් පිළිගැනීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඒ අනුව, මෙම ගැටුම සරලව “යුක්රේනය එදිරිව රුසියාව” ලෙස නොව, “යුක්රේනය සහ බටහිර එදිරිව රුසියාව” ලෙස සැලකිය යුතු තත්ත්වයක් බවට පත්වනු ඇත.
එබැවින්, යුක්රේන හමුදාව බිඳ වැටුණහොත් හෝ රුසියාව මේ දක්වා පැවති වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ඉදිරියට යාමට පටන් ගත්තහොත්, යුක්රේනයට හෝ බටහිරට හෝ හොඳ විකල්ප සමූහයක් ඉතිරි නොවන බව අපගේ තක්සේරුවයි.
වඩ වඩාත් ක්ෂයවීම මත හැඩගැසෙන යුද්ධයක්
අවසානයේ, යුක්රේන ගැටුම මගින් ඉදිරිපත් කරනු ලබන්නේ හමුදා මිනිස් බලය, කාර්මික නිෂ්පාදන හැකියාව, ගුවන් බලය, ඩ්‍රෝන, ආර්ථිකයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ ආයුධ සඳහා ප්‍රවේශය, තනි තනි යුද බිම් මෙහෙයුම්වලට සමානව හෝ ඊටත් වඩා වැදගත් විය හැකි තරගයක් පිළිබඳ අදහසකි. ඒ අනුව, යුක්රේන දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියාවට හානි සිදු කළ හැකි නමුත්, ඒවා මගින් යුක්රේනයට ඊට වඩා විශාල පිරිවැයක් ඇති කරන ප්‍රතිචාර ඇති වීමේ අවදානමක් පවතින බව අපගේ සෘජු නිගමනයයි. කළු මුහුදු වරායන් වසා දැමීම, යටිතල පහසුකම්, ඉන්ධන සහ ප්‍රවාහන ජාල මත ඇතිවන පීඩනය සහ යුක්රේනයේ මිනිස් බල ගැටලු සමඟ එක්ව, කියෙව්හි ස්ථාවරය තවදුරටත් දුර්වල වීම නොවැළැක්විය හැකි බවට තර්ක කළ හැකිය. එමෙන්ම, ඩ්‍රෝන පුළුල් ලෙස භාවිත කිරීම රුසියානු ඉදිරි ගමන මන්දගාමී කර ඇති අතර, මිනිස් බලයේ අවාසිය තිබියදීත් යුක්රේනයට ප්‍රතිරෝධය දිගටම පවත්වා ගැනීමට හැකියාව ලබා දී තිබේ.
එබැවින් මෙහි මතුවන චිත්‍රය වන්නේ රුසියාව විසින් සමස්ත යුක්රේනයම ආසන්න අනාගතයේදී තීරණාත්මක ලෙස අත්පත් කර ගැනීමක් නොව, ක්‍රමයෙන් වර්ධනය වන රුසියානු හමුදාමය වාසියක්, යුක්රේනය මත වැඩිවන ආර්ථික හා හමුදාමය පීඩනයක් සහ අවසානයේ කුඩා හා ආර්ථික වශයෙන් දුර්වල වූ යුක්රේන රාජ්‍යයක් සමඟ කැටි ගැසුණු ගැටුමක් ඇති කළ හැකි විසඳුමක් යන්නයි.
එලෙසම, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය මුහුණ දෙන වඩ වඩාත් දුෂ්කර තේරීම් සලකා බැලුවහොත්, සීමිත හමුදා සම්පත් තිබියදීත් යුක්රේනයට සහාය දැක්වීම දිගටම කරගෙන යාම, න්‍යෂ්ටික අවි සහිත රුසියාව සමඟ සෘජු ගැටුමක අවදානමක් සහිතව උත්සන්න කිරීම, නැතහොත් හමුදාමය පරාජයක් පිළිගැනීමක් ලෙස අර්ථ දැක්විය හැකි සාකච්ඡාවලට පිවිසීම යන සන්ධිස්ථානයකට බටහිර පිවිස ඇති බව දක්නට ලැබේ.
පාද සටහන: මෙම ලිපිය 2026 ජූලි 30 වැනිදා මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් සමඟ පටිගත කරන ලද වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගෙන සකස් කර ඇත.
සැකසුම: ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්
මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්
ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය
රුසියා-යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියක: යුක්රේනයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක්..
ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය..
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..
22 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් පාලනයකට ගෙන යාමේ අවදානමක්..
IMF ණයෙන් තුනෙන් එකකට තට්ටු කළ මහා මූල්‍ය වංචාව: කඩදාසි සමාගම් 105ක රහස එළියට.. බැංකු කළමනාකාරවරුන්ටත් මාංචු..
ජපානයේ "නිහඬ" ආර්ථික බෝම්බය: අනාගතයේ රටට මොකද වෙන්නේ?..
නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීමට, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව වහා යාවත්කාලීන කරන්න.. – GMOA වෙතින් හදිසි ඉල්ලීමක්
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක්..
ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මතයි- ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ඝරිබාබාදි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..
චීන හිටපු ජනාධිපති චියං ත්ස-මින් ගේ ජන්ම සංවත්සර සමරුව..
වසර අගදී එල් - නිනෝ ප්‍රබල වෙයි.. වසර 75කට පසු ලංකාවට දරුණු අවදානමක්..
ගෝලීය ආතතිය ඉහළට.. රුසියානු ප්‍රහාර දැඩි වෙයි.. මැදපෙරදිගින් නව ආරක්ෂක සන්ධානයක්.. - ලෝක දේශපාලනය උණුසුම් කළ සතියේ ප්‍රධාන සිදුවීම් මෙන්න..