News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු ප්‍රතිචාරය, ‘ඉස්ලාමීය NATO’, බටහිර ඉවුරේ උණුසුම් තත්ත්වය සහ ජර්මනියේ ඔත්තු සේවා බලය: සතියේ ප්‍රධාන භූදේශපාලනික පෙරළි

Aug 17, 2026 at 11:21 AM
|

රුසියානු–යුක්රේන යුද්ධය තවදුරටත් දැඩි වෙමින් පවතින අතර, මොස්කව්හි දැඩි ප්‍රතිචාර, වොෂින්ටන්–මොස්කව් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව චලනයන්, මැදපෙරදිග නව ආරක්ෂක සන්ධානයක් පිළිබඳ සාකච්ඡා, ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම සහ බටහිර ඉවුරේ පලස්තීන පවුල් මුහුණ දෙන අර්බුදය මෙම සතියේ ජාත්‍යන්තර අවධානයට ලක් වූ ප්‍රධාන සිදුවීම් අතරට එක් විය.

යුක්රේන ප්‍රහාරවලට රුසියාවෙන් දැඩි ප්‍රතිචාර

යුක්රේනය විසින් රුසියානු භූමියට එල්ල කරන ලද දිගු දුර ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියාව සිය ප්‍රහාර තවදුරටත් තීව් ර කර තිබේ. කෙසේ වුවද ,රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කළේ, යුක්රේනය සිවිල් ජනතාව ඉලක්ක කර ගැනීමේ ක්‍රමයට රුසියාව නොවැටෙන නමුත්, කියෙව්හි යුද යන්ත්‍රයට සහාය වන යටිතල පහසුකම් විනාශ කිරීම සඳහා වඩාත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම තත්ත්වය යටතේ කියෙව් සහ සැපොරෝෂ්යේ හමුදා කර්මාන්ත හා ද්විත්ව භාවිත පහසුකම්වලට මෙන්ම කළු මුහුදු වෙරළේ වරාය යටිතල පහසුකම්වලටද රුසියානු ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.

යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතියට අවශ්‍ය  Patriot අන්තර්ග්‍රාහක මිසයිල සැපයුම සම්බන්ධයෙන්ද ගැටලු මතුව තිබේ. යුක්රේනයේ බටහිර ආධාරකරුවන් සතුව එම මිසයිල සීමිත ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බවත්, ඇමරිකාව ඉරානයට එරෙහි යුද්ධයේදී විශාල ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, කළු මුහුදේ නැව්වලට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් තාවකාලික සටන් විරාමයක් සඳහා යුක්රේනය රුසියාවෙන් ඉල්ලීමක් කළ බවටද වාර්තා පළ විය. එම යෝජනාව මොස්කව් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කියෙව් පාලනය සිවිල් නෞකා සම්බන්ධයෙන් “නිර්ලජ්ජිත ත්‍රස්ත ක්‍රියා” සිදු කරන බවට චෝදනා කළාය.

සෙලෙන්ස්කිට බටහිර මිතුරන් සමඟ නව ගැටලු

යුක්රේනයට අඛණ්ඩ බටහිර සහාය අවශ්‍ය පසුබිමක, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ ක්‍රියාමාර්ග ඇතැම් ප්‍රධාන ආධාරකරුවන් සමඟ සබඳතා සංකීර්ණ කර ඇති බවද මෙම සතියේ අවධානයට ලක් විය. යුක්රේනයට  Patriot මිසයිල ලබාදුන් යුරෝපා රටවල් කිහිපයෙන් එකක් වන පෝලන්තය සමඟද ආතතීන් මතුව තිබේ. යුක්රේන පාර්ශ්වය විසින් දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යෙව්හෙන් කොනොවාලෙට්ස්ගේ දේහය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පෝලන්තයේ විවේචනයට ලක්ව තිබේ.

මේ අතර, යුක්රේන හමුදා කළු මුහුදේ නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ද සෙලෙන්ස්කි සමඟ දැඩි ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා විය.

රුසියානු අත් අඩංගුවේ සිටි හිටපු ඇමරිකානු මැරීන් සෙබළෙකු නිදහස් කිරීම

රුසියා–ඇමරිකා සබඳතාවල රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නව චලනයක් ලෙස හිටපු ඇමරිකානු මැරීන් සෙබළ රොබට් ගිල්මන් රුසියාව විසින් නිදහස් කිරීම කැපී පෙනුණි.

2022 වසරේ රුසියාවේදී පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ගිල්මන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සමාව ලබාදී ඇති අතර, ඔහු අගෝස්තු 12 වනදා නැවත ඇමරිකාවට පැමිණියේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ පුටින් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මානුෂීය පදනමක් මත ගිල්මන් නිදහස් කිරීමට රුසියාව එකඟ වූ බවයි. ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ්ද මෙම සාකච්ඡා සඳහා වැදගත් භූමිකාවක් ඉටු කළ බව වාර්තා විය.

ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම

ජර්මනිය තුළද ආරක්ෂාව සහ බුද්ධි සේවා බලතල පිළිබඳ විශාල විවාදයක් මතුව තිබේ.චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් කර ඇති නව නීති යෝජනා අනුව, ජර්මනියේ විදේශ බුද්ධි සේවාව වන BND ආයතනයට රුසියාව සහ වෙනත් විදේශීය විරුද්ධ පාර්ශ්වයන්ට එරෙහි ආක්‍රමණශීලී සයිබර් ප්‍රහාර සිදු කිරීමට හැකියාව ලැබිය හැකිය.

එමෙන්ම, දේශීය බුද්ධි සේවාව වන BfV ආයතනයට ජර්මානු පුරවැසියන්ගේ ස්මාර්ට්ෆෝන් සහ පරිගණකවලට ඇතුළුවීමේ නව බලතල ලබාදීමටද යෝජනා වී තිබේ.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ට් මෙම නව බලතල “විප්ලවයක්” ලෙස විස්තර කර ඇති අතර, මොස්කව් එය ජර්මනියේ වැඩිවන හමුදාකරණයේ තවත් උදාහරණයක් ලෙස විවේචනය කර තිබේ.

ජර්මනියේ දක්ෂිණාංශික ඇෆ්ඪ් පක්ෂයද මෙම නීති විවේචනය කරමින්, එම බලතල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වෙනුවට වඩාත් දැඩි රාජ්‍ය පාලනයක් සඳහා යොදාගත හැකි බවට අනතුරු ඇඟවීය.

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ‘මක්කා ගිවිසුම’

මැදපෙරදිග බල සමතුලිතතාව වෙනස් කළ හැකි තවත් වැදගත් වර්ධනයක් ලෙස සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම දැක්විය හැකිය.

අගෝස්තු 7 වනදා මක්කාවේදී අත්සන් කරන ලද මෙම ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම යටතේ, එක් සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී තිබේ.

මෙය ඇතැම් විචාරකයන් විසින් “ඉස්ලාමීය NATO” ලෙස හඳුන්වා ඇති අතර, මෙම නව සන්ධානයේ සැබෑ ආරක්ෂක හැකියාව සහ එක් රටකට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක අනෙක් රටවල් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තවමත් පැහැදිලිභාවයක් නොමැත. කෙසේ වුවද ඉරාන පාර්ශව්යෙන් මෙම ගිවිසුම විවේචනය කර ඇති අතර, එය “කඩදාසි ගිවිසුමක්” ලෙස හැඳින්වූ බවද වාර්තා විය. 

මොස්කව්හි මැදපෙරදිග අධ්‍යයන මධ්‍යස්ථානයේ විශ්ලේෂකයන් මෙම ගිවිසුම මැදපෙරදිග බල සම්බන්ධතා සඳහා ඇති කළ හැකි බලපෑම් විශ්ලේෂණය කර තිබේ. එක් විශ්ලේෂණයකට අනුව, මෙම රටවල් තුනට ඇමරිකාවේ සෘජු මැදිහත්වීමකින් තොරව ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරට සම්බන්ධයෙන් වැළැක්වීමේ බලයක් ගොඩනැගීමට සිදුවනු ඇත. තවත් මතයකට අනුව, මෙම ගිවිසුම තුර්කියට සිය විශාල ආරක්ෂක කර්මාන්තය භාවිත කර කලාපයේ බලපෑම තවදුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් විය හැකිය.

මේ අතර, න්‍යෂ්ටික අවි සහිත පාකිස්තානය නව ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම ඉන්දියාවටද සැලකිලිමත් විය යුතු කරුණක් බව විශ්ලේෂක රොබින්දර් නාත් සච්දේව් පෙන්වා දී තිබේ.

ටකර් කාල්සන්ගේ ප්‍රකාශ සහ ඇමරිකානු දේශපාලනය

ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන්ද මෙම සතියේ ජාත්‍යන්තර දේශපාලන අවධානයට ලක් වූ පුද්ගලයෙකි. RT මාධ්‍යවේදී රික් සැන්චෙස් සමඟ පැවති පැයකට ආසන්න සම්මුඛ සාකච්ඡාවකදී කාල්සන් ඇමරිකානු දේශපාලන පද්ධතිය, “ස්ථිර නිලධාරි තන්ත්‍රය” සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ අතර විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවතින එකඟතාව පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. ජනාධිපති ධුරයට තරග කිරීමට තමන්ට කිසිදු සැලසුමක් නොමැති බව පැවසූ කාල්සන්, ඇමරිකාවේ දේශපාලන බල ව්‍යුහය තුළ මුදල් සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධතාව පිළිබඳවද අදහස් දැක්වීය. ඔහුගේ අදහස අනුව, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක දේශපාලනික වශයෙන් එකිනෙකාට දැඩි ලෙස විරුද්ධ බව පෙනුණද, ඇමරිකාවේ මුදල් හා විදේශ ප්‍රතිපත්තියේ ඇතැම් මූලික කරුණු සම්බන්ධයෙන් දෙපක්ෂය අතර සැලකිය යුතු එකඟතාවක් පවතී. බලවත් මුදල් අවශ්‍යතා, ආර්ථික හා දේශපාලන බලවේග මෙන්ම වොෂින්ටනයේ විදේශ ප්‍රතිපත්ති යන්ත්‍රණය පක්ෂ දෙකේම දේශපාලනය කෙරෙහි බලපෑම් කරන බව ඔහු තර්ක කළේය.

ඒ අනුව, ඇමරිකානුවන්ට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකක් පවතින බව පෙනුණද, ඇතැම් මූලික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒවා එකම දේශපාලන පද්ධතියක කොටස් ලෙස ක්‍රියා කරන බව කාල්සන් පැවසීය. ර්‍ඨ් පුවත් සේවය ඉදිරිපත් කළ වාර්තාවට අනුව, ඔහු මෙම තත්ත්වය “ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස පෙනී සිටින එක්-පක්ෂ රාජ්‍යයක්” ලෙස විස්තර කළේය.

කාල්සන්ගේ විවේචනයේ තවත් ප්‍රධාන කරුණක් වූයේ ඇමරිකාවේ “ස්ථිර නිලධාරි තන්ත්‍රය” සහ එහි විදේශ ප්‍රතිපත්ති තීරණ කෙරෙහි පවතින බලපෑමයි. ඔහුගේ අදහස අනුව, මැතිවරණ හරහා ජනාධිපතිවරුන් සහ ආණ්ඩු වෙනස් වුවද, රාජ්‍ය යන්ත්‍රණයේ ඇතැම් බලවත් කොටස් අඛණ්ඩව පවතින අතර, එමගින් ඇමරිකාවේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති දිශානති අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑම් කළ හැකිය.

මේ අතර, 2020 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ මතභේදයට තුඩුදුන් Hunter Bidenගේ ලැප්ටොප් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු බෙදාගැනීම සඳහා ඊශ්‍රායලය තමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ බවටද කාල්සන් ප්‍රකාශ කළේය.

වොෂින්ටනයේ නවකොන්සර්වේටිව් දේශපාලන බලවේග, ඔහු “යුද ලොබිය” ලෙස හඳුන්වන කණ්ඩායම් සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ඊශ්‍රායලයට පවතින බලපෑම සම්බන්ධයෙන්ද කාල්සන් දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. මෙම කරුණු පිළිබඳව තමන් ඉදිරියේදීද ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය.

බටහිර ඉවුරේ පලස්තීන පවුල් වටලෑම

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේ තවත් උණුසුම් සිදුවීමක් ලෙස බටහිර ඉවුරේ Qusra ගම්මානයේ පලස්තීන පවුල් තුනක් සිය නිවාස තුළ වටලෑම දැක්විය හැකිය.

සන්නද්ධ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් මෙම පවුල්වල නිවාස වටලා ඇති බවට වාර්තා පළ වූ අතර, එම පවුල්වලින් එක් පවුලකට ඇමරිකාවේ ජීවත් වන ඥාතීන් සිටීම හේතුවෙන් වොෂින්ටනයෙන් සාමාන්‍යයට වඩා දැඩි ප්‍රතිචාරයක් ලැබුණි.

ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති මයික් හකබී මෙම පදිංචිකරුවන් “ඊශ්‍රායල ත්‍රස්තවාදීන්” ලෙස හැඳින්වූ අතර, පලස්තීන පවුලක නිවස වටලා එලෙස හැසිරීම අපරාධයක් බව ප්‍රකාශ කළේය.

RT පුවත් සේවයේ මාධ්‍යවේදිනී චාලට් ඩුබෙන්ස්කි Qusra වෙත ගියද, ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රදේශයට ඇතුළුවීමට අවසර ලබා තිබියදීත්, පදිංචිකරුවන් විසින් ඇගේ කණ්ඩායමට බාධා කිරීම හේතුවෙන් වටලා තිබූ පලස්තීන නිවාස වෙත ළඟාවීමට නොහැකි වූ බව ර්‍ඨ් පුවත් සේවය වාර්තා කළේය.

වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර බල සම්බන්ධතා

මෙම සතියේ සිදුවීම් එකිනෙකින් වෙන් වූ සිදුවීම් ලෙස පෙනුණද, ඒවා අතර පොදු සම්බන්ධයක් දක්නට ලැබේ. යුක්රේන යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින අතර රුසියාව සිය ප්‍රතිචාර දැඩි කරමින් සිටී. ඒ අතරම, රුසියාව සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තුළ සිරකරුවන් නිදහස් කිරීම වැනි සීමිත නමුත් වැදගත් ක්‍රියාමාර්ගද සිදුවෙමින් පවතී.

මැදපෙරදිග සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය නව ආරක්ෂක රාමුවක් ගොඩනඟමින් සිටින අතර, ජර්මනිය සිය බුද්ධි සේවා සඳහා නව බලතල සකස් කරමින් සිටී. එමෙන්ම බටහිර ඉවුරේ සිදුවීම් මගින් ඇමරිකා–ඊශ්‍රායල සබඳතාවල සීමාවන් සහ අභ්‍යන්තර ආතතීන් පිළිබඳවද නව ප්‍රශ්න මතු වී තිබේ.

ඒ අනුව, මෙම සතියේ සිදුවීම් පෙන්වා දෙන්නේ යුක්රේනයේ යුද්ධය පමණක් නොව, යුරෝපය, මැදපෙරදිග සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ඇතුළු පුළුල් ජාත්‍යන්තර බල ව්‍යුහයද වේගයෙන් වෙනස් වෙමින් පවතින බවයි.

Lanka Leader කතෘ මණ්ඩලය 

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම පිළිබඳ යෝජනාවත් සමඟ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතුව තිබේ. විනිශ්චයාසනයේ පරිණතභාවය, ස්නායු-විද්‍යාත්මක යථාර්ථය, වෛද්‍ය විද්‍යාත්මක පදනම, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල ඇති අවසානාත්මක ස්වභාවය සහ අනෙකුත් ප්‍රධාන වෘත්තීන් (විශේෂඥ වෛද්‍යවරුන් සහ නීතිඥවරුන්) සමඟ ඇති වෙනස්කම් පිළිබඳව ගැඹුරින් විමසා බලමින් නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරින් මේ ලිපිය සැකසේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාව "කිසිදු සාක්ෂියක් නොමැතිව සිරගත කළා" යන චෝදනාව හුදෙක් එක් පාර්ශවයක දේශපාලන මතවාදයක් පමණක් වන අතර, එහි සත්‍යතාව විමසා බැලිය යුත්තේ නීතිමය සාක්ෂි, ජාතික ආරක්ෂාව සහ ඊට බලපෑ දේශපාලන සාධක මධ්‍යස්ථව අධ්‍යයනය කිරීමෙනි.
අධිකරණ ස්වාධීනත්වය යනු නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනයේ මූලික පදනමකි. ව්‍යවස්ථාදායකය සහ විධායකය තම බලතල සීමාව ඉක්මවා නොයන බව සහතික කිරීමේ අවසාන ආයතනික ආරක්ෂකයා වන්නේ ස්වාධීන අධිකරණයයි.
හමුදා කඳවුරක අවරුදු 30ක් පීඩනය මැද ජීවත් වුණේ.. 1982 අනීතික ජනමත විචාරණය අහෝසි කරන්න..
සමාජ මාධ්‍ය පුරා සැරිසරන ජනාධිපති කාර්යාලයේ දූෂණ විරෝධී සහ විශේෂ විමර්ශන අංශයේ නිල මුද්‍රාව සහිත මෙම ලිපිය, ශ්‍රී ලංකාවේ ඉහළම පරිපාලන ආයතනයක වගකීම් විරහිත සහ ප්‍රාථමික ක්‍රියාකලාපය මැනවින් පසක් කරන කැඩපතකි.
2026 අගෝස්තු 15 වැනිදා දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 81 වැනි සංවත්සරය සනිටුහන් විය. එය ජපානය ආසියාව පුරා ගෙන ගිය විනාශකාරී ආක්‍රමණකාරී යුද්ධය අවසන් කළ සහ කලාපයේ නූතන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවකි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
කියුබානු විප්ලවයේ පළමු ජාත්‍යන්තර සමුළුව “ෆිදෙල්: උරුමය සහ අනාගතය” විවෘත කිරීමේ අවස්ථාවේදී කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම් සහ ජනරජයේ ජනාධිපති මිගෙල් මාරියෝ දියාස්-කැනෙල් බර්මුදෙස් මහතා කළ ප්‍රධාන දේශනය

ප්‍රධාන පුවත්

ගෝලීය ආතතිය ඉහළට.. රුසියානු ප්‍රහාර දැඩි වෙයි.. මැදපෙරදිගින් නව ආරක්ෂක සන්ධානයක්.. - ලෝක දේශපාලනය උණුසුම් කළ සතියේ ප්‍රධාන සිදුවීම් මෙන්න..

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එය මැදපෙරදිග කලාපීය බල සමතුලිතතාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීමක්ද?.. - නීතිඥ රාජා ගුණරත්නගෙන් නීතිමය විග්‍රහයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මේ දිනවල ප්‍රසිද්ධ සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක විශ්‍රාමික වයස දීර්ඝ කිරීම වැනි සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමේදී මතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් විශේෂ නීතිමය විශ්ලේෂණයක් සිදු කර තිබේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට..

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වන ජනතා අනුමැතිය පසුගිය මාස පහක කාලය තුළ 15%ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සිදුකල නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

දකුණු කොරියාවට කිම් සමඟ ඇති “ඉතා යහපත් සබඳතාව” ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනගාටුවට හේතුවෙලා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ දකුණු කොරියාවට ඇති “ඉතා යහපත් සබඳතාව” හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස සීමා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර තිබේ.

මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් නොව, ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමේ තුච්ඡ අරමුණින් ගෙන එන්නක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?

2026 අගෝස්තු 15 වැනිදා දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 81 වැනි සංවත්සරය සනිටුහන් විය. එය ජපානය ආසියාව පුරා ගෙන ගිය විනාශකාරී ආක්‍රමණකාරී යුද්ධය අවසන් කළ සහ කලාපයේ නූතන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවකි.

යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!

යුක්රේන නිලධාරීන් උපුටා දක්වමින් Financial Times පුවත්පත සෙනසුරාදා(15) වාර්තා කළේ, රුසියානු මිසයිල බිම දැමීමට යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිවලට නොහැකි වීම හේතුවෙන්, එම පද්ධති මගින් විනාශ කළ රුසියානු මිසයිල සංඛ්‍යාව වාර්තා කිරීම යුක්රේන ගුවන් හමුදාව නතර කර ඇති බවයි.

22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..

උපරිමාධිකරණයන්හි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය, සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටී.

දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය

යසුකුනි යුද සිද්ධස්ථානය සම්බන්ධයෙන් ජපානය විසින් ගෙන ඇති අහිතකර ක්‍රියාමාර්ග පිළිබඳව චීනය දැඩි කනගාටුව පළ කරන අතර, ජපානයට එරෙහිව බරපතළ විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද(15) ප්‍රකාශ කළේය.

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.