News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු ප්‍රතිචාරය, ‘ඉස්ලාමීය NATO’, බටහිර ඉවුරේ උණුසුම් තත්ත්වය සහ ජර්මනියේ ඔත්තු සේවා බලය: සතියේ ප්‍රධාන භූදේශපාලනික පෙරළි

Aug 17, 2026 at 11:21 AM
|

රුසියානු–යුක්රේන යුද්ධය තවදුරටත් දැඩි වෙමින් පවතින අතර, මොස්කව්හි දැඩි ප්‍රතිචාර, වොෂින්ටන්–මොස්කව් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව චලනයන්, මැදපෙරදිග නව ආරක්ෂක සන්ධානයක් පිළිබඳ සාකච්ඡා, ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම සහ බටහිර ඉවුරේ පලස්තීන පවුල් මුහුණ දෙන අර්බුදය මෙම සතියේ ජාත්‍යන්තර අවධානයට ලක් වූ ප්‍රධාන සිදුවීම් අතරට එක් විය.

යුක්රේන ප්‍රහාරවලට රුසියාවෙන් දැඩි ප්‍රතිචාර

යුක්රේනය විසින් රුසියානු භූමියට එල්ල කරන ලද දිගු දුර ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියාව සිය ප්‍රහාර තවදුරටත් තීව් ර කර තිබේ. කෙසේ වුවද ,රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කළේ, යුක්රේනය සිවිල් ජනතාව ඉලක්ක කර ගැනීමේ ක්‍රමයට රුසියාව නොවැටෙන නමුත්, කියෙව්හි යුද යන්ත්‍රයට සහාය වන යටිතල පහසුකම් විනාශ කිරීම සඳහා වඩාත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම තත්ත්වය යටතේ කියෙව් සහ සැපොරෝෂ්යේ හමුදා කර්මාන්ත හා ද්විත්ව භාවිත පහසුකම්වලට මෙන්ම කළු මුහුදු වෙරළේ වරාය යටිතල පහසුකම්වලටද රුසියානු ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.

යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතියට අවශ්‍ය  Patriot අන්තර්ග්‍රාහක මිසයිල සැපයුම සම්බන්ධයෙන්ද ගැටලු මතුව තිබේ. යුක්රේනයේ බටහිර ආධාරකරුවන් සතුව එම මිසයිල සීමිත ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බවත්, ඇමරිකාව ඉරානයට එරෙහි යුද්ධයේදී විශාල ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, කළු මුහුදේ නැව්වලට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් තාවකාලික සටන් විරාමයක් සඳහා යුක්රේනය රුසියාවෙන් ඉල්ලීමක් කළ බවටද වාර්තා පළ විය. එම යෝජනාව මොස්කව් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කියෙව් පාලනය සිවිල් නෞකා සම්බන්ධයෙන් “නිර්ලජ්ජිත ත්‍රස්ත ක්‍රියා” සිදු කරන බවට චෝදනා කළාය.

සෙලෙන්ස්කිට බටහිර මිතුරන් සමඟ නව ගැටලු

යුක්රේනයට අඛණ්ඩ බටහිර සහාය අවශ්‍ය පසුබිමක, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ ක්‍රියාමාර්ග ඇතැම් ප්‍රධාන ආධාරකරුවන් සමඟ සබඳතා සංකීර්ණ කර ඇති බවද මෙම සතියේ අවධානයට ලක් විය. යුක්රේනයට  Patriot මිසයිල ලබාදුන් යුරෝපා රටවල් කිහිපයෙන් එකක් වන පෝලන්තය සමඟද ආතතීන් මතුව තිබේ. යුක්රේන පාර්ශ්වය විසින් දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යෙව්හෙන් කොනොවාලෙට්ස්ගේ දේහය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පෝලන්තයේ විවේචනයට ලක්ව තිබේ.

මේ අතර, යුක්රේන හමුදා කළු මුහුදේ නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ද සෙලෙන්ස්කි සමඟ දැඩි ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා විය.

රුසියානු අත් අඩංගුවේ සිටි හිටපු ඇමරිකානු මැරීන් සෙබළෙකු නිදහස් කිරීම

රුසියා–ඇමරිකා සබඳතාවල රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නව චලනයක් ලෙස හිටපු ඇමරිකානු මැරීන් සෙබළ රොබට් ගිල්මන් රුසියාව විසින් නිදහස් කිරීම කැපී පෙනුණි.

2022 වසරේ රුසියාවේදී පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ගිල්මන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සමාව ලබාදී ඇති අතර, ඔහු අගෝස්තු 12 වනදා නැවත ඇමරිකාවට පැමිණියේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ පුටින් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මානුෂීය පදනමක් මත ගිල්මන් නිදහස් කිරීමට රුසියාව එකඟ වූ බවයි. ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ්ද මෙම සාකච්ඡා සඳහා වැදගත් භූමිකාවක් ඉටු කළ බව වාර්තා විය.

ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම

ජර්මනිය තුළද ආරක්ෂාව සහ බුද්ධි සේවා බලතල පිළිබඳ විශාල විවාදයක් මතුව තිබේ.චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් කර ඇති නව නීති යෝජනා අනුව, ජර්මනියේ විදේශ බුද්ධි සේවාව වන BND ආයතනයට රුසියාව සහ වෙනත් විදේශීය විරුද්ධ පාර්ශ්වයන්ට එරෙහි ආක්‍රමණශීලී සයිබර් ප්‍රහාර සිදු කිරීමට හැකියාව ලැබිය හැකිය.

එමෙන්ම, දේශීය බුද්ධි සේවාව වන BfV ආයතනයට ජර්මානු පුරවැසියන්ගේ ස්මාර්ට්ෆෝන් සහ පරිගණකවලට ඇතුළුවීමේ නව බලතල ලබාදීමටද යෝජනා වී තිබේ.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ට් මෙම නව බලතල “විප්ලවයක්” ලෙස විස්තර කර ඇති අතර, මොස්කව් එය ජර්මනියේ වැඩිවන හමුදාකරණයේ තවත් උදාහරණයක් ලෙස විවේචනය කර තිබේ.

ජර්මනියේ දක්ෂිණාංශික ඇෆ්ඪ් පක්ෂයද මෙම නීති විවේචනය කරමින්, එම බලතල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වෙනුවට වඩාත් දැඩි රාජ්‍ය පාලනයක් සඳහා යොදාගත හැකි බවට අනතුරු ඇඟවීය.

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ‘මක්කා ගිවිසුම’

මැදපෙරදිග බල සමතුලිතතාව වෙනස් කළ හැකි තවත් වැදගත් වර්ධනයක් ලෙස සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම දැක්විය හැකිය.

අගෝස්තු 7 වනදා මක්කාවේදී අත්සන් කරන ලද මෙම ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම යටතේ, එක් සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී තිබේ.

මෙය ඇතැම් විචාරකයන් විසින් “ඉස්ලාමීය NATO” ලෙස හඳුන්වා ඇති අතර, මෙම නව සන්ධානයේ සැබෑ ආරක්ෂක හැකියාව සහ එක් රටකට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක අනෙක් රටවල් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තවමත් පැහැදිලිභාවයක් නොමැත. කෙසේ වුවද ඉරාන පාර්ශව්යෙන් මෙම ගිවිසුම විවේචනය කර ඇති අතර, එය “කඩදාසි ගිවිසුමක්” ලෙස හැඳින්වූ බවද වාර්තා විය. 

මොස්කව්හි මැදපෙරදිග අධ්‍යයන මධ්‍යස්ථානයේ විශ්ලේෂකයන් මෙම ගිවිසුම මැදපෙරදිග බල සම්බන්ධතා සඳහා ඇති කළ හැකි බලපෑම් විශ්ලේෂණය කර තිබේ. එක් විශ්ලේෂණයකට අනුව, මෙම රටවල් තුනට ඇමරිකාවේ සෘජු මැදිහත්වීමකින් තොරව ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරට සම්බන්ධයෙන් වැළැක්වීමේ බලයක් ගොඩනැගීමට සිදුවනු ඇත. තවත් මතයකට අනුව, මෙම ගිවිසුම තුර්කියට සිය විශාල ආරක්ෂක කර්මාන්තය භාවිත කර කලාපයේ බලපෑම තවදුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් විය හැකිය.

මේ අතර, න්‍යෂ්ටික අවි සහිත පාකිස්තානය නව ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම ඉන්දියාවටද සැලකිලිමත් විය යුතු කරුණක් බව විශ්ලේෂක රොබින්දර් නාත් සච්දේව් පෙන්වා දී තිබේ.

ටකර් කාල්සන්ගේ ප්‍රකාශ සහ ඇමරිකානු දේශපාලනය

ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන්ද මෙම සතියේ ජාත්‍යන්තර දේශපාලන අවධානයට ලක් වූ පුද්ගලයෙකි. RT මාධ්‍යවේදී රික් සැන්චෙස් සමඟ පැවති පැයකට ආසන්න සම්මුඛ සාකච්ඡාවකදී කාල්සන් ඇමරිකානු දේශපාලන පද්ධතිය, “ස්ථිර නිලධාරි තන්ත්‍රය” සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ අතර විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවතින එකඟතාව පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. ජනාධිපති ධුරයට තරග කිරීමට තමන්ට කිසිදු සැලසුමක් නොමැති බව පැවසූ කාල්සන්, ඇමරිකාවේ දේශපාලන බල ව්‍යුහය තුළ මුදල් සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධතාව පිළිබඳවද අදහස් දැක්වීය. ඔහුගේ අදහස අනුව, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක දේශපාලනික වශයෙන් එකිනෙකාට දැඩි ලෙස විරුද්ධ බව පෙනුණද, ඇමරිකාවේ මුදල් හා විදේශ ප්‍රතිපත්තියේ ඇතැම් මූලික කරුණු සම්බන්ධයෙන් දෙපක්ෂය අතර සැලකිය යුතු එකඟතාවක් පවතී. බලවත් මුදල් අවශ්‍යතා, ආර්ථික හා දේශපාලන බලවේග මෙන්ම වොෂින්ටනයේ විදේශ ප්‍රතිපත්ති යන්ත්‍රණය පක්ෂ දෙකේම දේශපාලනය කෙරෙහි බලපෑම් කරන බව ඔහු තර්ක කළේය.

ඒ අනුව, ඇමරිකානුවන්ට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකක් පවතින බව පෙනුණද, ඇතැම් මූලික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒවා එකම දේශපාලන පද්ධතියක කොටස් ලෙස ක්‍රියා කරන බව කාල්සන් පැවසීය. ර්‍ඨ් පුවත් සේවය ඉදිරිපත් කළ වාර්තාවට අනුව, ඔහු මෙම තත්ත්වය “ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස පෙනී සිටින එක්-පක්ෂ රාජ්‍යයක්” ලෙස විස්තර කළේය.

කාල්සන්ගේ විවේචනයේ තවත් ප්‍රධාන කරුණක් වූයේ ඇමරිකාවේ “ස්ථිර නිලධාරි තන්ත්‍රය” සහ එහි විදේශ ප්‍රතිපත්ති තීරණ කෙරෙහි පවතින බලපෑමයි. ඔහුගේ අදහස අනුව, මැතිවරණ හරහා ජනාධිපතිවරුන් සහ ආණ්ඩු වෙනස් වුවද, රාජ්‍ය යන්ත්‍රණයේ ඇතැම් බලවත් කොටස් අඛණ්ඩව පවතින අතර, එමගින් ඇමරිකාවේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති දිශානති අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑම් කළ හැකිය.

මේ අතර, 2020 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ මතභේදයට තුඩුදුන් Hunter Bidenගේ ලැප්ටොප් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු බෙදාගැනීම සඳහා ඊශ්‍රායලය තමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ බවටද කාල්සන් ප්‍රකාශ කළේය.

වොෂින්ටනයේ නවකොන්සර්වේටිව් දේශපාලන බලවේග, ඔහු “යුද ලොබිය” ලෙස හඳුන්වන කණ්ඩායම් සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ඊශ්‍රායලයට පවතින බලපෑම සම්බන්ධයෙන්ද කාල්සන් දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. මෙම කරුණු පිළිබඳව තමන් ඉදිරියේදීද ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය.

බටහිර ඉවුරේ පලස්තීන පවුල් වටලෑම

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේ තවත් උණුසුම් සිදුවීමක් ලෙස බටහිර ඉවුරේ Qusra ගම්මානයේ පලස්තීන පවුල් තුනක් සිය නිවාස තුළ වටලෑම දැක්විය හැකිය.

සන්නද්ධ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් මෙම පවුල්වල නිවාස වටලා ඇති බවට වාර්තා පළ වූ අතර, එම පවුල්වලින් එක් පවුලකට ඇමරිකාවේ ජීවත් වන ඥාතීන් සිටීම හේතුවෙන් වොෂින්ටනයෙන් සාමාන්‍යයට වඩා දැඩි ප්‍රතිචාරයක් ලැබුණි.

ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති මයික් හකබී මෙම පදිංචිකරුවන් “ඊශ්‍රායල ත්‍රස්තවාදීන්” ලෙස හැඳින්වූ අතර, පලස්තීන පවුලක නිවස වටලා එලෙස හැසිරීම අපරාධයක් බව ප්‍රකාශ කළේය.

RT පුවත් සේවයේ මාධ්‍යවේදිනී චාලට් ඩුබෙන්ස්කි Qusra වෙත ගියද, ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රදේශයට ඇතුළුවීමට අවසර ලබා තිබියදීත්, පදිංචිකරුවන් විසින් ඇගේ කණ්ඩායමට බාධා කිරීම හේතුවෙන් වටලා තිබූ පලස්තීන නිවාස වෙත ළඟාවීමට නොහැකි වූ බව ර්‍ඨ් පුවත් සේවය වාර්තා කළේය.

වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර බල සම්බන්ධතා

මෙම සතියේ සිදුවීම් එකිනෙකින් වෙන් වූ සිදුවීම් ලෙස පෙනුණද, ඒවා අතර පොදු සම්බන්ධයක් දක්නට ලැබේ. යුක්රේන යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින අතර රුසියාව සිය ප්‍රතිචාර දැඩි කරමින් සිටී. ඒ අතරම, රුසියාව සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තුළ සිරකරුවන් නිදහස් කිරීම වැනි සීමිත නමුත් වැදගත් ක්‍රියාමාර්ගද සිදුවෙමින් පවතී.

මැදපෙරදිග සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය නව ආරක්ෂක රාමුවක් ගොඩනඟමින් සිටින අතර, ජර්මනිය සිය බුද්ධි සේවා සඳහා නව බලතල සකස් කරමින් සිටී. එමෙන්ම බටහිර ඉවුරේ සිදුවීම් මගින් ඇමරිකා–ඊශ්‍රායල සබඳතාවල සීමාවන් සහ අභ්‍යන්තර ආතතීන් පිළිබඳවද නව ප්‍රශ්න මතු වී තිබේ.

ඒ අනුව, මෙම සතියේ සිදුවීම් පෙන්වා දෙන්නේ යුක්රේනයේ යුද්ධය පමණක් නොව, යුරෝපය, මැදපෙරදිග සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ඇතුළු පුළුල් ජාත්‍යන්තර බල ව්‍යුහයද වේගයෙන් වෙනස් වෙමින් පවතින බවයි.

Lanka Leader කතෘ මණ්ඩලය 

සම්බන්ධිත පුවත් | Related News

ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.