විශාලතම යුද නෞකාව උතුරු කොරියාවෙන්
උතුරු කොරියාව දේශීයව නිෂ්පාදනය කරන විශාලතම යුද නෞකාව ඉදිකරමින් සිටින බව අමෙරිකානු දත්ත උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
චන්ද්‍රිකා දත්ත උපයෝගි කර ගනිමින් අමෙරිකාව පවසන්නේ, උතුරු කොරියාව එලෙස නිපදවන්නේ නවතම මිසයිල නෞකාවක් බවයි.
අමෙරිකාවේ උපාය මාර්ගික සහ අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ, චන්ද්‍රිකා ඡායාරූප මගින් උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ ඉදිවෙමින් පවතින එම නෞකාව පෙන්නුම් කරන බවයි.
බොහෝදුරට කාකි පැහැති දැල්වලින් ආවරණය කර ඇති නෞකාව මීටර් 140 (අඩි 459) පමණ දිග යැයි ගණන් බලා ඇත.
මෙම කරුණු තහවුරු වුවහොත් එය උතුරු කොරියාව මෙතෙක් නිපදවූ විශාලතම යුද නෞකාව වන බව පැවැසේ.
විශ්ලේෂකයන් පවසන පරිදි, චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ, නෞකාවේ ආයුධ සහ අනෙකුත් අභ්‍යන්තර පද්ධති අඛණ්ඩව ඉදිවෙමින් පවතින බවයි.
එය ගොඩබිම සහ මුහුදේ ඉලක්කවලට එරෙහිව භාවිත කිරීම සඳහා සිරස් දියත් කිරීමේ නළවල මිසයිල රැගෙන යෑමට සැලසුම් කර ඇති මාර්ගෝපදේශ-මිසයිල නෞකාවක් විය හැකි බවට ද අමෙරිකාව සැක පළකරයි.
මාර්ගෝපදේශ මිසයිල යාත්‍රා යනු ගුවන් ආරක්ෂක, නැව් නාශක සහ සබ්මැරීන් විරෝධී මෙහෙයුම් සඳහා සන්නද්ධ බහුකාර්ය යුධ නැව් වේ.
අමෙරිකානු විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ, මෙම නෞකාව ඉකුත් මාර්තු මස මුලදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පරීක්ෂා කරන ලද නෞකාව වියහැකි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්