News Category
From Date
To Date
Maximum Number of Result

චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව ඇමරිකාවේ දී

Nov 16, 2023 at 12:26 PM
|

ඇමරිකාවේ වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ හමුව පැවැත්වුණා.

ජෝ බයිඩන් ජනාධිපතිතුමා බාලි දූපතේදී හමුවී වසරක් ගත වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී සිහිපත් කර ඇති අතර ගෙවී ගිය වසර තුළ, බොහෝ දෑ සිදු වූ බව ද සදහන් කර තිබේ. කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය යළි ප්‍රකෘතිමත් වී ඇතත් වසංගතයෙන් මතුවූ විශාල බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටී. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද එහි ගම්‍යතාවය ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට විවිධ බාධා එල්ල වී ඇති අතර ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම කැපී පෙනේ.

ගෙවී ගිය වසර 50කට වැඩි කාලයක් තුළ, වරින් වර විවිධ ප්‍රශ්න මතු වුව ද චීන ඇමරිකා සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ. ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව හෙතෙම අවධාරණය තිබේ.

ෂී ජින්පිං මහතා සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරඟ කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය.  චීනය හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී. දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ‌‌‌ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබේ. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය ලබා ගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර තිබේ.

චීන ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිතුමාට, ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ජෝ බයිඩන් මහතා සමග දෙරටේ සබඳතාව පිළිබඳ ක්‍රමෝපායීය, පූර්ණ දෘෂ්ඨිය මෙන්ම දිශානනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කරමින් නව එකඟතාවන්ට එළඹීමට හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.

ඇමරිකානු-චීන සම්බන්ධතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් බවත්, ස්ථාවර ව සංවර්ධනය වන චීනයක් ඇමරිකාවට හා ලෝකයට යහපතක් රැගෙන එන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. දෙරට අතර ගැටුම් මතුවීමට ඉඩකඩ තිබුණ ද එය වළක්වා ගත හැකි ය. බාලි දූපතේ හමුවේ දී තමා ලබාදුන් ප්‍රතිඥා අකුරටම පිළිපදින බව ‍ජෝ බයිඩන් ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කළේ ය. නව සීතල යුද්ධයක් ආරම්භ නොකිරීම, චීනයේ ක්‍රමය වෙනස් නොකිරීම, සන්ධානගත සම්බන්ධතා යොදාගනිමින් චීනය මර්දනය නොකිරීම, තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදීම සහ චීනය සමග හිතාමතා ගැටුම් ඇතිකර නොගැනීම එම පොරොන්දු අතර ප්‍රධාන වේ.

අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයක් පවත්වමින් පොදු යහපත පවතින ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් තරගකාරී සාධක වගකීම් සහගතව පාලනය කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟ වූහ. දෙරට දේශගුණ විපර්යාස අර්බුදයට එක්ව මුහුණ දීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව විවිධ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මෙම හමුවෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරු දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆිලෝලි (Filoli) වතුයායේ ඇවිදිමින් සුහද පිළිසඳරක ද නිරත වූහ.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.