ට්‍රම්ප් - සෙලෙන්ස්කිට එන්න කියලා: දෙහි කපයි... සෙලෙන්ස්කි කේන්තියෙන් නැගිට යයි(වීඩියෝ)
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
යුක්‍රේනයේ ඛනිජ සම්පත් සහ රුසියාව සමග ගැටුම් සමනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රධාන වශයෙන් එම හමුව සංවිධානය කර තිබිණි.
යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි, හමුවේදී අදහස් දක්වා ඇත්තේ, අමෙරිකාව යුක්‍රේනය වෙනුවෙන් වැඩි සහයෝගයක් දැක්විය යුතුයි යන මතයේ සිටය.
අනතුරුව යුක්‍රේනය සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි වගකීමක් ගැනීම යෝග්‍ය නොවේ යන මතයේ සිට ට්‍රම්ප් සෙලෙන්ස්කි ඉදිරියේ අදහස් දක්වා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ආවේගශීලීව පවසා ඇත්තේ, තමා යුක්‍රේනයට ලබාදෙන සහය පිළිබඳ ස්තූතිවන්ත විය යුතු බවයි.
සෙලෙන්ස්කි තුන්වැනි ලෝක යුද්ධය සමග සූදුවක යෙදෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය.
රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සමග සම්මුතියක් නොතිබිය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්ස්කි වෙත පවසා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් වහාම පිටව යන ලෙසද ට්‍රම්ප් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව සෙලෙන්ස්කි වෙනුවෙන් සැලසුම් කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාවද හදිසියේම අවලංගු කර තිබේ.
කෙසේවෙතත් සෙලෙන්ස්කි, ඇමරිකානු ජනතාවට ස්තුතිය පළකරමින්, යුක්‍රේනයේ පවතින තත්ත්වය සඳහා ඇමරිකාවේ සහයෝගය ඉතාමත් වැදගත් බව පසුව පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ ය.
ට්‍රම්ප් සමග පැවැත්වූ හමුව පුරාවට තමාට ආචාරශීලී වීමට අවශ්‍ය වූ නමුත් ඇතැම් දේශපාලනඥයන් යුක්‍රේනයේ සිදුවු මරණ සහ ඔහුගේ රටේ තත්ත්වය පිළිබඳව ට්‍රම්ප් වෙත ලබා දී ඇති සාවද්‍ය තොරතුරු මත ආවේගශීලි මොහොතක් නිර්මාණය වූ බව සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ය.
රටවල් දෙකක සම්බන්ධතා යනු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවක් නොවන බවත් දෙරට අතර ඓතිහාසික සබඳතා ඉදිරියට ශක්තිමත්ව පවත්වාගතයුතු බවත් සෙලෙන්ස්කි පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්