ඩොලර් මිලියන පහක් ආයෝජනය කළොත් ඇමරිකන් පුරවැසි බව
ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී ඇත.
‘ආයෝජකයන් සඳහා වසර 35ක් වීසා’ නමැති ආයෝජන සඳහා වීසා ලබාදෙන පැරැණි ක්‍රමය වෙනුවට ට්‍රම්ප් මෙම නව වීසා ක්‍රමය හඳුන්වා දී තිබේ.
නව වීසා ක්‍රමය ‘ගෝල්ඩ් කාඩ්’ නමින් හඳුන්වන අතර ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉහළ සුදුසුකම් සපුරා ගැනීමට හැකි වන බව වාර්තා වේ.
මේ නිසා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නව ක්‍රමය ග්‍රීන්කාඩ් ක්‍රමයට සමාන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මුදල් ආයෝජනය කර වීසා ලබාගත හැකි ක්‍රමයක් දැනටමත් එක්සත් ජනපදය තුළ පවතින අතර E-B 5 වීසා නමින් හඳුන්වන එම කාණ්ඩය 1990දී ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා කොංග්‍රසය හඳුන්වා දී ඇත.
මේ අනුව, මුදල් ආයෝජනය කර ලබාගත හැකි E-B 5 නමැති වීසා වෙනුවට නව ‘ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා’ ඉදිරි සති 2ක කාලය ඇතුළත ට්‍රම්ප් පරිපාලනය හඳුන්වා දීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නව වීසා ක්‍රමය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී ඊයේ (පෙබ. 26) මෙසේ ද කීවේය.
“එක්සත් ජනපදයට ඩොලර් මිලියන 5ක් එක්ක එන ඔවුන් ධනවත් වේවි. ඔවුන් සාර්ථක වේවි. ඔවුන් විශාල මුදලක් වියදම් කර, විශාල බදු ගෙවා බොහෝ දෙනෙකුට රැකියාත් ලබා දෙනු ඇත. මේ ක්‍රමය අතිශයින් සාර්ථක වේවි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්