නවතා දමා ඇති ආර්ථික හා මූල්‍ය සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය මුදල් ඇමති චීනයේ සංචාරයක...
බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළෙහි සිදු වී තිබෙන කැලඹිලි අතරතුර චීනයට සංචාරය කිරීම සම්බන්ධයෙන් විවේචනවලට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය රේචල් රීව්ස් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළේ බීජිං සමඟ “ප්‍රායෝගික සහ පුරෝකථනය කළ හැකි” සබඳතා ආර්ථික වර්ධනයට සහ වෙළඳාම ඉහළ නැංවීමට ඇයගේ සංචාරය උපකාරී වන බවයි.
බෙයිජින්ග් හි බ්‍රොන්ටන් මධ්‍යස්ථානය අසල දී මාධ්‍ය ඇමතූ ඇය පැවසූවේ,"බ්‍රිතාන්‍ය බැංකු පොලී අනුපාත තියුනු ලෙස ඉහල යාමේ පීඩනය යටතේ, 2019 සිට නවතා දමා ඇති ඉහල මට්ටමේ ආර්ථික හා මූල්‍ය සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම මෙම සංචාරයේ මූලික අරමුණයි. ඔක්තෝබර් මාසයේ මා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අය වැයේ මූල්‍ය නීති ගැන මේ අවස්ථාවේ සාකච්ඡා කළ නොහැකියි. චීන රජයේ මූලික අරමුණ තමයි ආර්ථික වර්ධනය. මේ හේතුව නිසා ලොව පුරා අපනයනය කරන සහ වෙළඳාම් කරන බ්‍රිතාන්‍ය ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ ලබා දීම සඳහා තමයි අප චීන සංචාරය සැළසුම් කළේ. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට අපට වැඩි ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට මම කැමතියි." යනුවෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්