News Category
From Date
To Date
Maximum Number of Result

මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය.

මහ බැංකු දත්ත පෙන්වා දෙන ආකාරයට පසුගිය ජනවාරි මාසයේදී පමණක් රජය රුපියල් ට්‍රිලියනයක ණය මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රනිල් ආණ්ඩුවේ මුදලින් පෞද්ගලික සංචාර ගොස් ඇතැයි කෙරුණු සියලු ප්‍රකාශ සාවද්‍ය බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.

අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ.

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

පාස්කු ප්‍රහාරයටත්, බටලන්දටත් වඩා මහා පරිමාණ ඛණිජ සම්පත් ජාවාරමක භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය නිරතව සිටින බව ලහිරු වීරසේකර මහතා පවසයි. ඔහු ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළේය.

බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක් වන බවත් එසේම වාර්තාව ආණ්ඩුව පිළිගත්තා නම් ජවිපෙ භීෂකයන්ට දඬුවම් දෙන්නේද යන්න තමන් ප්‍රශ්න කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.