News Category
From Date
To Date
Maximum Number of Result

සිරගතකළ භික්ෂුවක් එළියට වැඩම කිරීමේදී චීවරය දරා සිටීමට අවසර දෙමින් අදාල නිත්‍ය නියෝගවලට සංශෝධන.. - අධිකරණ ඇමැති

Oct 14, 2026 at 06:48 PM
|

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැදගත් තීන්දු කිහිපයක් හෙළි කර තිබේ.

ඒ අනුව, යම් බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරගත කිරීමේදී උන්වහන්සේ එතෙක් හැඳ සිටි සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී, ඒ සඳහා දින 10ක කාලයක් බන්ධනාගාර කොමසාරිස්වරයාට ලබා දී ඇත. 

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ අයෙකු සිරකරුවෙකු වුවහොත් මෙම ප්‍රතිපාදන අදාළ පරිදි වෙනස් කරගත යුතු වේ.

මීට අමතරව, බන්ධනාගාරගත කර සිටින බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් බැහැරට (පිටතට) රැගෙන යන අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අවසර හිමි වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

අදාළ නිකායෙන් එසේ නොකරන ලෙසට දන්වන තුරු මෙම අයිතිය අඛණ්ඩව පවතින අතර, මේ සම්බන්ධයෙන් වන අතුරු කමිටු වාර්තාව සහ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා ඇත. 

දැනට බලාත්මක නිත්‍ය නියෝග 356 වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී ඇතිවුණු තත්ත්වයන් සම්බන්ධයෙන් 2024/10/8 දින ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා සමග ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ සාකච්ඡාවට මමත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මැතිතුමාත් සම්බන්ධ වුණා.

එහිදී සාකච්ඡා වූ කරුණු අනුව බන්ධනාගාර ආඥා පනත, එහි පනවා ඇති නිත්‍ය නියෝග, රෙගුලාසි සම්බන්ධයෙන් ඒවා යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට තීරණය වුණා.

ඒ අනුව ජනාධිපතිතුමා විසින් බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති, රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපති ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා මහතා පත් කරනු ලැබුවා. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පියුමන්ති පීරිස් මහත්මිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක මහතා සාකච්ඡාවලට සම්බන්ධ වුණා.

එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් සති දෙකක් ඇතුළත ගැටලුව විසඳීමට පියවර ගන්නා බවට ගෞරවනීය ස්වාමීන්වහන්සේට පොරොන්දු වූණා.

ඒ අනුව කමිටුව විසින් අතුරු වාර්තාවක් මේ වන විට ජනාධිපතිතුමා වෙත භාර දී තිබෙනවා. එහි පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් මා වෙත ලැබි තිබෙනවා.

එම වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කොට 356(අ) යනුවෙන් කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයකුත් යෝජනා කොට තිබෙනවා.

ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක් ලබාදී තියෙනවා.

එමෙන්ම යම් හෙයකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙක් වුවහොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා.

එමෙන්ම නිත්‍ය නියෝග 550ට අලුතෙන් කොටසක් එකතු වී සංශෝධනයක් එනවා. ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාව වඩාත් පැහැදිලි කරනවා, නම් ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා.

අයත් පාර්ශ්වයෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු ඒ අයිතිය තිබෙනවා. මෙම කරුණු දෙක මේ සංශෝධනයේ මූලික හරයයි.

මේ වන විට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවක් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යවා තිබෙනවා.

ඒ අනුව දැනට බලාත්මක එම නිත්‍ය නියෝග සංශෝධනය කොට මෙහි නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස මා ඔහුට උපදෙස් ලබාදී තියෙනවා.''

සම්බන්ධිත පුවත් | Related News

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.