News Category
From Date
To Date
Maximum Number of Result

පා ගමනට පහර දීලා නෑ.. ගහගෙන තියෙන්නේ පාරේ ගිය දෙන්නෙක්.. - පොලිසිය

Oct 15, 2026 at 05:50 AM
|

මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වෙන පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයකුට කිසියම් පිරිසක් පහරදුන් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි.

වීදි ආරවුලක් මුල් කරගනිමින් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක්, විරෝධතා පාගමනට සම්බන්ධ කරමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙනගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කිතුල්ගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පටයක් මුදාහරිමින්, සිය පාගමනට සම්බන්ධ වූ ආධාරකරුවකුට හෙල්මට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයා මෙම විරෝධතා පාගමනට කිසිදු සබඳතාවක් නොමැති අයෙකු බවයි.

පොලිස් වාර්තාවලට අනුව, පහරකෑමට ලක්ව වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා සිය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී වීරගුල පොලිස් වසමේ වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී රථවාහන තදබදයකට මුහුණ දී තිබේ.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යතුරුපැදිකරුවකු විසින් ඔහුට හෙල්මටයකින් පහරදී ඇති අතර, එම ගැටුමෙන් තුවාල ලැබූ අදාළ යතුරුපැදිකරුද මේ වන විට ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.

එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේ, පහරකෑමට ලක්වූ ලොරි රථ රියදුරුගේ තුවාල පෙන්වමින් ඔහු සිය පාගමනේ ආධාරකරුවකු බවත්, පිරිසක් විසින් ඔහුට පහරදුන් බවත් අඟවමින් වීඩියෝ පටයක් සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මහජනතාව නොසන්සුන් වන අන්දමින් සහ කැළඹීම් ඇතිවන පරිදි මෙවැනි අසත්‍ය හා තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව පවසන පොලීසිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිසිය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන මෙවැනි සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් අවබෝධයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


සම්බන්ධිත පුවත් | Related News

පසුගිය පැය 24 ක කාලය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එල්ල වූ ප්‍රහාර හමුවේ කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් සහ වියළි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව නාවික බලධාරීන් තහවුරු කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
ලබාගත් ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට ඉදිරි අයවැයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටි.
අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැදගත් තීන්දු කිහිපයක් හෙළි කර තිබේ.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)

අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.