News Category
From Date
To Date
Maximum Number of Result

චීනයේ වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන සැසි දෙක මෑතකදී අවසන් වූ අතර, එය රටේ දේශපාලන දින දර්ශනයේ වැදගත් සිදුවීමක් සනිටුහන් කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එක් පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ දහයක් පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණ ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 34ක් ආහාරයට ගන්නා බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.

රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ChatGBT මත පදනම්ව, විවිධ සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි “පාලන-වෙනස් කිරීමේ” ක්‍රියාකාරකම් සඳහා USAID විසින් සපයන ලද අරමුදල් සම්බන්ධයෙන් වන ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට අදාළව මෑතකදී හෙළිදරව් කරන ලද රහසිගත කරන ලද ලේඛන මගින්, කොළඹ ක්‍රියාත්මක කෙරුණු රහස් කඳවුරක් ඇතුළුව සීතල යුද්ධය අතරතුර CIA මෙහෙයුම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝගය ඉටු කිරීම සඳහා තමන්ගේම ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට සිදු වූ බව රුසියානු හමුදාව පවසා තිබේ.

සංචාකර කර්මාන්ය අනතුරේ දමමින් Booking.com වැනි ආයතනයකට බදු ගැසීමට කතා කිරීම මෙරට සංචාරකය ක්ෂේත්‍රය තවත් ප්‍රපාතයකට ඇද දැමීමට මුල පිරිමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.


ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.