News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)

Oct 15, 2026 at 04:54 AM
|

අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. 

ජාතික සංවිධාන එකමුතුව ඊයේ(14) දින කැඳවන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම නව සැලැස්ම සකස් කිරීමේදී මහානායක ස්වාමීන් වහන්සේලා, අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම පූජා නගරයේ ප්‍රධාන විහාරස්ථානවල වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා කිසිදු ආකාරයකින් දැනුවත් කර හෝ උන්වහන්සේලාගේ අදහස් විමසා නැති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කළේය. 

ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයකු, නාගරික සංවර්ධන අධිකාරිය සහ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර එකඟතාවකට පැමිණ මෙම සැලැස්ම අනුමැතිය සඳහා ඉන්දියානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ යුතු මූලික සමීක්ෂණයන් පවා මේ වන තෙක් නිසි ලෙස සිදු කර නොමැති බවත් හෙළි විය.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත රුපියල් බිලියන 7.7ක පමණ ප්‍රතිපාදන මුදල ලබාගැනීමේ කඩිනම් අරමුණින් යුතුව, කිසිදු නිශ්චිත සමීක්ෂණයකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඒ මහතා සඳහන් කළේය. 

මෙහිදී පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කර එහි බලතල පළාත් සභාවලට පැවරීමට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කිරීමට කටයුතු යොදා ඇති අතර, ගොවිජන සේවා සහ වැව් මැනුම් දෙපාර්තමේන්තු ඇතුළු අදාළ ආයතන 13ක නිලධාරීන් පවා මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ කරගෙන නොමැත.

මෙම සංවර්ධන සැලැස්ම යටතේ ප්‍රධාන වශයෙන් අනර්ථකාරී ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිත බව හෙළි කර තිබේ. ඒ අනුව ලෝකයේ ඓතිහාසික සිද්ධස්ථානවල වැඳුම් පිදුම් කිරීමේ අයිතිය තහවුරු කරන වෙනිස් ප්‍රඥාප්තියට පටහැනිව, රුවන්වැලි මහා සෑය වටා ආරක්ෂිත යකඩ වැටක් ඉදි කිරීමට සූදානම් වීම මඟින් මල් ආසන සහ පුදපූජා පවත්වන ස්ථාන ක්‍රමානුකූලව බැහැර කිරීමටත්, එමඟින් රුවන්වැලිසෑය වන්දනාමාන කරන පූජනීයස්ථානයක් වෙනුවට සාමාන්‍ය ස්මාරකයක් බවට පත් කිරීමටත් උත්සාහ දරයි.

එපමණක් නොව, පූජා නගරයේ වර්ග කිලෝමීටර ප්‍රමාණය දැනට පැවති 28 සිට 38 දක්වා පුළුල් කිරීමේ මුවාවෙන් අනුලා මාවත සහ සංඝතිස්ස මාවත අතර ප්‍රදේශවල පදිංචිව සිටින බෞද්ධ පවුල් 800ක පමණ ඉඩම් අහිමි කර, එම ප්‍රදේශ සංචාරක ව්‍යාපාරික කටයුතු සහ හෝටල් සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබේ. 

තවද, ඉන්දියානු "රාමායන මංපෙත" (Rama Trail) සංචාරක ව්‍යාපෘතියට අනුරාධපුර පූජා නගරය ඇතුළත් කර ඇති අතර, ජේතවනාරාමය අසල පිහිටි ඓතිහාසික කෝවිල් රාමා කෝවිල් ලෙස පරිවර්තනය කර ඉන්දියානු සංචාරකයන්ට බිලිපූජා සහ වත්පිළිවෙත් සඳහා පහසුකම් සැලසීමටත්, ඒ හරහා අනාගතයේදී බෞද්ධ ජනතාව සමඟ ගැටුම්කාරී තත්ත්වයන් ඇති වීමට පවා ඉඩකඩ පවතින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

මෙම සැලැස්ම යටතේ පූජා නගරය තුළ වෙනත් බුදුපිළිම තැබීම තහනම් කර ඇති අතර, අධිසංවේදී කලාපයක් ලෙස නම් කරමින් මහානායක ස්වාමීන් වහන්සේලාගේ හෝ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන සංවර්ධන කටයුතු සඳහා පවා නාගරික සංවර්ධන අධිකාරියේ සහ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය කර ඇත. එසේම, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරිසරයට සහ නඩත්තුවට බලපාන අයුරින් පුරාවිද්‍යා අනුමැතියකින් තොරව වැලි මළුවේ ටෙරාකොටා ගඩොල් ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් හරහා බෝධීන් වහන්සේට හානි පැමිණවීමේ කුමන්ත්‍රණයක් පවතින බවද චෝදනා කෙරිණි.

මේ සියලු කරුණු හේතුවෙන්, බෞද්ධ සභ්‍යත්වය විනාශ කරමින් සහ ජනතාවගේ වන්දනාමාන අයිතිය අහෝසි කරමින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම වහාම අකුලා ගන්නා ලෙසත්, අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද මේ සඳහා සම්පූර්ණයෙන් හවුල් කරගනිමින් නිසි අදහස් හා යෝජනා ලබා ගන්නා ලෙසත් ජාතික සංවිධාන එකමුතුව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

සවිස්තරාත්මක වීඩියෝව පහළින්..

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.
ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.
ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.
ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)

අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.