CRIB වාර්තා ගැටලුවට අයවැයෙන් විසඳුම් ඉල්ලා නාමල්ගෙන් ජනපතිට ලිපියක්..
ලබාගත් ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට ඉදිරි අයවැයෙන් කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටි.
ණය තොරතුරු කාර්යාංශය (CRIB) මගින් කිසිවෙකු ලැයිස්තුගත නොකළද, ගෙවා අවසන් කළ ණය පිළිබඳ අතීත තොරතුරු වසර 5ක් දක්වා වාර්තාවේ පවතින බැවින්, අතීතයේ ණය ගෙවීමේ අපහසුතාවලට මුහුණ දී පසුව ඒවා සම්පූර්ණයෙන් පියවූ පුද්ගලයන්ට සහ ව්යවසායකයන්ට නැවත ණය ලබාගැනීමේදී බරපතල අපහසුතාවලට මුහුණදීමට සිදුවන බවයි මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ.
මේ සඳහා මැලේසියාව වැනි රටවල පවතින ආදර්ශයන් සලකා බලමින් 2027 අයවැය මගින් පහත සඳහන් යෝජනා ක්රියාත්මක කරන ලෙසද නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව ණයක් සම්පූර්ණයෙන් පියවූ පසු වැඩකරන දින 5ක් ඇතුළත CRIB වාර්තාව යාවත්කාලීන කිරීම, ගෙවා අවසන් කළ ණය “සම්පූර්ණයෙන් පියවා අවසන් කළ” ලෙස පැහැදිලිව වාර්තාවල සඳහන් කිරීම මෙන්ම පැරණි ණය තොරතුරු පමණක් නොව, පුද්ගලයන්ගේ වර්තමාන ආදායම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව මත පදනම්ව ණය තක්සේරු කිරීමට බැංකුවලට මාර්ගෝපදේශ නිකුත් කිරීම දක්වා ඇත.
එමෙන්ම ජාත්යන්තර ආදර්ශයන් සලකා බලමින් CRIB වාර්තාවල අතීත තොරතුරු රඳවා තබාගන්නා කාලසීමාව 2027 වසර තුළ සමාලෝචනය කරන්නැයිද ඉල්ලා සිටි.
මේ අතර සියලු ණය වගකීම් පියවා ඇති කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් (MSME) සඳහා නැවත ව්යාපාර ආරම්භ කිරීමට "දෙවන අවස්ථා ණය වැඩසටහනක්" හඳුන්වා දීමද ඇතුළත්ය.
අතීතයේ ණයක් ගෙවීමට නොහැකි වූ පුද්ගලයෙකු එම ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පසු, නැවත ආර්ථිකයට දායක වීමට අවස්ථාව ලබාදීම ව්යාපාරිකයන්ට පමණක් නොව සමස්ත රටේ ආර්ථික වර්ධනයටම වැදගත් වන බැවින්, මෙම ගැටලුවට 2027 අයවැය මගින් ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසයි මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ