News Category
From Date
To Date
Maximum Number of Result

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

Oct 14, 2026 at 06:21 PM
|

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

ගෞරවනීය පූජ්‍ය තීනියාවල පාලිත හිමි, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, පූජ්‍ය අඟුලුගල්ලේ ජිනානන්ද හිමි, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් සියල්ල එක්ව විභාග කිරීම සහ මෙලෙස විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීම සිදුකරන ලද්දේ, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ ඒකමතික ඉල්ලීම පරිදිය.

අභියාචනාධිකරණ ශාලා අංක 301 හිදී සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ අදාළ පෙත්සම් සඳහා කරුණු දැක්වීම (support) සිදුකෙරිණි. එහිදී සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා මීට පෙර ඥානසාර හිමියන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගයක නිරත වී ඇති බැවින්, ඒ මහතා අදාළ විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූ අතර, නව විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලෙස විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන් එම අවස්ථාවේදීම නම් කෙරිණි.

ඒ අනුව, මෙම නඩුව නැවත කැඳවීම (mention) හෙට දින උදෑසන 9.00 ට අධිකරණ ශාලා අංක 110 හිදී සිදු කිරීමට නියමිත අතර, පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම 2026.10.21 වන දින උදෑසන 10.00 ට සිදු කිරීමට නියමිතය.

මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රසන්න ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටින ලදී.

පුරාවිද්‍යා සම්බන්ධ පෙත්සම් විභාගය කල් යයි

මේ අතර, පුරාවිද්‍යා ස්මාරක සහ රක්ෂිත ගැසට් කිරීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් නියෝගයට එරෙහිව පැවරූ පෙත්සම (CA Writ 86/2023) ද, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කුරුන්දි රක්ෂිතයේ ඉඩම් ප්‍රමාණය අඩු කිරීමට, නැගෙනහිර ජාතික උරුම කාර්ය සාධක බලකාය මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ස්ථාපනය කර තිබූ මායිම් ගල් ඉවත් කිරීමට සහ තිරියාය ගිරිහඬු සෑයට වෙන්කර ඇති ඉඩම අඩු කිරීමට ලබාදුන් නියෝගවලට එරෙහිව ගොනුකළ පෙත්සම් (CA Writ 367/23, CA Writ 410/23, CA Writ 419/23) ද විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

තවද, කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් ද (CA Writ 482/2023, CA Writ 474/2023, CA Writ 528/2023) මෙහිදී සලකා බලන ලදී.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අසාද් නවාවි මහතාගේ පුද්ගලික අපහසුතාවයක් හේතුවෙන් මෙම සියලු පුරාවිද්‍යාත්මක පෙත්සම් සඳහා කරුණු දැක්වීම (support) 2027.03.24 වන දින දක්වා කල් තබන ලදී.

මෙම පුරාවිද්‍යා සම්බන්ධ පෙත්සම්වල පෙත්සම්කරුවන් ලෙස ගෞරවනීය පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමි, ගෞරවනීය පූජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි, ලුතිතන් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ඩයස් මහතා, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා, කොමදෝරු (විශ්‍රාමික) ඉසිර කාසියවත්ත මහතා, තිලක් කරුණාරත්න මහතා, මතුගම සෙනෙවිරුවන් මහතා, අභාවප්‍රාප්ත ඒ. ආරියදාස මහතා, ජනක බෝධිනන්ද මහතා, ජගත් සුමතිපාල මහතා, පානි වෑවල මහතා ඇතුළු බෞද්ධාලෝක පදනම කටයුතු කරයි.

මෙම නඩු කටයුතු සඳහා ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ප්‍රධාන නීතිඥ මඩුල්ලක් පෙනී සිටී.

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැදගත් තීන්දු කිහිපයක් හෙළි කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.