

බටලන්ද වාර්තාව මුල් කරගෙන විවිධ පාර්ශවය විසින් එකිනෙකට පරස්පර විවිධ මතවාදී පළ කිරීම් තුළ මෙම ක්‍රියාවලියේ අවසානය කුමක් විය හැකිද යන්න පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය නැවත වටයකින් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්..

අද ආණ්ඩුව කරවන ඊනියා පුනරුද පාලකයන් රනිල් වික්‍රමසිංහ සමග එක්වී එදා සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් දිනවීමට දැඩි උත්සාහයක නිරතවූ බවත්, තමන් එකම වේදිකාවක සිටින්නේ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා සමග නොවේදැයි පුනරුද නායකයන්ට එදා නොදැනුනේ ඇයි දැයි ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කර ඇතැයි වාර්තාවේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සම මෙසේ නිෂ්ප්‍රභා කර ඇතැයි වාර්තාවේ

පැනමාවේ සහ වෙනත් ස්ථානවල පිහිටි වරායන් ඇමරිකානු වත්කම් කළමනාකරුවෙකුගේ නායකත්වයෙන් යුත් ආයෝජන කණ්ඩායමකට විකිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් හොංකොං නගරය පදනම් කරගත් සමූහ ව්‍යාපාරයක් වන CK Hutchison Holdings සමාගම විවේචනය කරමින් හොංකොං පුවත්පතක් වන Ta Kung Pao පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශන වාර්තා දෙකක් හොංකොං හි මධ්‍යම රජයේ පුවත් පත් ආයතන දෙකක් විසින් නැවත පළ කරනු ලැබීය.

2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
