News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාත්මක වන යුද අපරාධ චෝදනා සහ ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ව දඩයම් කිරීමට සිදුකරගෙන යන ක්‍රියාවලියට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(26) දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා වෙත වාර්තාවක් ලබාදීම සිදුවිය.

අභියෝග අවබෝධ කර ගැනීම සහ විසඳුම් මාර්ග සෙවීම හා ක්‍රියාත්මක කිරීම අරමුණින් පවත්වන දේශප්‍රේමී, ජාතිමාමක ජාතික සමුළුව සහ වැඩමුළුව 2025 ජූනි මස 28 වන සෙනසුරාදා එනම් හෙට දින ප.ව. 2.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 07 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බිම් මහලේ ජෙස්මින් (Jasmine) ශාලාවේ දී පැවැත්වේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

2025 ජුනි 21-22 දිනවල තුර්කියේ ජනරජයේ ඉස්තාන්බුල් හි පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 51 වන සැසිවාරයෙන් පසුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කළේය. මෙම ප්‍රකාශනයේ දී, සියොන්වාදී පාලනය විසින් ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව කරන ලද ආක්‍රමණය දැඩි ලෙස හෙළා දැක තිබේ. පහත පල වන්නේ එම ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි..

2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීම සඳහා ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය වෙනුවට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හෝ වෙනත් මහේස්ත්‍රාත්වරියක පත් කරන ලෙසට රවී සෙනෙවිරත්න මහතාගේ නීතිඥවරයා ඊයේ(25) අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එයාර්බස් සමාගම විචිටා නගරයේ පිහිටි එම සමාගමේ ඉංජිනේරු අංශයේ සේවයේ නියුතු ඉංජිනේරුවරියන් ඇගයීමට ලක්කර තිබේ.

2009 ත්‍රස්තවාදය පරාජය කළ දා සිට මේ වන තුරු එල්ටීටීඊ ත්‍රස්තවාදී සිද්ධියක් මෙරට තුළ සිදු නොවූ බවත්, සංහිඳියාව වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙල ඉතා සාර්ථක ලෙස රට තුළ සිදුවී ඇති බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවත්, සාමකාමී න්‍යෂ්ඨික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉරානයට නීත්‍යානුකූල අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ධගරියන් මහතා පවසයි.

මාලිමාව වෙනුවෙන් විශ්‍රාමික පොලිස් සාමුහිකය නියෝජනය කරමින් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ගොස් දේශපාලන මාධ්‍ය හමු පැවැත්වූ සහ මාලිමාව දිනවන්න යැයි දේශපාලන වේදිකාවල කතා කළ ශානි අබේසේකරට පොලිස් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ධුරය ලබාදුන් බවත්, එබැවින් පොලිසිය නිර්දේශපාලනික වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ඉකුත්දා ප්‍රශ්න කිරීමක් සිදුකළේය.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.