පොහොර ආනයනය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක් ගැන ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් හෙළිකරයි..
පොහොර ආනයනය සහ සැපයුම් ජාලය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක් සූක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස්කර ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා හෙළි කරයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම රටට අවශ්‍ය පොහොර තොග ආනයනය කර රටපුරා බෙදා හැරීම සිදු කළ බවත් ඉදිරි මාස් කන්නය සඳහා මෙතෙක් පොහොර ආනයනය කිරීමට ආණ්ඩුව මෙතෙක් අවසර නොදීම මෙම ආයතන වසා දැමීමේ කූට සැලැස්මේ මූලික පියවර දැයි ප්‍රශ්න කරන බවත් හෙතෙම කීවේය.
පොහොර ආනයනය තෝරාගත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට දී ආණ්ඩුව අතපිහදා ගැනීම සමස්ත ගොවීන් කබලෙන් ළිපට ඇද දැමීමක් බවත් පොහොර ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පැවැරීම මෙරට මිල පාලනයෙන් ගිලිහී ගොවිතැන වළපල්ලට ඇදදැමීමේ ප්‍රයත්නයක් බවත් හෙතෙම කීවේය.
යූරියා මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකන් ඩොලර් 280-300 පමණ වන බවද වර්තමානයේ මෙරට වෙළෙඳපළේ යූරියා කිලෝ 50ක් රුපියල් 10000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද හෙතෙම පැවැසීය. පොහොර ආනයනය, සැපයුම් ජාලය පෞද්ගලීකරණයෙන් පොහොර මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට ද හෙතෙම අනතුරු අඟවයි.
වාර්ෂිකව මාස් කන්නයේදී හෙක්ටයාර් 850000 ද, යල කන්නයේ හෙක්ටයාර් 450000 ක ද වී වගා කෙරෙන අතර අක්කර ලක්ෂයක එළවළු වගාව සුළු, මධ්‍යම සහ මහා පරිමාණ මට්ටමින් සිදු කෙරෙයි. ගොවි පවුල් විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් වී, එළවළු වගා කරන බව පැවැසූ අනුරාධ තෙන්නකෝන් මහතා “පොහොර ඒකාධිකාරය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ රහසිගත සැලැස්ම පරාජය කිරීමට සමස්ත ගොවීන් එක් රොක් වනවා” යැයි ද කීවේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..