‘ලිබියාවෙන් අල්ලස් ගැනිමේ’ නඩුව විභාගයෙන් පසු හිටපු ප්‍රංශ ජනාධිපති සාකෝසිට වසර පහක සිර දඬුවම්!
ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් ලබා ගැනීමේ චෝදනවා විභාග කළ පැරිස් අධිකරණයක් විසින් අපරාධ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසු හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. නූතන ප්‍රංශ ඉතිහාසයේ හිටපු රාජ්‍ය නායකයෙකු සිරගත කරන ලද පළමු අවස්ථාව මෙය බව දේශපාලන විචාරකයෝ පවසති.
2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති වූ සාකෝසි, 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ගඩාෆිගෙන් රහසිගත ලෙස ප්‍රතිලාභ ලැබූ බව නිගමනය කළ විනිසිරුවරු ඔහු අභියාචනයක් ඉදිරිපත් කළද ඔහුගේ දඬුවම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස පසුගිය 25 වනදා විනිසුරුවරු තීන්දු කළහ.
ලිබියාව විනාශ කළ කුරිරු යුද්ධය මධ්‍යයේ, ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් තම පියා සාකෝසිගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යුරෝ මිලියන 50 ක් (ඩොලර් මිලියන 54.3 ක්) ලබා දුන් බවට ප්‍රකාශ කිරිම හේතුවෙන් නිකොලස් සාකෝසිට එර්හිව අධිකරණ කටයුතු 2011 දී ආරම්භ කෙරුණි.
2011 ඔක්තෝම්බර් මාසයේදී ගඩාෆිගේ ම්ලේච්ඡ ඝාතනයට තුඩු දුන් ලිබියාවේ නේටෝ සහාය ලත් පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධයේ පෙරමුණේ සිටියේ එවකට ප්‍රංශ ජනාධිපතිවරයාය. නැගී එන කැරලිකාර කණ්ඩායම්වලට සහාය දැක්වීම සඳහා සාකෝසි බෙන්ගාසි හිදි පෙනී සිටීමෙන් පසුව මුදා හරින ලද යුද්ධය, ජිහාඩ්වාදීන් දහස් ගණනක් ලිබියාව තුළට ඇතුල්වීමට අවකාශ සැලැස්වීය. ලිබියානු ගුවන පියාසර තහනම් කලාපයක්ලෙස නම් කළ අතර, අද දක්වා ලිබියාවේ ආර්ථිකය විනාශ කරමින් තිබෙන අතර, දකුණු යුරෝපයට සංක්‍රමණික 'දුක්ඛිත කොරිඩෝවක්' විවෘත කිරීමට කටයුතු කර තිබේ.
2012 දී, ලෙබනන් ව්‍යාපාරික සියාඩ් ටකීඩීන් චෝදනා කළේ ඔහු 2006 දී ට්‍රිපොලි සිට පැරිසියට යුරෝ මිලියන 5 ක් ප්‍රවාහනය කළ බවයි. එහෙත් පසුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය.කෙසේ වුවද ප්‍රංශ පොලිසිය 2013 දී සාකෝඉට එරෙහිව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළේය.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාව සිටියදී, සර්කෝසි ලිබියාව ජාත්‍යන්තර දේශපාලනයට නැවත ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රචාරක අරමුදල් සඳහා ගඩාෆි සමඟ ගිවිසුමක් ඇති කර ගත් බව පැමිණිල්ල මෙහෙයවන්නන් චෝදනා කළහ. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ද මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය.
කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකෝසි වරදකරු බව තීරණය කළ ප්‍රංශ අධිකරණය දූෂණය, නීති විරෝධී මැතිවරණ අරමුදල් සැපයීම සහ සොරකම් කළ මුදල් සැඟවීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු නොවන බව තීරණය කළේය. තම විත්ති වාචකය ඉදිරිපත් කරමින් චෝදනා ව්‍යාජ බවත්, ගඩාෆිගේ කණ්ඩායම විසින් කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවත් සාකෝසි පැවසීය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ බොරුකාරයින් සහ අපරාධකරුවන් ලෙසයි.
ජනාධිපති මුක්තිය ලබා ගැනීමට පෙර, 2005 සහ 2007 අතර කුමන්ත්‍රණය සිදු වූ බව අධිකරණය තීන්දු කළේය.
සාකෝසිට එරෙහිව 2021 දී එල්ලවූ දූෂණ සහ බලපෑම්-අනවසරයෙන් ඇතුළුවීමේ වරද 2024 දෙසැම්බර් මාසයේදී, ප්‍රංශයේ ඉහළම අධිකරණය, තහවුරු කළ අතර, වසරක කාලයක් සඳහා විද්‍යුත් ටැගයක් පැළඳීමට ඔහුට නියෝග කළේය. 2012 නැවත තේරී පත්වීමේ උත්සාහයට සම්බන්ධ නීති විරෝධී මැතිවරණ මූල්‍යකරණය සම්බන්ධයෙන් ද ඔහුට දඬුවම් නියම වූ හෙයින් ඔහුට නිවාස අඩස්සියේ කාලය ගත කිරීමට සිදු විය.
ඔහුට පිරිනමා තිබූ ලෙජියන් ඔෆ් ඔනර් සම්මානය 2025 මුලදී ආපසු කැඳවනු ලැබිණි.
Sarkozy sentenced to five years after ‘Libya cash’ trial
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..