‘ජනපති-මැති- ඇමති වරප්‍රසාද පිළිබඳ ‘චිත්‍රසිරි කමිටුවේ’ නිර්දේශ දෙන්න බෑ’- ජනපති කාර්යාලය
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ හා හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීමට පත්කළ “චිත්‍රසිරි කමිටුවේ“ නිර්දේශ ලබා දීම ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම කමිටුවේ නිර්දේශ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු අවසන් නැති බවත් ඒ අනුව කමිටු නිර්දේශ ලබාදීමෙන් අගතියක් සිදුවිය හැකි බවත් ජනාධිපති කාර්යාලය දන්වා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුපට අදාළ “චිත්‍රසිරි වාර්තාවේ“ නිර්දේශ ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.
ප්‍රේමසිරි මානගේ පසුගිය අගෝස්තු 08 වන දා ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්ද්‍රජිත් මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති කාර්යාලයේ තීරණය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 31 වගන්තිය යටතේ දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ද ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කළේ චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශ ඉල්ලා ජනාධිපති කාර්යාලය වෙත අවස්ථා 03කදී ලිපි යොමුකළ බවයි.
හිටපු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි නොකරන ලෙසට “චිත්‍රසිරි කමිටුව“ නිර්දේශ කර ඇතැයි තමන්ට නිලනොලත් ආකාරයට දැනගැනීමට ලැබුණු බව ද ඔහු කීවේය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..