News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු මහා සංඝරත්නය බොහෝ පිරිසක් සහභාගී විය.

වෛද්‍යවරුන් 957 දෙනකු වසරකදී ( 2022.8.30 සිට මේ වසරේ අගෝස්තු 30 දක්වා) සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා කමිටුව) පැවසීය.

අඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මසකට වැඩි කාලයකින් කල් යනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


ප්‍රධාන පුවත්

මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)

ඇතමුන් රාජපක්ෂලාට සමාව දිය යුතු යැයි පවසන බවත්, එහෙත් තමන්ට එසේ සමාවක් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ සාධාරණත්වය පමණක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..

අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රියන්සි අර්සකුලරත්නගේ (PC) සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද බව එම අමාත්‍යාංශය නිවේදනය කරනු ලබනවා.

‘මමයි දෙවන එමීර්වරයා’..- පාස්කු සංහාරය ගැන නවුෆර්, FBI වෙත සියල්ල හෙළිකරයි..

2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය (ISIS) යේ ලංකාවේ පිහිටුවා තිබු තිප්පොලෙහි ප්‍රධාන නායකයෙකු වන මොහොමඩ් නවුෆර්, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. සමඟ කළ සම්මුඛ සාකච්ඡා කිහිපයකින්, මාරාන්තික ත්‍රස්තවාදී ක්‍රියාව ක්‍රියාත්මක කිරීමට හේතු වූ ව්‍යුහය, සැලසුම් කිරීම, පුහුණුව සහ ඉගැන්වීම හෙළිදරව් කළ ආකාරය එෆ්.බී.අයි. වර්තාව උපුටා දක්වමින් ශ්‍රීලංකා ගාඩියන් වර්තා කර ඇත.

ඩග්ලස් පීරිස් ඉන්න තැන මම දන්නවා... ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ටිල්වින්ලා ලැජ්ජා වියයුතුයි - ඉන්ද්‍රානන්ද සිල්වා...(වීඩියෝ)

ඇප කොන්දේසි කඩකර ස්විට්සර්ලන්තයට පළාගිය පුද්ගලයකු වන හිටපු පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් සිටිනා තැන පෙන්වීමට තමන් හෙට ජවිපෙ පැලවත්ත මූලස්ථානයට වුවද පැමැණෙන බවත්, ඩග්ලස් පීරිස් නමැති පුද්ගලයාට මෙසේ සිටිය නොහැකි බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගතකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පවසයි.

වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන

ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා අද(11) පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.