News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්, කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් 40%ක් විකිණීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවයි.

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලිකත්වයෙන් ඊයේ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් අදහස් දක්වා තිබේ.

කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ අනුව දිවයිනේ සියලුම පාසල්වල 10වන ශ්‍රෙණියද ඇතුළුව13වන ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රීණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් මස 08 වන දින සිට ආරම්භ කරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඩේලි මිරර් පුවත්පත පවසන ආකාරයට ආන්දෝලනයට තුඩු දී තිබෙන චීනයෙන් මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පිට කෝට්ටේ සෝලිස් ශාලාවේ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර්ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසයේ ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බවයි.

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා භාවිත කළ තාවකාලික අට්ටාලය පොලීසිය පසුගිය 26 දා ඉවත් කරණු ලැබීය.

අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගය සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන අය විසින් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට


ප්‍රධාන පුවත්

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය

"සෞභාග්‍යමත් රටක් සහ සුන්දර ජීවිතයක්" අපේක්ෂා කරන ජාතික ජන බලය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි

ඉදිරි ආරක්ෂක වලල්ල අසල පිහිටි යුක් රේනයේ නගරයක් වන සුමි නගරයේ පැවැති යුක්රේන හමුදාවේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා පෙළ ගැසී සිටි යුක්රේන හමුදා වෙත රුසියානු මිශයිල මගින් පහර දී ඇති බව යුක්රේන නීති සම්පාදකවරියක් වන ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකා මරියානා බෙසුග්ලායා පැවසීය.

මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)

ඇතමුන් රාජපක්ෂලාට සමාව දිය යුතු යැයි පවසන බවත්, එහෙත් තමන්ට එසේ සමාවක් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ සාධාරණත්වය පමණක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..

අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.