News Category
From Date
To Date
Maximum Number of Result

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය ඊයේ (13) දිනයට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව එතුමන්ගේ උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම සිදුවිය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට 2021 වසරේ මාර්තු මස 17 වන දින දක්වා වූ කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සහභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරණු ලැබීය.

වර්ණ මාධ්‍ය චැනලයට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරනු ලබන පැහැදිලි කිරීම සත්‍යයක් වුවත් ඊට වඩා තවත් සත්‍යයක් තිබෙන බව ය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මේ මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය දිවයිනට පැමිණ තිබේ.

“ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා….”

භාන්ඩ මිල වෙලඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම නැවත වතාවක් කෘතිමව පාලනය කිරීමට ගියහොත් අධි උද්ධමනයක් ඇති විය හැක.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ (08) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා සිට ආරම්භ කිරීමට පළාත් ආණ්ඩුකාරවරු විසින් තීරණය කර තිබෙනවා.


ප්‍රධාන පුවත්

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය

"සෞභාග්‍යමත් රටක් සහ සුන්දර ජීවිතයක්" අපේක්ෂා කරන ජාතික ජන බලය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි

ඉදිරි ආරක්ෂක වලල්ල අසල පිහිටි යුක් රේනයේ නගරයක් වන සුමි නගරයේ පැවැති යුක්රේන හමුදාවේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා පෙළ ගැසී සිටි යුක්රේන හමුදා වෙත රුසියානු මිශයිල මගින් පහර දී ඇති බව යුක්රේන නීති සම්පාදකවරියක් වන ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකා මරියානා බෙසුග්ලායා පැවසීය.

මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)

ඇතමුන් රාජපක්ෂලාට සමාව දිය යුතු යැයි පවසන බවත්, එහෙත් තමන්ට එසේ සමාවක් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ සාධාරණත්වය පමණක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..

අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.