News Category
From Date
To Date
Maximum Number of Result

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසයි.

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඩෙංගු වැනි වසංගත රෝග මර්දනය කිරීම සඳහා හුදෙක් පරිසරය පවිත්‍ර කිරීමට පමණක් සීමා නොවී, ඊට වඩා බෙහෙවින් පුළුල් හා විද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව මතුව ඇතැයි දේශීය වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පර්යේෂකයෙකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින්, ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිදුවූ වෙළඳ නෞකා ප්‍රහාරත් සමඟ දෙරට අතර පැවති බිඳෙනසුලු සටන් විරාමය අවසන් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කවර පාර්ශවයකින් මතු වුව ද, සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

කරච්චි වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් පැය 12කට පසුව සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින් රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව බිඳගෙන පලායෑම වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවට වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.


ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.