News Category
From Date
To Date
Maximum Number of Result

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ ඛේදනීය සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ජවිපෙ විපක්ෂයේ සිටින සමයේ කිසිම අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි, හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බවත් ඡන්දෙන් එන ඕනම මන්ත්‍රී කෙනෙකුට ගරු කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පැරිල්ලා විසින් ඇමරිකා එක්සත් ජනපදය විසින් "බහුමාන සහ සාම්ප්‍රදායික නොවන යුද්ධයක්" දියත් කරන බවට චෝදනා කරන අතර, එය පසුගිය මාස හතක කාලය තුළ ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිර කිරීම දක්වා උග්‍ර වී ඇති බව ද පවසයි.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාව දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) ප්‍රතික්ෂේප කළේය.

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දැඩි නොසන්සුන්කාරී වාතාවරණය සහ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ ඉහළින් නිසි නියෝග ලැබුණේ නම් තත්ත්වය මීට වඩා කඩිනමින් සහ සාර්ථකව පාලනය කිරීමට හැකියාව තිබූ බවයි.


ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.